ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ කාලසීමාව පස්සට යයි

60

මේ දිනවල පැතිර යන කොරෝනා වයිරසය නිසාවෙන් ජපානයේ ටෝකියෝ නුවර දී පැවැත්වීමට නියමිතව තිබූ 2020 ගිම්හාන ඔලිම්පික් තරගාවලිය 2021 වසරේ ජූලි මාසය තෙක් කල් දැමීමට පසුගිය දා තීරණය කරන ලදි.

හිටපු ශූරයා නැවත පැමිණීමට දින ගනියි

මෙම වසරේ පැවැත්වීමට තිබූ බොහෝ මැරතන් ධාවන තරග පවතින කොරෝන වයිරස තත්වය……

නමුත් එම තීරණයටත් පෙර බොහෝ රටවල ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගාවලීන් නතර කර දැමීමට අදාළ බලධාරීන් කටයුතු කර තිබුණේ ක්‍රීඩකයින්ගේ සෞඛ්‍යයට මුල් තැන ලබා දෙමිනි. 

ඒ අනුව ලොවම අඩපණ වී ඇති මොහොතක ලබන වසරේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලිය සඳහා සුදුස්සන් තෝරාගැනීමේ කාල සීමාව වෙනස් කිරීමට අන්තර්ජාතික මලල ක්‍රීඩා සංගමය තීරණය කොට ඇත.

ඒ අනුව අප්‍රේල් 6 වැනිදා සිට නොවැම්බර් මස 30 වැනිදා දක්වා කාලය සුදුසුකම් ලබා ගැනීමේ කාල සීමාවට අයත් වූ නමුත්, මෙම වර්ෂයේ දෙසැම්බර් මස 01 වැනිදා සිට ලබන වසරේ (2021) ජුනි 29 වැනිදා දක්වා කාලය ඔලිම්පික් සඳහා සුදුසුකම් ලැබීමේ කාල සීමාව ලෙස වෙනස් කිරීමට බලධාරීන් තීරණය කර ඇත.

මෙම තීරණය පිළිබඳව අදහස් දක්වමින් අන්තර්ජාතික මලල ක්‍රීඩා සංගමයේ ප්‍රධානී සෙබස්තියන් කෝ ප්‍රකාශ කර සිටියේ 2019 වර්ෂයේ අදාළ කාලසීමාව තුළ පරිසාධන මට්ටම සම්පූර්ණ කර තිබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබන වසරේ තරගාවලිය සඳහා සුදුසුකම් ලබන බවයි.

මෙම තීරණය තුළින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට කොරෝනා හමුවේ තම ඔලිම්පික් සිහිනය බොඳවීමට නොදී යථාර්ථයක් කරගැනීමට හැකියාව පවතී. 32 වැනි ගිම්හාන ඔලිම්පික් තරගාවලිය ලබන වසරේ ජූලි මස 23 වැනිදා සිට අගෝස්තු මස 07 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<