ලෝක මලල ක්‍රීඩා මහාද්වීපික සවාරියේ රන් කාණ්ඩය යටතේ පැවති ‘Ostrava Golden Spike 2022’ මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 100 ඉසව්ව පස්වැන්නා ලෙස අවසන් කිරීමට ශ්‍රී ලාංකික ක්‍රීඩක යුපුන් අබේකෝන්ට හැකි වුනා.
ලෝක මලල ක්‍රීඩා පිටියෙහි ප්‍රබල ක්‍රීඩකයින් වන Yohan Blake, Akani Simbine වැනි ක්‍රීඩකයින් සහභාගී වූ මෙම තරගය තත්පර 10.08 (-1.2)ක කාලයකින් අවසන් කිරීමට යුපුන්ට හැකි වූ අතර -1.2 ක ප්‍රතිවිරුද්ධ සුළං තත්වයක් යටතේ ඔහු එම කාලය වාර්තා කිරීම කැපී පෙනුනා.
එම ඉසව්වේ පළමු ස්ථානය තත්පර 9.93ක කාලයකින් ඉසව්ව නිමා කළ එක්සත් රාජධානියේ ක්‍රීඩක Reece Prescod හට හිමි වන විට ජැමෙයිකානු සුපිරි ක්‍රීඩක Yohan Blake (තත්පර 10.05) දෙවැනි ස්ථානය සහ එක්සත් රාජධානියේ ක්‍රීඩක Zharnel Hughes (තත්පර 10.05) තෙවැනි ස්ථානයත් දිනාගත්තා.

- ඇමරිකාවේ දී උෂාන් නැවතත් පළමු ස්ථානයට
- යුපුන් 200m දකුණු ආසියානු වාර්තාව බිඳ හෙළයි
- යුපුන් තමන්ගේම වාර්තාවක් අලුත් කරයි
- යුපුන් 100m දකුණු ආසියානු වාර්තාව නැවත ලියයි
මෙම අඛණ්ඩ දස්කම් නිසාවෙන් යුපුන් ලෝක මලල ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමෙහි මීටර් 100 ඉසව්වේ ඉහළට පැමිණෙමින් ඔහු මෙම වසරේ පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවයට සුදුසුකම් ලබාගැනීමට වැඩි ඉඩක් පවතියි.
මීටර් 100 ඉසව්වට අමතරව මීටර් 150 සහ 200 ඉසව්වන්ට ද මෙම වසරේ සහභාගී වූ යුපුන්, මීටර් 150 ඉසව්ව තත්පර 15.16ක කාලයකින් අවසන් කරමින් එහි ආසියානු වාර්තාව බිඳ හෙළීමට සමත් වුනා. යුපුන් මීටර් 200 ඉසව්වේ දකුණු ආසියානු වාර්තාව බිඳ හෙළීමට සමත් වුනේ තත්පර 20.37ක කාලයකින් අවසන් කරමින්.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<






















