උතුර දකුණ යා කරනා සිවගුරුනාදන් කුසලානය මෙවරත්

165

වී. ටී. එස්. සිවගුරුනාදන් අනුස්මරණ කුසලානය සත්වැනි වරටත් සැප්තැම්බර් 28, 29 දෙදින පුරා කොළඹ ආනන්ද විද්‍යාලයේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

දමිළ – සිංහල සංහිඳියාවට මනාවට පිළිබිඹු කරමින් මෙම තරගාවලිය බෞද්ධ අධ්‍යාපනයේ මුදුන් මල් කඩ බදු වූ කොළඹ ආනන්ද විද්‍යාලය හා දමිළ සහජීවනයේ පුනරුදය වූ යාපනය හින්දු විද්‍යාලය විසින් සංවිධානය කරයි.  

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ හොංකොං පෙරළා අවසන් සටනට

ආසියානු දැල්පන්දු පිටියේ සිය ආධිපත්‍ය තව දුරටත් පවත්වා ගනිමින් හොංකොං කණ්ඩායම …

වී. ටී. එස්. සිවගුරුනාදන් මහතා යාපනය හින්දු විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු මෙන්ම  1916 වසරේ සිට 1942 වසර දක්වා ආනන්දයේ සේවය කළ ගුරුවරයෙකි. පාසල් දෙකටම ඔහුගෙන් ඉටු වූ සේවය අගය කරනු වස් 2012 වසරේ දී ආනන්ද විද්‍යාලයීය 125 වන සංවත්සරය වෙනුවෙන් මෙම තරගාවලිය “Wielding the Willow” නමින් ආරම්භ කෙරුණි.

මෙවර තරගාවලිය ආනන්ද විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන අතර තරගාවලිය ක්‍රිකට් තරගයකින්, පැසිපන්දු තරගයකින් සහ චෙස් තරගාවලියකින් සමන්විත වේ.

එයට අමතරව පනික්කාර් තනබාලසිංහම් අනුස්මරණ ඉංග්‍රීසි මාධ්‍ය විවාද තරගයක් ද මෙයට සමගාමීව පවත්වන්නට සංවිධායක මණ්ඩලය කටයුතු කර ඇත.

මෙම තරගාවලිය සැප්තැම්බර් 28, 29 දෙදින පුරා කොළඹ ආනන්ද විද්‍යාලයේ දී පැවැත්වෙනු ඇත. උතුර දකුණ යා කරන සත්වඅනි වී. ටී. එස්. සිවගුරුනාදන් අනුස්මරණ කුසලානයේ තවත් තොරතුරු ඔබ වෙත ගෙන ඒමට අපි සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<