ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ සත්කාරක ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සහභාගී වන තුන්කොන් කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (27) පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දියාව අතර තරගයෙන් කඩුලු 9ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට ඉන්දිය ක්‍රීඩිකාවෝ සමත් වුනා.
කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගය, අද උදෑසන ඇද වැටුණ වර්ෂාව හේතුවෙන් පන්දුවාර 39කට සීමා කෙරුණා.
මෙම තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් කාන්තා එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගැනීමට 29 වැනි වියේ පසුවෙන පියුමි වත්සලා සහ 24 හැවිරිදි වියේ පසුවෙන මල්කි මදාරා සමත් වුනා. එමෙන් ම ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ද කාන්තා එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගැනීමට 22 හැවිරිදි වියේ පසුවෙන Kashvee Gautam සහ 20 හැවිරිදි වියේ පසුවෙන Shree Charani සමත් වෙනවා.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම
චමරි අතපත්තු (නායිකාව), හසිනි පෙරේරා, හර්ෂිතා සමරවික්‍රම, හංසිමා කරුණාරත්න, කවීෂා දිල්හාරි, නිලක්ෂිකා සිල්වා, අනුශ්කා සංජීවනී (කඩුලු රකින්නිය), පියුමි වත්සලා, අචිනි කෞෂල්‍යා, මල්කි මදාරා, ඉනෝකා රණවීර.
ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම
Harmanpreet Kaur (නායිකාව), Smriti Mandhana, Pratika Rawal, Harleen Deol, Jemimah Rodrigues, Richa Ghosh (කඩුලු රකින්නිය), Deepti Sharma, Kashvee Gautam, Arundhati Reddy, Sneh Rana, Shree Charani.
මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය නායිකාවගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පිටියට පිවිසියා. සුපුරුදු පරිදි චමරි අතපත්තු එක් අන්තයක් නියෝජනය කරමින් පිටියට පිවිසි අතර 2022 වසරට පසුව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීමේ අවස්ථාව හසිනි පෙරේරා ට හිමි වුනා. මෙම තරගය ඇයගේ 50 වැනි එක්දින ජාත්‍යන්තර වීම ද විශේෂත්වයක්.
ශ්‍රී ලංකා ලකුණු පුවරුවට ලකුණු 23ක් එක් වෙද්දී චමරි අතපත්තු තම ඉනිම නිමා කර ගන්නවා. ඒ වෙද්දී ඇය පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලබා සිටියේ ලකුණු 7ක් පමණයි.
වසර 3කට පසුව ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් හසිනි පෙරේරා ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වෙමින් ලකුණු 30ක් ලබා ගන්නවා. ඉනිමේ 2 වැනි කඩුල්ල ලෙසින් ඇය දැවී යද්දී පන්දු 46කට මුහුණ දෙන අතර හතරේ පහර 4ක් ද ඊට එක් කරනවා.
ඇයට අමතර ව කවීෂා දිල්හාරි පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 25ක් ද සහ අනුෂ්කා සංජීවනී පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 22ක් ද ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම පෝෂණය කරනවා.
කඩුලු දවා ගැනීමේ දී දකුණතින් පිට දඟ පන්දු යවන Sneh Rana ලකුණු 31කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරනවා. ඊට අමතර ව කෝඩුකාර Shree Charani සහ Deepti Sharma කඩුලු ද්විත්වය බැගින් දවා ගන්නා ලද අතර Arundhati Reddy ද කඩුල්ලක් දවා ගන්නවා.
- විග්නේශ්වරන් බංග්ලාදේශ යෞවනයන් අනාථ කරයි
- ඇෆ්ගන් A සමඟ සිව් දින ක්‍රිකට් ගැටුමට ශ්‍රී ලංකා A සංචිතය නම් කරයි
- සිංහ සහ බංගලි කොටි පැටවුන්ගේ එක්දින අරගලය
- කාන්තා තුන් කොන් ක්‍රිකට් තරගාවලියේ විකාශන කටයුතු පිළිබඳ නිවේදනයක්
ඉන්දීය පිළිතුරු ඉනිම ආරම්භ කරන්නේ Pratika Rawal සහ Smriti Mandhana විසිනුයි. ඔවුන් දෙදෙනා විසින් ඉනිමේ පළමු Power Play අවස්ථාව නිමා වීමට පන්දුවක් තිබිය දී ලකුණු 54ක් තම කණ්ඩායමට එක් කරමින් ජයග්‍රහණයේ අඩිතාලම දමා දෙනවා.
ඉනෝකා රණවීර ගේ පන්දුවකට ඇය වෙතට ම උඩ පන්දුවක් ලබා දෙමින් Smriti Mandhana ට ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් දැවී යන්නට සිදු වෙනවා. ඒ වෙද්දී ඇය පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 43ක් ලබා සිටියා.
අනතුරු ව පිටියට එක් වෙන්නේ Harleen Deol. ඇය සහ Pratika Rawal තවත් පන්දු 56ක් ඉතිරි ව තිබිය දී තරගය ජයග්‍රහණය කරා රැගෙන යනවා. ඒ වෙද්දී Pratika Rawal පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 50ක් ද සහ Harleen Deol පන්දු 71කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 48ක් ද ලබා සිටියා.
ඔවුන් දෙදෙනා අතර 2 වැනි කඩුල්ලට එක් වූ සබඳතාව පන්දු 118ක දී නොදැවුණ ලකුණු 95ක්.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 147 (38.1) හසිනි පෙරේරා 30, කවීෂා දිල්හාරි 25, අනුශ්කා සංජීවනී 22, Deepti Sharma 2/22, Sneh Rana 3/31, Shree Charani 2/26
- ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුල්ලක් දැවී 149 (29.4) Pratika Rawal නොදැවී 50, Smriti Mandhana 43, Harleen Deol නොදැවී 48, ඉනෝකා රණවීර 1/26
ඉන්දීය කන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 9ක ජයක්.
- තරගයේ වීරයා – Pratika Rawal (ඉන්දියාව)
කාන්තා තුන් කොන් ක්‍රිකට් තරගාවලියේ මීළඟ තරග මේ මස 29 වැනිදා ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ම පැවැත්වීමට නියමිතයි.
මෙම තරගාවලියේ සජීවී දසුන් Dialog Television හී ThePapare TV HD 2 නාලිකා අංක 163 සුසර කර ගැනීමෙන් මෙන්ම, ThePapare.com සහ Dialog ViU App ඔස්සේ ද නැරඹීමට ඔබට පහසුකම් සපයා තිබෙනවා.
කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
A PHP Error was encountered
Severity: Warning
Message: Invalid argument supplied for foreach()
Filename: controllers/Embed.php
Line Number: 86
Backtrace:
File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/controllers/Embed.php
Line: 86
Function: _error_handler
File: /var/www/stats.thepapare.com/htdocs/cricket/index.php
Line: 315
Function: require_once
A PHP Error was encountered
Severity: Warning
Message: Invalid argument supplied for foreach()
Filename: embed/match_result.php
Line Number: 115
Backtrace:
File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/views/embed/match_result.php
Line: 115
Function: _error_handler
File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/controllers/Embed.php
Line: 92
Function: view
File: /var/www/stats.thepapare.com/htdocs/cricket/index.php
Line: 315
Function: require_once