2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 100 ධාවන ඉසව්වේ අද (31) පැවති පළමු තරග වටයට සහභාගී වූ ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් තත්පර 10.32ක දක්ෂතාවයක් දක්වමින් 6 වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වුනා.
>> යුපුන්ගේ තරග වටයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<
පළමු වටයේ තුන්වැනි තරගය (Heat 3) වූ එම තරගයේ පළමු ස්ථානය ඉතාලියේ Lamont Marcell Jacobs විසින් හිමි කරගත්තා. Jacobsගේ දක්ෂතාවය තත්පර 9.94ක් වූ අතර තත්පර 10.04කින් ඉසව්ව නිමා කළ ජැමෙයිකාවේ Oblique Seville හට දෙවැනි ස්ථානය හිමි වුනා. තෙවැනි ස්ථානය හිමි වූ දකුණු අප්‍රිකාවේ Shaun Maswanganyi දක්ෂතාවය ලෙස දැක්වුණේ තත්පර 10.12ක් ලෙසයි.

- ජාතික ශූරිය නිමාලිගේ ඔලිම්පික් සිහිනය බිඳ වැටෙයි
- මලල ක්‍රීඩා ආරම්භ වුනත් චීනය තවමත් පෙරමුණේ
- ජපානය දෙවැනි තැනට ඇද දමමින් චීනය පෙරමුණට
- ශ්‍රී ලංකාවේ නිල ඇඳුමට මොකද වුනේ? ඔලිම්පික් කමිටුවෙන් පිළිතුරු
- රබලයින් කිහිප දෙනෙකුට පදක්කම් අහිමි වූ පස්වැනි දිනය
1996 වසරෙන් පසුව ඔලිම්පික් උළෙලක පිරිමි මීටර් 100 ධාවන ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සුදුසුකම් ලැබූ පළමු ක්‍රීඩකයා වන්නේ ද යුපුන් අබේකෝන්. පිරිමි මීටර් 100 ධාවන ඉසව්වේ දකුණු ආසියානු වාර්තාවට මෙන්ම ජාතික වාර්තාවට හිමිකම් කියන යුපුන්ගේ වාර්තාගත කාලය තත්පර 10.15ක්. ඔහු සමඟ හිමාෂ ඒෂාන්, චානුක සංදීප සහ විනොජ් සුරංජය පිරිමි 4×100 සහාය දිවීමේ ඉසව්වේ දකුණු ආසියානු වාර්තාවට (තත්පර 39.14) ද හිමිකම් කීම විශේෂත්වයක්.
මෙවර තම පළමු ඔලිම්පික් උළෙලට සහභාගී වූ යුපුන්ගේ පදක්කම් සිහිනය බිඳ වැටුණ ද, ඔහුගේ ඉදිරි ක්‍රීඩා දිවිය සාර්ථක කර ගනිමින් මව්බිමට ගෞරවයක් ගෙන ඒමට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ලැබේවා’යි ThePapare.com අප සුබ පතන්නෙමු.

>> 32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙලේ සියලුම තොරතුරු <<






















