MAS Casualine සහ Maliban ශූරතා දිනා ගනී

The Mercantile Volleyball Tournament 2025

1
Mercantile Volleyball Tournament 2025

වෙළඳ සේවා වොලිබෝල් සංගමය සංවිධානය කරන වෙළඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ Super League ඉසව්වේ කාන්තා ශූරතාව MAS Casualine ක්‍රීඩිකාවෝ ද එම ඉසව්වේ පිරිමි ශූරතාව Maliban කණ්ඩායම ද සතු කර ගත්තා. මෙම තරග අද (14) වෙන්නප්පුව ඇල්බට් එෆ්. පීරිස් ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී නිමා වූවා.

මෙවර තරගාවලිය කාණ්ඩ 4කින් යුක්ත වූ අතර එහි Masters කාන්තා සහ පිරිමි මෙන් ම “A” කාණ්ඩයේ කාන්තා සහ පිරිමි ඉසව්වල අවසන් මහා තරග පෙර දිනයේ නිමා වූවා.

>>MAS Unichela තියුණු ජයක් ලබයි<<

අද පැවැතියේ Championship කාන්තා සහ පිරිමි මෙන් ම Super League කාන්තා සහ පිරිමි ඉසව්වල අවසන් මහා තරගයි.

Championship කාණ්ඩයේ පිරිමි අවසන් මහා තරගය

Ocean Lanka කණ්ඩායමට 2-0ක ජයක්.

මෙම කාණ්ඩයේ අවසන් මහා තරගයට Ocean Lanka සහ Maliban කණ්ඩායම් එක් වූ අතර එම තරගය වට 5ක් දක්වා ඇදී ගියා. තරගයේ පළමු වට ද්විත්වයේ දී 25-22ක් සහ 25-22ක් ලෙසින් ඉදිරියට පැමිණීමට Ocean Lanka කණ්ඩායම සමත් වෙනවා.

නමුත් අනතුරු ව පැවැති වට ද්විත්වයේ දී 25-20ක් සහ 27-25ක් ලෙසින් ජයග්‍රහණය කරමින් තරග වට 2-2ක් ලෙසින් සම කිරීමට Maliban කණ්ඩායම සමත් වෙනවා. තීරණාත්මක තරගය ද කර කර සටනක යෙදුණ අතර එම වටය නිමා වෙන්නේ 15-13ක් ලෙසින් Ocean Lanka කණ්ඩායමට ජයග්‍රහණය හිමි වෙමින්.

මෙම ඉසව්වේ තෙවැනි ස්ථානය Airport and Aviation කණ්ඩායම සතු වුණා.

තරගයේ දක්ෂත ම ප්‍රහාරකයා ලෙසින් Maliban කණ්ඩායමේ එස්. ආර්. ජේ. දිසානායක සම්මාන ලබා ගනිද්දී තරගයේ දක්ෂතම පන්දු සකසන්නා Ocean Lanka කණ්ඩායමේ එම්. ජී. සී. ලක්ශර ද සහ තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් Ocean Lanka කණ්ඩායමේ ඩබ්ලිව්. එන්. පී. වීරසිංහ ද සම්මාන දිනා ගත්තා.

Championship කාණ්ඩයේ කාන්තා අවසන් මහා තරගය

MAS Casualline කණ්ඩායමට 3-0ක ජයක්.

Omega Line සහ MAS Casualline කණ්ඩායම් අතර පැවැති මෙම අවසන් මහා තරගයෙන් තරග වට 3-0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට  MAS Casualline කණ්ඩායම සමත් වෙනවා. ඔවුන් මෙම තරගය ජයග්‍රහණය කරන්නේ 25-18ක්, 25-15ක් සහ 25-19ක් ලෙසිනුයි.

මෙම ඉසව්වේ තෙවැනි ස්ථානය අවිස්සාවේල්ල Brandix Essentials කණ්ඩායම සතු වූවා.

තරගයේ සම්මාන ත්‍රිත්වය ම MAS Casualline කණ්ඩායම සතු වෙන අතර ඒ අනුව තරගයේ දක්ෂතම ප්‍රහාරිකාව ලෙස ආර්. එම්. පවනි උත්තරා ද, තරගයේ දක්ෂතම පන්දු සකසන්නිය ලෙසින් එම්. ඩී. චතුරි ශිවන්තිකා ද සහ තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් පී. එච්. පාරින්දි දිසානායක ද සම්මාන ලැබුවා.

Super League කාණ්ඩයේ කාන්තා අවසන් මහා තරගය

MAS Casualine කණ්ඩායමට 3-0ක ජයක්.

මෙම කාණ්ඩයේ අවසන් මහා තරගය Hirdaramani සහ MAS Casualine කණ්ඩායම් අතර පැවැති අතර එහි දී තරග වට 3-0ක ජයග්‍රහණයක් ලබා ගැනීමට MAS Casualine කණ්ඩායම සමත් වෙනවා. තරගය නිමා වෙන්නේ 25-22ක්, 25-14ක් සහ 25-16ක් ලෙසිනුයි.

තරගාවලියේ මෙම කාණ්ඩයේ තෙවැනි ස්ථානය Maliban කණ්ඩායම සතු වූවා.

අවසන් තරගයෙන් අනතුරු ව පැවැති සම්මාන ප්‍රදානයේ දී තරගයේ දක්ෂතම ප්‍රහාරිකාව ලෙසින් MAS Casualine කණ්ඩායමේ කේ. තිළිණි වාසනා ද, දක්ෂතම පන්දු සකසන්නිය ලෙසින් MAS Casualine කණ්ඩායමේ එච්. එම්. තිවංකි මදුමාලි හේරත් ද, දක්ෂතම පන්දු වලක්වන්නිය ලෙසින් MAS Casualine කණ්ඩායමේ කේ. පී. සත්‍යා සෙව්වන්දි ද, දක්ෂතම පන්දු භාරගන්නිය ලෙසින් Hirdaramani කණ්ඩායමේ එච්. පී. එන්. එස්. ගුණවර්ධන ද, දක්ෂතම පන්දු පිරිනමන්නිය ලෙසින් MAS Casualine කණ්ඩායමේ ඩබ්ලිව්. ඒ. සචිනි මදුවන්ති ද දක්ෂතම Libero ක්‍රීඩිකාව ලෙසින් MAS Casualine කණ්ඩායමේ එච්. එච්. ඒ. දිලූශා සංජීවනී ද සහ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් MAS Casualine කණ්ඩායමේ ඩබ්ලිව්. ඒ. සචිනි මදුවන්ති ද සම්මානයට පාත්‍ර වූවා

>>දුලබ ශූරතා 4ක් දිනූ එකම ශ්‍රී ලංකා ක්‍රීඩකයා – සඳුන් විමලසේන<<

Super League කාණ්ඩයේ පිරිමි අවසන් මහා තරගය

Maliban කණ්ඩායමට තරග වට 3-0ක ජයක්.

මෙම කාණ්ඩයේ අවසන් මහා තරගය Ocean Lanka සහ Maliban කණ්ඩායම් අතර පැවැති අතර එහි දී තරග වට 3-0ක ජයග්‍රහණයක් ලබා ගැනීමට Maliban කණ්ඩායම සමත් වෙනවා. තරගය අවසන් වෙන්නේ ලකුණු 33-31ක්, 25-23ක් සහ 29-27ක් ලෙසින්.

මෙම ඉසව්වේ තෙවැනි ස්ථානය Best Pacific කණ්ඩායම සතු වූවා.

තරගයෙන් අනතුරු ව පැවැති ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී තරගයේ දක්ෂතම ප්‍රහාරකයා ලෙසින් Maliban කණ්ඩායමේ කවිඳු පබසර ද, දක්ෂතම පන්දු සකසන්නා ලෙසින් Maliban කණ්ඩායමේ ඕ. පී. පෙරේරා ද, දක්ෂතම පන්දු වලක්වන්නා ලෙසින් Ocean Lanka කණ්ඩායමේ ලසන්ත පතිරණ ද, දක්ෂතම පන්දු භාරගන්නා ලෙසින් Ocean Lanka කණ්ඩායමේ ඒ. එස්. පීරිස් ද, දක්ෂතම පන්දු පිරිනමන්නා ලෙසින් Maliban කණ්ඩායමේ කවිඳු පබසර ද, දක්ෂතම Libero ක්‍රීඩකයා ලෙසින් Maliban කණ්ඩායමේ කේ. ටී. ශෙනාල් ද සහ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් Maliban කණ්ඩායමේ එල්. ඒ. ඩී. සංදීප ද සම්මානයට පාත්‍ර වූවා.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න <<