සාග් වොලිබෝල් සංචිතය නම් කරයි

366

එළැඹෙන පෙබරවාරි 6වැනිදා ඉන්දියාවේ ඇසෑම් ප‍්‍රාන්තයේදි ආරම්භ වන 12වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා වොලිබෝල් පිරිමි සහ කාන්තා කණ්ඩායම් දෙක ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

තායිලන්තයේදී දින හයක පුහුණු තරඟමාලාවකට එක් වු සංචිතයෙන් මෙම තොරාගැනිම සිදුකළ බව එහි ප්‍රකාශකයෙක් පැවසිය.

අවසන් වරට ඩකා නුවරදී පැවැති 11 වැනි සාග් ක්‍රීඩා උළෙලේදී ශ‍්‍රී ලංකා පිරිමි වොලිබෝල් කණ්ඩායමට ලෝකඩ පදක්කම ද, කාන්තා කණ්ඩායමට රිදී පදක්කම ද හිමිවිය. මෙවරද වැඩි බලාපොරොත්තු සහිතව සාග් උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා වොලිබෝල් පිරිමි සංචිතය මෙසේය

  • ජනිත් සුරත් (නායක)
  • ගයාන් මධුශංඛ පේ‍්‍රමරත්න
  • දීප්ත රොමේෂ් රණවක
  • බී.එච්. වසන්ත ලක්මාල්
  • එස්.නිලංක සංජය
  • කසුන් චතුරංග ප‍්‍රනාන්දු
  • ඉසුරු මධුෂාන්
  • චාමර මිහිලාන්
  • ශාමිල් මලින්ද සිල්වා
  • ජේ.ඒ. චාමර මධුසංඛ ජයසූරිය
  • පී.ඒ.අයේෂ්  දිල්හාන්
  • කේ.ඒ. නුවන් චාමික
  • ජී.ජී.එල්.එම්. වසන්තප‍්‍රිය
  • රොමේෂ් ප‍්‍රසන්න සුබසිංහ
  • මලිත් දිනුදු චාමර

සාග් උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා වොලිබෝල් කාන්තා සංචිතය

  • ජේ. එම්.ප‍්‍රසාදිනි(නායක)
  • හෂිණි සේනාරත්න
  • තිළිණි  පෙරේරා
  • ඉරේෂා උමයංගනී
  • චතුරිකා රණසිංහ
  • වාසනා මධුමාලි
  • තක්ෂිලා මධුරංගි
  • කාංචනා දිල්හානි
  • විරාජි චාමරිකා
  • ඉරේෂා පෙරේරා
  • ජේ.ඩබ්.පී. තුෂාරි
  • එච්.ඒ. සංජීවනී
  • රුවනි තක්ෂිලා
  • අෂානි ජයතුංග
  • සෙව්මාලි සෙනවිරත්න

පිරිමි කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස චාල්ස් තිලකරත්න මහතා කටයුතු කරන අතර  කාන්තා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස  රොබෙටෝ අන්ත‍්‍රාස් මහතා කටයුතු කරයි.