ශ්‍රී ලංකාව, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව සහභාගී වන වයස අවුරුදු 19න් පහළ කාන්තා තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද (13) පැවැති ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගයේ දී කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වුණා.
මෙම තරගය Gold Coast හී Bill Pippen Oval ක්‍රීඩාංගණයේ දී පැවැති අතර එය ඔවුන් මෙම තරගාවලියේ පිට පිට ලැබූ 2 වැනි ජයග්‍රහණයයි.
ශ්‍රී ලංකා කාන්තා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
චමෝදි ප්‍රබෝධා (නායිකාව), සංජනා කාවින්දි, විමෝක්ෂා බාලසූරිය, උමයංගනා පීරිස්, ලිමංසා තිලකරත්න, ශෂිනි ගිම්හානි, නෙතගි ඉසුරාංජලී (කඩුලු රකින්නිය), දනෝද්‍යා සෙව්මිණි, ප්‍රමුදි මෙත්සරා, අසේනි තලගුණේ සහ චමෝදි හේරත්.
ඕස්ට්‍රේලියා කාන්තා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
Tegan Williamson (නායිකාව), Indira Panelli, Ayla Johnson, Emily Powell, Alyssa Dermody(කඩුලු රකින්නිය), Eva Baird, Filippa Suesee, Aurora Mavros, Ayaka Kato-Stafford, Ira Aery, Ava Drury
මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා නායිකාව පළමුවෙන් ම පන්දුවට පහර දීමේ අවස්ථාව තමන් සතු කර ගත් අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 9ක් දැවී ලබා ගන්නේ ලකුණු 91ක් පමණයි.
එම ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ Ayla Johnson. ඇය පන්දු 29කට මුහුණ දෙමින් ලකුණු 18ක් ලබා ගත්තා. ඊට අමතර ව Alyssa Dermody පන්දු 12ක දී හතරේ පහරක් සමඟින් ලකුණු 13ක් ද සහ Aurora Mavros පන්දු 6ක දී හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 12ක් ද ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී ලිමංසා තිලකරත්න ලකුණු 26කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව නායිකා චමෝදි ප්‍රබෝධා ලකුණු 21කට කඩුලු 2ක් දවා ගත් අතර ශෂිනි ගිම්හානි, දනෝද්‍යා සෙව්මිණි සහ අසේනි තලගුණේ කඩුල්ල බැගින් දවා ගත්තා.
- ශ්‍රී ලංකා යෞවනියෝ නැවතත් දක්ෂතා දක්වයි
- ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ නවසීලන්තය 3-0කින් පරාජය කරයි
- නිශාන් සහ කවින් ශතක රැස් කරයි
- සාන්ත සර්වේශස්වරුන් වසර 55කට පසුව මාතොට නිල් සටන දිනයි
- සෙබස්තියන්වරුන් රන් සටනේ තෑගි මේසය අකුලා ගනී
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ඔවුන්ට හැකි වෙන්නේ නැහැ. එම තත්ත්වය දිගින් දිගට ම පැවැති අතර ඔවුන්ට තරගය ජයග්‍රහණ කිරීමට හැකි වන්නේ තවත් පන්දු 3ක් පමණක් ඉතිරි ව තිබියදීයි.
ශ්‍රී ලංකා ඉනිමේ 6 වැනි පන්දුවාරයේ පිට පිට පන්දු 2ක දී සංජනා කාවින්දි (9) සහ උමයංගනා පීරිස් (0) දැවී යන අතර ඉන් අනතුරු ව 3 වැනි කඩුල්ලට විමෝක්ෂා බාලසූරිය ද ලකුණු 9කට දැවී යනවා. ඒ වෙද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක් වුණේ ලකුණු 28ක් ලෙසයි.
එම අවස්ථාවේ දී දනෝද්‍යා සෙව්මිණි සහ ලිමංසා තිලකරත්න එක් ව 4 වැනි කඩුල්ලට පන්දු 31ක දී ලකුණු 22ක සබඳතාවක් එක් කරමින් ශ්‍රී ලංකා ඉනිම යම් තත්ත්වයකට ගෙන ඒම සමත් වුණා.
ඔවුන් දෙදෙනා 16 වැනි පන්දුවාරයේ පන්දු 3ක් තුළ දැවී යද්දී දනෝද්‍යා සෙව්මිණි පන්දු 23කට මුහුණ දෙමින් ලකුණු 14ක් ද සහ ලිමංසා තිලකරත්න පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 12ක් ලබා සිටි අතර ඒ වෙද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව 63 නතර වී තිබුණා.
අනතුරු ව තරගයේ පාලනය සියතට ගත් ප්‍රමුදි මෙත්සරා තරගය ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 21ක් ද සහ ශෂිනි ගිම්හානි පන්දු 8කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 7ක් ද ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී Filippa Suesee ලකුණු 18කට කඩුලු 3ක් සහ Ira Aery ලකුණු 13කට කඩුලු 2ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ඕස්ට්‍රේලියා කාන්තා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 9ක් දැවී 91 (20.0)Ayla Johnson18, චමෝදි ප්‍රබෝධා 2/21, ලිමංසා තිලකරත්න 3/26
- ශ්‍රී ලංකාකාන්තා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 6ක්දැවී 92 (19.3) ප්‍රමුදි මෙත්සරා නොදැවී 21, Ira Aery 2/13, Filippa Suesee 3/18
ශ්‍රී ලංකා කාන්තා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට කඩුලු 4ක ජයක්.
මෙම තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන 3 වැනි තරගය මේ මස 17 වැනිදා එංගලන්තය සමඟින් Brisbane හි Ian Healy Oval ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.






















