ඕල්කට් ක්‍රිකට් ආදි සිසු කුසලානයත් ගාල්ල මහින්දයට

701

ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට් වියතාණන් විසින් මෙරට ස්ථාපිත කරන ලද පාසල් අතුරින් කිහිපයක් එකතුව එතුමන්ට ගෞරව කිරීම පිණිස නිර්මාණය කර ගත් කමිටුවක් මගින් සංවිධානය කරනු ලබන ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට් අනුස්මරණ ක්‍රිකට් තරගාවලියේ 2017 වසරේ ශූරයන් වීමට ගාල්ල මහින්ද විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

ඕල්කට් සය සාමාජික කුසලානය ගාල්ලට

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බෞද්ධ පාසල් අතර පැවැත්වෙන ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට් අනුස්මරණ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ……

මෙවර අනුස්මරණයේ දී වර්තමාන සිසුන් අතර තරගාවලියේ දී මෙන්ම ආදි සිසුන් අතර තරගයේ දී ද ශූරතා දිනා ගත්තේ මහින්ද විද්‍යාලයීය ක්‍රීඩකයෝ විසින් වීම විශේෂත්වයකි.

18 වැනි වරටත් පැවති මෙවර තරගාවලියේ සත්කාරක කණ්ඩායම වූයේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයයි. කලාකාමී සේ ම ක්‍රීඩාශීලී නගරයක් වූ අම්බලන්ගොඩ නගරයේ වූ එකම ක්‍රීඩාංගණය අත්තනෝමතික තීරණ මත නවීකරණයට යොමුකර වසර දෙකකට වැඩි කාලයක් එකම මට්ටමේ තබා ගැනීම හේතුවෙන් ධර්මාශෝක විද්‍යාලයට සිදු වූයේ තරගාවලිය ආසන්නතම නගරය වූ බලපිටියේ පිහිටි ගුරු අභ්‍යාස විද්‍යාලයීය ක්‍රීඩාංගණයට ගෙන යෑමට ය.

තරගාවලිය සඳහා සහභාගී වූ ආදි ශිෂ්‍ය කණ්ඩායම් අටෙහි මෙවර නායකත්වය, සත්කාරක අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය කණ්ඩායම වෙනුවෙන් සමන් මොහාන්, ගාල්ල මහින්ද විද්‍යාලය වෙනුවෙන් දුමින්ද වික්‍රමසිංහ, කොළඹ ආනන්ද විද්‍යාලය වෙනුවෙන් තිළිණ කණ්ඩම්බි, මහනුවර ධර්මරාජ විද්‍යාලය වෙනුවෙන් පාලිත ජයසුන්දර, කුරුණෑගල මලියදේව විද්‍යාලය වෙනුවෙන් රංජිත් මධුරසිංහ, මාතර රාහුල විද්‍යාලය වෙනුවෙන් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය වෙනුවෙන් ගාමිණි පෙරේරා සහ කොළඹ නාලන්ද විද්‍යාලය වෙනුවෙන් මහේන්ද්‍ර අමරසිංහ යන අය දැරූහ.

තරගාවලිය පැවතියේ ලීග් ක්‍රමයට ය. ඒ අනුව A කාණ්ඩයෙන් මහින්ද විද්‍යාලය, ධර්මරාජ විද්‍යාලය, ආනන්ද විද්‍යාලය සහ මලියදේව විද්‍යාලය ද, B කාණ්ඩයෙන් ධර්මරාජ විද්‍යාලය, නාලන්ද විද්‍යාලය, ධර්මරාජ විද්‍යාලය සහ රාහුල විද්‍යාලය තරග වැදුණි.

තරගාවලියේ කාණ්ඩ දෙක යටතේ අපරාජිතව ඉදිරියට පැමිණි ගාල්ල මහින්ද විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය අවසන් මහා තරගය සුදුසුකම් ලැබුවේය. ඒ අනුව පැවති අවසන් තරගයෙන් ලකුණු 46ක ජයක් ලබා ගැනීමට ගාල්ල මහින්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය කණ්ඩායම සමත් විය.

හතරේ පහර 11යි, හයේ පහර 5යි; කුසල්ගෙන් දැවැන්ත ශතකයක්

දේශීය ක්‍රිකට් පිටිය අසිරිමත් සිදුවීම් රැසකින් පිරී ගිය අද (17) දිනයේ ප්‍රිමියර් ලීග් තරගාවලියේ A කාණ්ඩය යටතේ………

පළමුවෙන් පන්දුවට පහර දුන් මහින්ද විද්‍යාලයයි ආදි ශිෂ්‍ය ක්‍රීඩකයෝ තම පන්දුවාර 8 දී කඩුලු 5ක් දැවී ලකුණු 120ක් ලබා ගත් අතර ප්‍රතිවාදී ධර්මරාජ ආදි ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ ලකුණු කඩුලු 4ක් දැවි ලකුණු 76ක් පමණි.

තරගයේ ජය සංකේත ප්‍රදානය ධර්මාශෝක විද්‍යාලයීය කීර්තිමත් ආදි ශිෂ්‍ය නෙස්ලේ ලංකා සමාගමේ උප සභාපති බන්දුල එගොඩගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එහි දී තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙසින් මහින්ද විද්‍යාලයේ තරංග මහඹරගේ ද දක්ෂතම පිතිකරු ලෙසින් ධර්මරාජ විද්‍යාලයේ වරුණ හේරත් ද තරගාවලියේ වීරයා ලෙසින් මහින්ද විද්‍යාලයේ නලින් විජේසිංහ සම්මාන ලැබූහ.

අවසන් තරගයේ තරග ප්‍රතිඵලය

මහින්ද විද්‍යාලය; කඩුලු 5ක් දැවී 120 (8.0) නලින් විජේසිංහ නොදැවී 33, අසේල වේවැල්වල 27, වරුණ හේරත් 25/2

ධර්මරාජ විද්‍යාලය; කඩුලු 4ක් දැවී 76 (8.0) තනූජ ගොඩේවත්ත 25, තරංග මහඹරගේ 2/16

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න