“පන්දු යවන්නන්ට ක්‍රිකට් වෙනස් කළ හැකියි” – මාලිංග

333

2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කිරීමට තවත් ඇත්තේ දින 02ක් පමණය. එළඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය මූලික කර ගනිමින් පැවති පුහුණු තරග මාලාවේ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවන තරගය ඕස්ට්‍රේලියාව සමඟ පැවති අතර එම තරගය කඩුලු 5 කින් ජය ගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය.

ලසිත් මාලිංග වාර්තාවක් අභියස

දැනට ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග රටාව තුළ වැඩිම කඩුලු ලබාගෙන තිබෙන පන්දු යවන්නන්ගේ…

ශ්‍රී ලංකාව ලෝක කුසලානයට පෙර සහභාගී වූ පුහුණු තරග දෙක සඳහා වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුලම වේගපන්දු යවන්නා වන ලසිත් මාලිංග සහභාගී වූයේ නැත.

නමුත් ඊයේ (27) දිනයේ ක්‍රීඩා විවේකාගාරයේ සිට ඕස්ට්‍රේලියාව සමඟ පැවති පුහුණු තරගය නැරඹීමට එක්වූ මාලිංග, එම තරගයෙන් අනතුරුව පිටියට පිවිසියේ ගුරුහුරුකම් ලබා දීමටය.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නැගී එන වේගපන්දු යවන්නෙකු වන Marcus Stoinis ට මෙලෙස ලසිත් මාලිංග විසින් පන්දු යැවීම පිළිබඳව ගුරුහුරුකම් ලබා දී තිබේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ මාලිංගගේ වේගය අඩාල කිරීමේ පන්දුව පිළිබඳව මෙහිදී ඔහු විසින් Stoinis ට කරුණු ඉදිරිපත් කර ඇති බවය.

ලසිත් මාලිංගගේ එක්දින ක්‍රිකට් දිවියේ පන්දු යැවීම තුළ වේගය අඩාල කිරීමේ පන්දු යොමු කිරීම තුළින් ඔහු වැඩි කඩුලු ගණනක් දවාගෙන තිබේ. එලෙස ඔහු තීරණාත්මක තරගාවලි කිහිපයක ශූරතාව තම කණ්ඩායම සතුකර දීමටද සමත් වී සිටීම විශේෂත්වයකි.

එයට හොඳම නිදසුන වන්නේ නිමාවට පත්වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමඟ පැවති අවසන් මහා තරගයයි.

එහිදී මාලිංග විසින් යොමුකළ තීරණාත්මක අවසන් පන්දුවාරයේ අවසන් පන්දුවේදී කඩුල්ලක් දවා ගනිමින් ඔහු ඉන්දීය ප්‍රිමියර් ලීග් ශූරතාව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට දිනා දීමට සමත් විය.

“පීඩනයක් තියෙනවා. ඒත් අභියෝගයට සූදානම්” – ඇන්ජලෝ මැතිව්ස්

2019 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට තවත් ඉතිරිව ඇත්තේ දින 03ක් පමණි. ලෝක ක්‍රිකට්…

ක්‍රිකට් පිටියේ පන්දු යවන විට විවිධත්වය ක්‍රීඩකයෙකුට අත්‍යවශ්‍ය බව ඊයේ ඕස්ට්‍රේලියාව සමඟ පැවති තරගයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මාලිංග ප්‍රකාශ කර තිබේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ නිමාවට පත්වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අතරතුරත් තමන් වේගය අඩාල කර පන්දුව යොමුකරන ස්වරූපය දැන ගැනීම සඳහා Marcus Stoinis උනන්දු වූ බවය.

ඒ අනුව තමන් Marcus Stoinis ට ඒ උපදෙස් ලබා දුන් බවත්, වේගය අඩාල කර පන්දුව යොමුකරන ආකාරය මෙන්ම එය භාවිත කරන අවස්ථා පිළිබඳව ද තමන් Stoinis ට ඉගැන්වූ බව මාලිංග ප්‍රකාශ කර තිබේ.

35 හැවිරිදි මාලිංගගේ පන්දු යැවීමේ වේගය මේ වනවිට යම්තාක් දුරට අඩුවී තිබුනද ඔහු සිය වේගය අඩාල කර පන්දු යැවීමේ හැකියාව උපයෝගී කර ගනිමින් කඩුලු දවා ගැනීමට සමත්ව තිබේ.

ඔහු සඳහන් කරන්නේ පුහුණුවීම් සහ කැපවීම් තුළින් තමන් එම දක්ෂතාව ළඟා කරගත් බවය.

තමන්ගේ දක්ෂතාව සහ හැකියාව හඳුනා ගනිමින් එය වර්ධනය කර ගැනීම සඳහා ක්‍රීඩකයෙකු වග බලාගත යුතු බව මාලිංග මෙහිදී සඳහන් කර තිබේ.

මහේල තනතුර ප්‍රතික්ෂේප කරයි

2019 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට තවත් දින 4ක් පමණක් ඉතිරිව ඇත. කණ්ඩායම් සියල්ල ඒ…

ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා (Jasprit Bumrah) සහ දකුණු අප්‍රිකා වේගපන්දු යවන ක්‍රීඩක කගීසෝ රබාඩා (Kagiso Rabada), වර්තමාන ක්‍රිකට් පිටිය තුළ තරගයක අවසන් පන්දුවාර දියත් කිරීමට හැකි දක්ෂ ක්‍රීඩකයින් බව මාලිංග පවසා තිබේ.

අවසන් වරට ඔහු පවසා ඇත්තේ ක්‍රිකට් යනු පිතිකරුවන්ගේ ක්‍රීඩාවක් බවත්, නමුත් පන්දු යවන්නන්ට එය වෙනස් කළ හැකි බවත් ය.

ICC ඇසුරිනි  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<