MAS, යුධ හමුදා ක්‍රීඩකයින් ද්වන්ද සටනක

217

92 වැනි ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලියේ තෙවැනි දිනය ඊයේ (27) නිමාව දුටුවේ අර්ධ අවසන් පූර්ව වටයේ අවසානයත් සමඟිනි. ඒ අනුව අද (28) තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග පැවැත්වෙනු ඇත. තරගාවලිය කොළඹ MAS රාජකීය බොක්සිං කවයේ දී පැවැත්වේ.

ඊයේ දිනයේ පැවැත්වූ තරග ඉතා උණුසුම් වූ අතර විශේෂයෙන්ම MAS ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයින් හා යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයින් ඉතා තරගකාරී ද්වන්ද සටන්වලට පිවිසුණේ ප්‍රේක්ෂකයින්ගේ ප්‍රබල දිරිගැන්වීම් සමඟින් වීම විශේෂත්වයක්.

MAS ස්ලිම්ලයින් හා යුධ හමුදා කණ්ඩායම් ශූරතාව සඳහා ඉතා තියුණු සටනක නිරත වන අතර අවසන් පූර්ව තරග පැවැත්වෙන අද දිනයේ එම තරගය තවත් උණුසුම් වනු ඇත.

ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලියේ දෙවන දිනය සාර්ථකව නිමාවේ

92 වැනි ක්ලිෆර්ඩ් කුසලානය බොක්සිං තරගාවලියේ දෙවන දිනය ඊයේ (26) කොළඹ…

  • පිරිමි 52kg බර පන්තිය (ෆ්ලයි වේට්)

මෙම කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව තරගවල දී යුධ හමුදාවේ එම්. වී. ආර්. එස්. බණ්ඩාර හා එම්. පී. ධර්මසේන ජය හිමි කර ගත් අතර ස්ලීම්ලයින් ක්‍රීඩා සමාජයේ එම්. ආර්. සඳරුවන් හා පේරාදෙණිය ක්‍රීඩා සමාජයේ විද්‍යාලංකාර අනෙක් අවසන් පූර්ව අසුන් දෙක වෙන් කර ගන්නා ලදි.

  • පිරිමි 60Kg බර පන්තිය (ලයිට් වේට්)

යුධ හමුදාවේ විමුක්ති කුමාර, ගුවන් හමුදාවේ එම්. එම්. බණ්ඩාර, ඒ. කේ. මධුරංග හා ස්ලීම්ලයින් ක්‍රීඩා සමාජයේ එස්. බී. ජයම්පති මෙම බර පන්තියේ අවසන් පූර්ව වටයට පිවිසීමට සමත් විය.

  • පිරිමි 69kg බර පන්තිය (වෙල්ටර් වේට්)

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ඩී. ඩී. මධුරංග, ගුවන් හමුදාවේ වයි. එම්. දිල්ශාන්, ස්ලීම්ලයින් ක්‍රීඩා සමාජයේ එන්. එම්. හෙට්ටිආරච්චි හා නාවික හමුදා ක්‍රීඩා සමාජයේ ජී. එස්. කුමාරසිංහ මෙම බර පන්තියේ මීළඟ වටයට පිවිසීමට සමත් විය.

  • පිරිමි 91Kg ඉහළ බර පන්තිය (සුපර් හෙවි වේට්)

ඉතා උණුසුම් මුහුණුවරක් ගත් මෙම බර පන්තියේ පැවති තරගවලින් ජය හිමි කර ගැනීමට නාවික හමුදාවේ ඩී. සී. ද සිල්වා, ඒ. ඩබ්ලිව්. හෙට්ටිගේ හා යුධ හමුදාවේ බී. ඊ. තිලකරත්න ජය හිමි කර ගැනීමට සමත් විය.

  • පිරිමි 49Kg බර පන්තිය (ලයිට් ෆ්ලයි වේට්)

මෙම ඉසව්ව ද ඉතා තරගකාරී වූ අතර ස්ලීම්ලයින් ක්‍රීඩා සමාජයේ සී. අයි. පෙරේරා, එච්. එන්. ජිනදාස, යුධ හමුදාවේ සංජිව නුවන් හා ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ ඩබ්ලිව්. ඒ. අයි. සංජය මීළඟ වටයේ සිය අසුන් වෙන් කර ගත්තේ ප්‍රේක්ෂකයින්ගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේය.

  • පිරිමි 56Kg බර පන්තිය (බැන්ටම් වේට්)

ස්ලීම්ලයින් ක්‍රීඩා සමාජයේ එන්. කේ. අමරවංශ, යුධ හමුදාවේ ආර්. ටී. වීරක්කොඩි, සඳරුවන් කුමාර හා නාවික හමුදාවේ එන්. පී. ද සිල්වා මෙම කාණ්ඩයේ ජයග්‍රහණ හිමි කර ගන්නා ලදි.

  • පිරිමි 64Kg බර පන්තිය (ලයිට් වෙල්ටර් වේට්)

යුද හමුදා ක්‍රීඩා සමාජයේ එස්. බී. රාජකරුණා, එම්. එම්. ජයවීර, ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ එස්. කේ. රත්නායක හා ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ ඩී. ඩී. සපරමාදු මෙම බර පන්තියේ අවසන් පූර්ව වටයට පිවිසුණි.

  • පිරිමි 75 Kg බර පන්තිය (මිඩ්ල් වේට්)

ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ ඩී. ඒ. ගුණසේකර, යුධ හමුදාවේ එන්. නිකලස්, ගුවන් හමුදාවේ එම්. ඩී. පුෂ්පකුමාර හා යුද හමුදා ක්‍රීඩා සමාජයේ එම්. එස්. ජීවන්ත මෙම කාණ්ඩයේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.

  • පිරිමි 91 Kg බර පන්තිය (හෙවි වේට්)

නාවික හමුදාවේ එන්. එස්. සම්පත්, යුධ හමුදාවේ එන්. එස් බණ්ඩාර, නාවික හමුදාවේ සී. කේ කරුණානායක හා යුධ හමුදාවේ ඒ. පී. ජයසේන මෙම බර පන්තියේ මීළඟ වටයට පිවිසුණේ මෙම බර කාණ්ඩයේ නාවික හමුදා හා යුධ හමුදා බලය තහවුරු කරමිනි.

කාන්තා අංශය
  • කාන්තා 48 Kg බර පන්තිය (ලයිට් ෆ්ලයි වේට්)

ඒ. ඒ. රණසිංහ, කේ. වාසනා, ඒ. කේ. නිල්මිණි හා නදීකා පුෂ්පකුමාරි මෙම බර පන්තියේ අවසන් පූර්ව වටයට පිවිසීමට සමත් විය.

තරගාවලියේ සිව්වැනි දිනය අද (28) පැවැත්වෙන අතර ඒ තොරතුරුත් ඔබ වෙත ගෙන ඒමට අප සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.        

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<