Home Sinhala දඟපන්දු යවන්නෝ කළණ පෙරේරාගේ රැස් බාල කරයි

දඟපන්දු යවන්නෝ කළණ පෙරේරාගේ රැස් බාල කරයි

497

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර පැවැත්වෙන 140 වැනි නිල් මහා සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ පළමු දිනයේ දී දෙවිදුහල් හී කඩුලු 16ක් අහිමි කර ගත් අතර ඉන් වැඩි කඩුලු ප්‍රමාණයක හිමිකාරිත්වය දඟපන්දු යවන්නෝ සතු කර ගත්හ.

140 වැනි රාජකීය – සාන්ත තෝමස් ගැටුමට පෙර

ලොව පැරණිතම වාර්ෂික පාසල් මහා ක්‍රිකට් තරග අතර දෙවැනි ස්ථානය හිමි….

පළමුවෙන් පන්දුවට පහර දුන් රාජකීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට රැස් කළේ සියලුම දෙනා දැවී ලකුණු158ක් පමණි. ඊට පිළිතුරු ලෙසින් පළමු දිනය අවසන් වෙද්දී සාන්ත තෝමස් ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු158ක් ලබා සිටිය හ.

කාසියේ වාසිය දිනූ රාජකීය විද්‍යාලයීය නායක කවිඳු මදාරසිංහගේ තීරණය වූයේ දිනූ කාසියේ වාසිය ද සමගින් පිතිකරුවන්ට වඩාත් වාසි සහගත යැයි සැලකෙන එස්. එස්. සී. තණතිල්ලේ පළමුවෙන් පන්දුවට පහර දී එහි වාසිය ගැනීමට ය. නමුත් එකී බලාපොරොත්තුව පළමු පන්දුවාරයේ දී ම විනාශ කර දැමීමට සාන්ත තෝමසුවන්ගේ ආරම්භක වමතින් වේග පන්දු යැවූ කළණ පෙරේරා සමත් විය.

ඔහු රාජකීය ඉනිමේ කඩුලු 6ක් ලකුණු 54කට දවා ගනිමින් රාජකීයයන්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූයේ ඔවුන්ගේ සියලු සැලසුම් ද දියාරු කරමිනි.

දිවා විවේකය සඳහා තරගය නතර කරන විට රාජකීය ඉනිම කඩුලු 5ක් දැවී ලකුණු 87ක් වූ අතර දැවී ගිය කඩුලු 5න් කඩුලු 4ක් ම දවා ගත්තේ කළණ පෙරේරා ය. ඒ වෙද්දී ඉසිවර දිසානායක (0), අශාන් වික්‍රමසිංහ (15), පසිඳු සූරියබණ්ඩාර (2), නායක කවිඳු මදාරසිංහ (11) සහ භාග්‍ය දිසානායක (12) තම ඉනිම් අතහැර ගොස් තිබුණි.

අවස්ථා පැහැර හරින ක්‍රීඩකයින්ට මාලිංගගෙන් ටොක්කක්!

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවැනි එක්දින තරගයත් ඊයේ (06) සෙන්චූරියන් හිදී….

රාජකීය  ඉනිමේ කැපී පෙණෙන පිතිකරු වූයේ වමත් පිතිකරු කමිල් මිෂාර ය. ඔහු පන්දු 73කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 36ක් ලබා ගත්තේ ය.

කඩුලු 7ක් දැවී ලකුණු 87ක් ව තිබිය දී රාජකීය ගෞරවය බේරා ගැනීමට සාන්ත තෝමසුවන් සමඟ හරි හරියට සටනට පිවිසියේ කවිඳු පතිරත්න සහ කෞෂාන් කුලසූරිය ය. ඔවුන් දෙදෙනා එක්ව 8 වැනි කඩුල්ලට ලකුණු 65ක සබඳතාවක් එක් කළහ. ඒ පන්දු 108කට මුහුණ දෙමිනි. කවිඳු පතිරත්න පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 35ක් ලබා සිටිය දී කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වෙමින් එම කඩුල්ලේ සබඳතාවට තිත තැබුවේ ය.

එම දැවී යෑමෙන් අනතුරු ව යැවුණ 6 වැනි පන්දුවේ දී කෞෂාන් කුලසූරිය ද තම ඉනිම අහිමි කර ගත්තේ ය. ඒ වෙද්දී ඔහු පන්දු 49කට මුහුණ දී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 28ක් ලබා සිටියේ ය.

>>පළමු දිනයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

තිතිර වීරසිංහ (0), ලහිරු මධුශංක (6*) සහ ගිශාන් බාලසූරිය (0) ගේ ඉනිම් ද අඩු ලකුණුවලට සීමා විය. රාජකීය ඉනිම අවසන් වෙන විට කළණ පෙරේරාට අමතර ව වමතින් දඟපන්දු යවන ෂැනොන් ප්‍රනාන්දු ලකුණු 27කට කඩුලු 4ක් දවා ගත්තේ ය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි තෝමසුවන්ගේ ආරම්භක කඩුලු 2 ද අඩු ලකුණු ප්‍රමාණයකට සීමා විය. ශලින් ද මෙල් (21) සහ නායක සිතාර හපුහින්න (14) ඉනිම් හැර යද්දී සාන්ත තෝමස් ඉනිම ගොඩනැගුවේ රයන් ප්‍රනාන්දු සහ යොහාන් පෙරේරා ය. ඔවුන් දෙදෙනා තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 97ක සබඳතාවක් ගොඩ නැගූහ. රයන් ප්‍රනාන්දු දවසේ වාර්තා කළ එකම හයේ පහර ද එල්ල කරමින් පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් ද සමඟින් ලකුණු 60ක් ලබා ගත්තේ ය.

දෝනි ශ්‍රී ලංකාවේ ඇමතිවරයෙකු වූවා නම් …

මහේන්ද්‍ර සිං දෝනි, ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් නොව ලෝක ක්‍රිකට්…

ඔහුගේ දැවී යෑමෙන් අනතුරුව යොහාන් පෙරේරා ගල්කිස්ස ක්‍රීඩකයන්ගේ බර කරට ගත්ත ද ඔහු අර්ධ ශතකයට ලකුණක් මෙපිට සිටිය දී ප්‍රතිවාදී නායක කවිඳු මදාරසිංහ අතට උඩ පන්දුවක් ලබා දෙමින් ගිෂාන් බාලසූරියගේ පන්දුවකට දැවී ගියේය. ඔහුගේ ඉනිමට පන්දු 88ක් වැයව තිබූ අතර ඉනිමේ හතරේ පහර 4ක් රැඳී තිබුණි.

තරගය අවසන් වෙද්දී රවිඳු ද සිල්වා සහ ඩිල්මින් රත්නායක කිසිදු ලකුණක් නොලබා නොදැවී පිටියේ රැඳී සිටි අතර අද තරගයේ දී කිශාන් මුණසිංහ (8) සහ ඩෙලොන් පීරිස් (4) ට ද කණ්ඩායම වෙනුවෙන් වැඩි යමක් කිරීමට ප්‍රතිවාදීන් ඉඩ දුන්නේ නැත.

පන්දු යැවීමේ දී දකුණතින් දඟපන්දු යැවූ කමිල් මිෂාර ලකුණු 32 කට කඩුලු 3ක් ද, වමතින් දඟපන්දු යැවූ ගිෂාන් බාලසූරිය ලකුණු 32කට කඩුලු 2ක් ද දවා ගෙන සිටිය හ.

හෙට (8) තරගයේ දෙවැනි දිනයයි. හෙටත් තරගය සජීව ලෙස ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


S. Thomas’ College
296/10 (78.5) & 124/3 (20)

Royal College
158/10 (48.3) & 259/10 (108.2)

Batsmen R B 4s 6s SR
Isiwara Dissanayake b Kalana Perera 0 4 0 0 0.00
Kamil Mishara c Shalin De Mel b Shannon Fernando 36 87 6 0 41.38
Ahan Sanchitha lbw b Kalana Perera 15 27 2 0 55.56
Pasindu Sooriyabandara c Shalin De Mel b Kalana Perera 2 5 0 0 40.00
Kavindu Madarasinghe c Shalin De Mel b Shannon Fernando 11 27 2 0 40.74
Bagya Dissanayake c Dellon Peiris b Kalana Perera 12 20 2 0 60.00
Tithira Weerasinghe lbw b Kalana Perera 0 3 0 0 0.00
Kavindu Pathirathne lbw b Kalana Perera 35 61 7 0 57.38
Kaushan Kulasooriya c Shalin De Mel b Shannon Fernando 28 47 5 0 59.57
Lahiru Madushanka not out 6 7 1 0 85.71
Gishan Balasuriya c Shalin De Mel b Shannon Fernando 0 6 0 0 0.00


Extras 13 (b 4 , lb 4 , nb 4, w 1, pen 0)
Total 158/10 (48.3 Overs, RR: 3.26)
Bowling O M R W Econ
Kalana Perera 14 4 54 6 3.86
Shalin De Mel 3 0 12 0 4.00
Kishan Munasinghe 6 1 21 0 3.50
Yohan Perera 1 0 2 0 2.00
Shannon Fernando 15.3 8 27 4 1.76
Dellon Peiris 5 1 18 0 3.60
Dilmin Rathnayake 4 1 16 0 4.00
Batsmen R B 4s 6s SR
Sithara Hapuinna c Kaushan Kulasooriya b Kamil Mishara 14 13 3 0 107.69
Shalin De Mel lbw b Kavindu Pathirathna 21 18 5 0 116.67
Ryan Fernando c & b Kamil Mishara 60 66 9 1 90.91
Yohan Perera c Kavindu Madarasinghe b Gishan Balasuriya 49 90 8 0 54.44
Kishan Munasinghe b Kamil Mishara 8 18 1 0 44.44
Dellon Peiris b Gishan Balasuriya 4 16 0 0 25.00
Ravindu De Silva b Lahiru Madushanka 2 23 0 0 8.70
Dilmin Rathnayake c Kavindu Madarasinghe b Kavindu Pathirathne 3 29 0 0 10.34
Umayanga Suwaris run out (Kavindu Madarasinghe) 62 109 9 0 56.88
Kalana Perera c Kaushan Kulasooriya b Kavindu Pathirathne 62 59 9 1 105.08
Shannon Fernando not out 5 32 0 0 15.62


Extras 6 (b 0 , lb 0 , nb 2, w 4, pen 0)
Total 296/10 (78.5 Overs, RR: 3.75)
Bowling O M R W Econ
Kavindu Pathirathne 16 1 83 3 5.19
Lahiru Madushanka 9 1 37 1 4.11
Kamil Mishara 19 5 70 3 3.68
Gishan Balasuriya 23 9 65 2 2.83
Kaushan Kulasooriya 10.5 2 26 0 2.48
Tithira Weerasinghe 1 0 14 0 14.00
Batsmen R B 4s 6s SR
Isiwara Dissanayake b Shalin De Mel 20 77 2 0 25.97
Kamil Mishara c Shalin De Mel b Kalana Perera 34 58 6 0 58.62
Kavindu Madarasinghe c Shalin De Mel b Shannon Fernando 25 50 5 0 50.00
Ahan Sanchitha c Sithara Hapuhinna b Kalana Perera 26 50 3 0 52.00
Bagya Dissanayake c & b Dellon Peiris 21 96 2 0 21.88
Kavindu Pathirathne c Dellon Peiris b Kalana Perera 24 54 3 0 44.44
Pasindu Sooriyabandara c Dellon Peiris b Yohan Perera 67 160 9 0 41.88
Tithira Weerasinghe c & b Dellon Peiris 0 3 0 0 0.00
Kaushan Kulasooriya c Ryan Fernando b Kishan Munasinghe 14 37 3 0 37.84
Lahiru Madushanka not out 11 64 1 0 17.19
Gishan Balasuriya b Yohan Perera 0 1 0 0 0.00


Extras 17 (b 6 , lb 4 , nb 6, w 1, pen 0)
Total 259/10 (108.2 Overs, RR: 2.39)
Bowling O M R W Econ
Kalana Perera 30 6 102 3 3.40
Shannon Fernando 23 11 35 1 1.52
Dellon Peiris 23 6 53 2 2.30
Kishan Munasinghe 9 6 14 1 1.56
Dilmin Rathnayake 5 2 16 0 3.20
Shalin De Mel 11 5 12 1 1.09
Yohan Perera 5.2 0 15 2 2.88
Umayanga Suwaris 2 1 2 0 1.00


Batsmen R B 4s 6s SR
Sithara Hapuhinna c Bagya Dissanayake b Kamil Mishara 34 30 5 0 113.33
Shalin De Mel not out 67 55 10 1 121.82
Ryan Fernando st Kavindu Madarasinghe b Gishan Balasuriya 3 9 0 0 33.33
Yohan Perera b Lahiru Madushanka 2 17 0 0 11.76
Ravindu De Silva not out 13 9 1 0 144.44


Extras 5 (b 4 , lb 1 , nb 0, w 0, pen 0)
Total 124/3 (20 Overs, RR: 6.2)
Bowling O M R W Econ
Kavindu Pathirathne 4 0 39 0 9.75
Kamil Mishara 4 0 22 1 5.50
Kaushan Kulasooriya 2 0 16 0 8.00
Lahiru Madushanka 5 0 19 1 3.80
Gishan Balasuriya 5 1 23 1 4.60