ලෝක කුසලාන පාපන්දු වංශකථාවේ බ්‍රසීල කණ්ඩායමට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. බ්‍රසීල කණ්ඩායම තුළින් පාපන්දු ලෝකයට දැවැන්ත නාමයන් එක්වීම සහ ඔවුන්ටම ආවේණික වූ තරග රටාවක් ඔවුන් සතු වීම ඊට හේතුවයි. ජයග්‍රාහී රැල්ලක් සමඟ මෙවර ලෝක කුසලානයට පිවිසෙන බ්‍රසීල කණ්ඩායමේ හැකියාව ප්‍රතිවාදී කණ්ඩායම් අවතක්සේරුවට ලක්කිරීම අනුවණ ක්‍රියාවක් වනු නොඅනුමානයි.
රොනාල්ඩෝ සමඟ ලෝක කුසලානය හඹා යන පෘතුගාලය
2016 යූරෝ කුසලාන පාපන්දු තරගාවලිය ජයග්‍රහණය කරමින් ලොවම මවිතයට පත් කළ..
ඓතිහාසික බ්‍රසීල කණ්ඩායමේ ලෝක කුසලාන ඉතිහාසය

පිළිවෙළින් 1958, 1962, 1970, 1994 සහ 2002 වසරවල ශූරතාවයට හිමිකම් කියූ බ්‍රසීල කණ්ඩායම 11 වතාවක් අර්ධ අවසාන තරගවල දී පරාජයට පත්ව ඇත. ඒ වකවානුව තුළ බ්‍රසීල පාපන්දු කණ්ඩායම තුළින් සුපිරි තලයේ ක්‍රීඩකයින් රාශියක් බිහිකර කර ඇති අතර ඉන් අතරින් Pele, Rivellino, Jairzinho, Romario, Ronaldo de Lima, Rivaldo සහ Ronaldinho වැනි අමරණීය නාමයන් පාපන්දු ලොව බබළවන්නට සමත් විය.
සුදුසුකම් ලැබීමේ තරගාවලියේ මතකයන්
මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා දකුණු ඇමරිකානු කලාපය තුළින් සුදුසුකම් ලබා ගන්නා කණ්ඩායම් තීරණය කිරීමේ South American Football Confederation (CONMEBOL) තරගාවලිය වෙනුවෙන් රටවල් 10ක් තරග කළ අතර බ්‍රසීලය තරග 18කට සහභාගී වී ජයග්‍රහණ 12ක් සහ එක් පරාජයක් සමඟින් තරග 5ක් ජය පරාජයෙන් තොරව අවසාන කරමින් ප්‍රසාද ලකුණු 41ක් ලබා ශූරතාවයට හිමිකම් කීය.
ඔවුන් 2018 ලෝක කුසලානය වෙනුවෙන් සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම ලෙස බ්‍රසීල ජාතික පාපන්දු කණ්ඩායම හැදින්විය හැක. මෙම තරගාවලිය තුළ පළමු වටයේ දී චිලී දේශයට එරෙහිව ගෝල 2-0 අනපේක්ෂිත පරාජයක් ලැබූ බ්‍රසීල කණ්ඩායම ඉන් ඉක්බිතිව පැවති සියලුම තරග සඳහා සිය සුපුරුදු ක්‍රීඩා රටාව අනුගමනය කරමින් ශූරතාවයට හිමිකම් කීය. එහි දී පිළිවෙළින් පළමු වටයේ ප්‍රබල ආර්ජෙන්ටිනාව ගෝල 3-0ක්, උරුගුවේ ගෝල 4-1ක් සහ දෙවන වටයේ දී චිලී දේශය ගෝල 3-0ක් ලෙස පරාජයට පත් කරමින් බ්‍රසීලයට සුපුරුදු රිද්මයට පැමිණීමට හැකි විය. ඉන්පසුව රුසියාව ගෝල 3-0ක් සහ ජර්මනිය ගෝල 1-0ක් ලෙස ද පරාජයට පත් කිරීමෙන් පසු 2018 ලෝක කුසලානය සඳහා ශක්තිමත් අඩිතාලමක් දැමීමට සමත් විය.
නවක පුහුණුකරුවකු සහ ක්‍රීඩා රටාව

නවක පුහුණුකරු යටතේ නැවතත් බ්‍රසීල පාපන්දු කණ්ඩායම ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරමින් සිටින අතර CONMEBOL තරගාවලියේ දී බ්‍රසීලය මුහුණ දුන් අවසාන තරග 7ම නොකඩවා ජයග්‍රහණය කරමින් එම තරග සංචාරය තුළ තරග 18ක දී බ්‍රසීල කණ්ඩායම ගෝල 41ක් වාර්තා කිරීමට සමත් විය. බ්‍රසීල කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ දක්ෂතාවයන් නිසි ලෙස අධ්‍යනය කරමින් ඔහු සතු අත්දැකීම් සමඟින් 4-1-4-1 තරග ආකෘතිය පිළිබඳව විශ්වාසය තැබූ නව පුහුණුකරු ආක්‍රමණශීලී තරග රටාවක් තුළින් ප්‍රතිවාදී කණ්ඩායම් පාලනය කරමින් තරගයේ වාසිය බ්‍රසීල කණ්ඩායම මත තබා ගැනීමට සමත් විය.
ශූරතාවය සාර්ථකව රැකගන්නට ප්‍රබල ජර්මනියට හැකි වෙයි ද?
පාපන්දු ලෝක කුසලානයක් ජයග්‍රහණය කළ කණ්ඩායමක් නැවතත් ඊළඟ තරගාවලියේ දී …
සිය අත්දැකීම් මනාව ප්‍රදර්ශනය කරමින් උපක්‍රමශීලී බව මනාව පෙන්නුම් කරමින් බ්‍රසීල කණ්ඩායමේ ගෝල මැෂිම ලෙස හැදින්වෙන ක්‍රීඩකයින්ගේ සේවය අහිමි වන සෑම මොහොතකම 4-3-3 ආකෘතිය වෙනුවෙන් තම කණ්ඩායම වෙනුවෙන් ලබා දී ඇත. රුසියාවට සහ ජර්මනියට එරෙහිව 2018 මුල් භාගයේ දී මෙම ආකෘතිය සමඟ තරග කර ජයග්‍රහණය කිරීම එවක විචාරකයන්ගේ දැඩි පැසසුමට ලක් විය.

Filipe Luis ආදේශක ක්‍රීඩකයා ලෙස සංචිතයට එක්කර සිටින අතර බ්‍රසීලයේ සුපිරි තරුව වන Neymarගේ ආබාධයක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරමින් සිටියි. පසුගිය තරග වාරයන් තුළ දී වරින්වර ආබාධයට ලක්ව ඇති Neymarගේ තත්වය බරපතළ නොවන බව ද වාර්තා වේ. මෙම සුපිරි ක්‍රීඩකයා පිළිබඳව පුහුණුකරු කියා සිටියේ Neymar යනු ලෝක පාපන්දු වංශ කතාව තුළ බිහි වූ තවත් අසමසම ක්‍රීඩකයෙකු සහ ඔහු වෙනුවෙන් ආදේශන සෙවීමට නොහැකි බවය.
ග්‍රීස්මාන් සමඟින් රුසියාවට යන පෙරළිකාර ප්‍රංශය
2016 යුරෝපා කුසලාන පාපන්දු තරගාවලියේ ජයග්‍රහණය නූලෙන් ගිලිහුනත් ප්‍රබල…
සුදුසුකම් ලැබීමේ තරග 14ක් තුළ ගෝල 6ක් සහ සිය කණ්ඩායම වෙනුවෙන් තවත් ගෝල 8ක් ලබා ගැනීමට දායක වුන Neymar බ්‍රසීලයේ මහත් බලාපොරොත්තුව වී ඇත. බ්‍රසීල කණ්ඩායමේ ඉදිරි පෙළ ක්‍රීඩක Gabriel Jesus යනු බ්‍රසීලය සතු තවත් සම්පතකි. නවක පුහුණුකරු යටතේ කණ්ඩායමේ සිය ස්ථාවරත්වය මනාව පෙන්නුම් කරමින් සිටින Gabriel Jesus සුදුසුකම් ලැබීමේ තරග වාරය තුළ ගෝල 7ක් සමඟින් වැඩිම ගෝල ප්‍රමාණයක් ලබා ඇති ක්‍රීඩකයා බවට පත්ව ඇත.

බ්‍රසීල කණ්ඩායමේ සාර්ථකත්වය සහ 2018 ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි ගමන තීරණය කරන ප්‍රබලතම සාධක ලෙස Neymar, Gabriel Jesus සහ Paulinho නම් කළ හැක. Paulinho ඔහු නියෝජනය කරන Barcelona කණ්ඩායමේ නිත්‍ය මැද පෙළ ක්‍රීඩකයෙකු වන අතර La Liga තරගාවලිය තුළ තරග 33ක දී ගෝල 8ක් සහ Barcelona කණ්ඩායම වෙනුවෙන් ගෝල 2ක් සඳහා සිය දායකත්වය ලබා දී ඇත. යම් හෙයකින් බ්‍රසීල කණ්ඩායමේ ඉදිරි පෙළ ක්‍රීඩක Neymarගේ ආබාධය හේතුවෙන් ඔහුගේ සේවය අහිමි වූවහොත් තීරණාත්මක සේවයක් කිරීමේ වගකීම Paulinho හට හිමිවනු ඇත.
බ්‍රසීල සංචිතය.
- Goal keepers: Alisson, Ederson, Cassio
- Defenders: Thiago Silva, Miranda, Marquinhos, Marcelo, Filipe Luis, Fagner, Pedro Geromel, Danilo
- Midfielders: Paulinho, Casemiro, Philippe Coutinho, Renato Augusto, Fred, Fernandinho, Willian
- Forwards: Neymar, Douglas Costa, Gabriel Jesus, Roberto Firmino, Taison
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <




















