සාන්ත ඇලෝසියස් හා ඩී. එස්. සේනානායක ඉදිරියෙන්

249

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (17) කොළඹ දී හා ගාල්ල දී පැවැත්විය.

ඇෆ්ගන් ක්‍රීඩකයෝ පළමු පන්දුවට පහර දීම තෝරා ගනී

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය වෙනුවෙන් අද (17) අබුඩාබි…

ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය හා කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය

ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පැවති මේ තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් සාන්ත මරියා විද්‍යාලය පළමුව පන්දු රකින ලදි.

සාන්ත ඇලෝසියස් විද්‍යාලයේ චතුර ප්‍රභාත් සිය විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත් වූයේ ලකුණු 53ක් රැස්කර ගනිමිනි. දකුණතින් පිත්ත හසුරුවන සංදීප චමෝද් ලකුණු 46ක් ලබා සිටිය දී දැවී ගියේ අර්ධ ශතකය පෙනෙන මානයේ තිබිය දී ය.

කෙසේ නමුත් මනුෂ්ක සමිත් හා ඔමාල් සංදීප පිළිවෙළින් ලකුණු 32ක් හා ලකුණු 31ක් ලබා ගන්නා ලදි. සාන්ත මරියා විද්‍යාලය වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඉශාන් වීරසූරිය කඩුලු 6ක් දවා ගනිමින් දස්කම් දැක්විය.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 248ට පිළිතුරු ලෙස සිය පිළිතුරු පළමු ඉනිම දියත් කළ සාන්ත මරියා විද්‍යාලය තරගයේ පළමු දිනය අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 46ක් ලබාගෙන සිටියි.

සාන්ත ඇලෝසියස් විද්‍යාල පළමු ඉනිම – 248 (73.1): චතුර ප්‍රභාත් 53, සංදීප චමෝද් 46, මනුෂ්ක සමිත් 32, ඔමාල් සංදීප 31, රවිඳු කාංචන 20, ඉශාන් වීරසූරිය 6/93.

සාන්ත මරියා විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 46/6 (19):

මුන්රෝ හා මැකලම් අවසන් තරගය සැණකෙළියක් කරයි

6 වන වරටත් පැවති කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී…


ඉසිපතන  විද්‍යාලය හා ඩී. එස්. සේනානායක විද්‍යාලය

තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉසිපතන විද්‍යාලය එක් කඩුල්ලක් දැවී ලකුණු 9යි.

කාසියේ වාසිය දිනා ගෙන කෝල්ට්ස් තණතීරුව මත පළමුව පන්දු යැවූ ඉසිපතන විද්‍යාලයට එරෙහිව ඩී. එස්. සේනානායක විද්‍යාලය කඩුලු 7ක් දැවී ලකුණු 281ක් ලබාගෙන සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේය. ශෙරොන් බස්කරන්, අයන්ත සවිඳු හා මනේන්ද්‍ර ජයතිලක යන ක්‍රීඩකයින් අර්ධ ශතක ලබාගෙන ඩී. එස්. පළමු ඉනිම සවිමත් කරන ලදි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ශෙරොන් බස්කරන් ලකුණු 62යි.

ඩී. එස්. සේනානායක විද්‍යාල පළමු ඉනිම – 281/7 (62.3): ශෙරොන් බස්කරන් 62, අයන්ත සවිඳු 59,මනේන්ද්‍ර ජයතිලක 50, මුදිත ලක්ෂාන් 46, පසිඳු ආධිත්‍ය 42, මධුෂික සඳරුවන් 3/96, රවිඳු රත්නායක 2/23

ඉසිපතන විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 9/1 (2): 

මේ තරග සියල්ලම හෙට (18) දෙවන දිනයටත් පැවැත්වෙනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<