ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League කාන්තා විස්සයි විස්ස තරගාවලියේ අද (15) පැවැති තරග අතුරින් Team Green ක්‍රීඩිකාවෝ පිට පිට 3 වැනි ජයග්‍රහණයත් ලබා ගනිද්දී එම කණ්ඩායමේ හසිනි පෙරේරා පිට පිට 2 වැනි අර්ධ ශතකයත් ලබා ගැනීමට සමත් වූවා.
මේ අතර එම කණ්ඩායමේ ම නිලක්ෂිකා සිල්වා (නොදැවී 60) සහ Greys කණ්ඩායමේ ඉමේෂා දුලානි (නොදැවී 54) සහ Red කණ්ඩායමේ ශෂිනි ගිම්හානි (නොදැවී 50) අර්ධ ශතක ඉනිම් වාර්තා කරනවා.
Team Green සහ Team Greys අතර තරගය කොළඹ, Colts ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය දිනා ගත් Greys නායිකාවගේ තීරණය වූයේ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායමට ලබා ගැනීමයි. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 6ක් දැවී ලකුණු 120ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි Green ක්‍රීඩිකාවෝ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 128ක් ලබා ගනිමින් තරගයෙන් කඩුලු 8ක ජයග්‍රහණයක් ලබා ගත්තා.
පළමුවෙන් පන්දුවට පහර දුන් Greys කණ්ඩායමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ ඉමේෂා දුලානි. ඇය පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 54ක් ලබා ගන්නවා.
ඊට අමතර ව කවීෂා දිල්හාරි පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 19ක් ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී උදේශිකා ප්‍රබෝධනී සහ සුගන්දිකා කුමාරි කඩුලු 3ක් බැගින් දවා ගන්නවා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Green කණ්ඩායමේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 9ක් වෙද්දී දැවී ගිය ද අනතුරු ව කඩුල්ලේ දී පන්දු 91ක දී නොදැවුණ ලකුණු 115ක සබඳතාවක් එක් කිරීමට හසිනි පෙරේරා සහ නිලක්ෂිකා සිල්වා සමත් වෙනවා.
එහි දී හසිනි පෙරේරා පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 58ක් ද සහ නිලක්ෂිකා සිල්වා පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 60ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී මල්කි මදාරා සහ ඉනෝෂි ප්‍රනාන්දු කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- TeamGreys – කඩුලු 6ක් දැවී 120 (20.0)ඉමේෂා දුලානි නොදැවී 54, කවීෂා දිල්හාරි 19, උදේශිකා ප්‍රබෝධනී 3/20, සුගන්දිකා කුමාරි 3/20
- Team Green– කඩුලු 2ක් දැවී 124 (18.1)හසිනි පෙරේරා නොදැවී 58, නිලක්ෂිකා සිල්වා නොදැවී 60
Green කණ්ඩායමට කඩුලු 8ක ජයක්.
- LPL 2026 සඳහා ක්රීඩක වෙන්දේසියක් නැහැ!
- වනිඳු සහ දසුන් සමඟ ශ්‍රී ලංකාව තරගාවලිය සම කරයි
- Team Blues සහ Team Red අතර තරගය කොළඹ, Colts, ක්‍රීඩාංගණයේ දී.
- සත්‍යා සහ විශ්මි අර්ධ ශතක වාර්තා කරයි
- 19න් පහළ ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Team Red ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් කඩුලු 6ක් දැවී ලකුණු 126ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් Blues කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 128ක් ලබා ගනිමින් තරගය කඩුලු 8කින් ජයග්‍රහණය කළා.
මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Red කණ්ඩායමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ ශෂිනි ගිම්හානි. ඇය පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 50ක් ලබා ගත්තා.
ඊට අමතර ව උමයංගනා පීරිස් පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 37ක් ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී දෙව්මි විහංඟ ලකුණු 19කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව චේතනා විමුක්ති සහ නෙත්මි සංජනා කඩුල්ල බැගින් දවා ගන්නවා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Blues ක්‍රීඩිකාවන්ගේ ඉනිමේ කඩුලු 2ක් ලකුණු 29කට දැවී ගිය පසුව පිටියේ ස්ථාවර වූ නායිකා හර්ෂිතා සමරවික්‍රම සහ සත්‍යා සංදීපනී 3 වැනි කඩුල්ලට පන්දු 87ක දී නොදැවුණ ලකුණු 99ක් ලබා ගත්තා.
එහි දී සත්‍යා සංදීපනී පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 49ක් ද සහ හර්ෂිතා සමරවික්‍රම පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 48ක් ද ලබා ගත්තා.
ඔවුන් දෙදෙනා ට අමතර ව ආරම්භක පිතිකාරිනී හිරුණි හංසිකා පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 20ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී දාරියා දිසානායක සහ චමෝදි ප්‍රබෝධා කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- Team Red – කඩුලු 6ක් දැවී 126 (20.0)
- Team Blues– කඩුලු 2ක් දැවී 128 (18.5) හිරුණි හංසිකා 20, හර්ෂිතා සමරවික්‍රම නොදැවී 48, සත්‍යා සංදීපනී නොදැවී 49
Blues ක්‍රීඩිකාවන්ට කඩුලු 8ක ජයක්.
අද නිමා වූ තරග ද්විත්වයත් සමඟින් තරගාවලියේ පළමු වටයේ තරග අවසන් වූ අතර ඒ අනුව සැකසුණ ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථාන ද්විත්වය තරග 4ක් බැගින් ජයග්‍රහණය කළ Team Blues සහ Team Green හිමිකර ගත් අතර ඔවුන් සහභාගී වන අවසන් මහා තරගය ජනවාරි 17 වැනිදා කොළඹ, P. Sara Oval ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<



















