වොලිබෝලයේ නිහඬ තරුව – යුආන්තොරේනා

වොලිබෝල් පුරාවෘත අංක 19

212
Osmany Juantorena

සෑම අංශයකින්ම දක්ෂයෙකු ලෙසින් නම් දරා සිටියත් එයින් ද ඔහු වඩාත් සුවිශේෂී ලෙස දස්කම් දක්වන අංශ දෙකකි. පිටියේ ඉදිරිපස කලාපයේ ක්‍රීඩාවේ නිරත වන විට අතිදක්ෂ පන්දු ආවරණය කරන්නෙකු වශයෙන් සිය දක්ෂතා පෙන්වන ඔහු පිටියේ පසුපස කලාපය තුළ සිටින විට පසුපස ප්‍රහාරකයෙකු වශයෙන් එල්ල කරන පහරවල් ඉතා චමත්කාරජනකය. 

ඔස්මානි යුආන්තොරේනා.

ThePapare.com ඔබ වෙත ගෙන එන වොලිබෝල් පුරාවෘත ලිපි මාලාවේ 19 වැනි ලිපිය වෙන් වන්නේ ඔහු වෙනුවෙන් ය.Osmany Juantorena

  • නම – ඔස්මානි යුආන්තොරේනා පෝටූන්ඩෝ (Osmany Juantorena Portuondo)
  • උපත – 12/08/1985
  • උස – 200 cm (6 ft 7 in)
  • බර – 85 kg (187 lbs)
  • ක්‍රීඩා කරන ස්ථානය – පිටත ප්‍රහාරක (Outside Hitter)
  • ජර්සි අංකය – 5
  • ප්‍රහාරක උස – 370 cm (146 in)
  • ආවරණ උස – 340 cm (134 in)
  • නියෝජනය කළ රට – කියුබාව, ඉතාලිය
  • වෙනත් කණ්ඩායම්
    • 1997–2004 Orientales de Santiago (කියුබාව)
    • 2004–2006 Ural Ufa (රුසියාව)
    • 2009–2010 Itas Diatec Trentino (ඉතාලිය)
    • 2010 Al Arabi Ad-Dauha (කටාර්)
    • 2010–2013 Itas Diatec Trentino (ඉතාලිය)
    • 2013–2015 Halkbank Ankara (තුර්කිය)
    • 2015– Cucine Lube Civitanova (ඉතාලිය)

ඔහුගේ විශේෂත්වය

යුආන්තොරේනා ගේ ක්‍රීඩා රටාව විශ්ලේෂණය කරන විට දැකිය හැකි සුවිශේෂී කරුණක් වන්නේ වොලිබෝල් ක්‍රීඩාවේ සෑම අංශයක් කෙරෙහිම ඔහු දක්වන දක්ෂතාවයයි. ඔහුගේ මේ බහුවිධ දක්ෂතා නිසාම ඔහුගේ ක්‍රීඩා දිවිය තුළ ප්‍රධාන තරගාවලි 13 දීම තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට ඔහු සමත්ව ඇත.

පිටියේ පසුපස කලාපයේ රැඳී සිටිමින් යුආන්තොරේනා එල්ල කරන පහරවල් බොහෝ විට ලකුණු බවට පත්වන්නේ ඔහු එම ප්‍රහාරයන් එල්ල කරන කෝණයන්හි ඇති නිරවද්‍යතාවය නිසාය. එමෙන්ම බොහෝ ක්‍රීඩකයන් පසුපස කලාපයේ සිට ප්‍රහාර එල්ල කරන විට පන්දු සකසන්නා විසින් ඔවුන්ට පන්දුව තරමක් උසින් වැඩි වන ලෙස සකසා දිය යුතුය. මේ නිසා ප්‍රතිවාදී ක්‍රීඩකයන්ට එම පන්දු ප්‍රහාරයන් ආවරණය කිරීම සඳහා වැඩි කාලයක් හිමි වේ. නමුත් යුආන්තොරේනා පසුපස කලාපයේ සිට පහර එල්ල කරන්නේ තරමක් කෙටි ඔසවා දීම් වලටය. මේ නිසා ප්‍රතිවාදී පන්දු ආවරණය කරන්නන්ට එම ප්‍රහාරයන් ආවරණය කිරීම ඉතා දුෂ්කර කාර්යයයි.

විශේෂයෙන්ම 2016 වසරේ රියෝ ඔලිම්පික් උළෙලේ දී ඉතාලි කණ්ඩායමට අවසන් මහා තරගයට පිවිසීම සඳහා යුආන්තොරේනාගේ මෙම දක්ෂතාවයන් අතිශයින්ම ඉවහල් වූ බව නොරහසකි.

එහි දී තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයේ දී ඉරාන කණ්ඩායමට එරෙහිව ඔහු දැක්වූ ප්‍රහාරක දක්ෂතා කැපී පෙනුන අතර බ්‍රසීලයට එරෙහි අවසන් මහා තරගයේ දී ද එම දක්ෂතා යළිත් පෙන්වන්නට යුආන්තොරේනා සමත් විය. එම තරග දෙකේ දී ම ඉතාලි කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ඔහුය. 

ඔලිම්පික් තරගාවලිය වැනි අතිශය උණුසුම් තරගාවලියක ඉවාන් සයිට්සෙව්, එමානුවෙල් බිරරෙලි, සිමෝන් ජියොනෙලි වැනි අති දක්ෂයන් සමඟ එකට ක්‍රීඩා කරමින් ඔවුන් අතරින් වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමෙන්ම යුආන්තොරේනාගේ විශිෂ්ටත්වය පිළිබඳව හොඳින් වටහා ගත හැක.Osmany Juantorena

පුද්ගලික දිවිය

ඔස්මානි යුආන්තොරේනා උපත ලැබුවේ සන්තියාගෝ ද කියුබාවේ ය. ඔහු කියුබානු හිටපු ධාවකයෙකු සහ දේශපාලනඥයෙකු වන ඇල්බර්ටෝ යුආන්තොරේනාගේ බෑණනුවන් ය. යුආන්තොරේනා සහ ඔහුගේ බිරිඳ ග්ලෙන්ඩා පළමු වරට දෙමව්පියන් බවට පත්වූයේ 2013 මැයි 3 වැනි දින වික්ටෝරියා නම් ඔවුන්ගේ පළමු දියණියගේ උපතත් සමඟ ය. පසුව ඔවුන් දෙපළට දාව ඇන්ජලිකා නම් තවත් දියණියක් උපත ලැබීමෙන් අනතුරුව යුආන්තොරේනා  දෙදරු පියෙක් බවට පත්විය.Osmany Juantorena

වෘත්තීය දිවිය

ඔස්මානි යුආන්තොරේනා සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ වයස අවුරුදු 12 තරම් කුඩා අවධියේ දී කියුබාවේ Orientales de Santiago ක්‍රීඩා සමාජය හරහා ය. ඉන් වසර ගණනාවකට පසු, ඔහු රුසියානු ලීගයේ සිය පළමු වෘත්තීය ක්‍රීඩා සමාජය වන Ural Ufa කණ්ඩායම වෙත මාරු වූ අතර ඊළඟ තරඟ සමයේ දී ඔහු ඉන් ඉවත් වී Itas Diatec Trentino කණ්ඩායම වෙත ගියේය.

යුආන්තොරේනා ඉතාලියේ ක්‍රීඩා කරන කාලය තුළ CEV චැම්පියන්ස් ලීග් තරගාවලියේ රන් පදක්කම තුන් වතාවක් (2009/2010, 2010/2011) සහ ලෝකඩ පදක්කම එක් වතාවක් (2012/2013) සිය ක්‍රීඩා සමාජයන් වෙත දිනා දීම උදෙසා විශාල මෙහෙවරක් කරන ලදි.

එයට අමතරව ඔහු FIVB පිරිමි වොලිබෝල් ක්‍රීඩා සමාජ ලෝක ශූරතාවලියේ රන් පදක්කම් 4ක් (2009, 2010, 2011, 2012) දිනා දීමට ද සමත් ඒ වූයේ තරගාවලි හතරකම තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා බවට පත් වෙමිනි.

2010 මැයි මාසයේ දී ඔහු කටාර් හි Al Arabi Ad-Dauha ක්‍රීඩා සමාජය වෙනුවෙන් කෙටි කාලීන කොන්ත්‍රාත්තුවක් සඳහා ක්‍රීඩා කළේය. පසුව ඔහු 2010 සැප්තැම්බර් මාසයේ දී නැවතත් Itas Diatec Trentino කණ්ඩායම වෙත පැමිණියේය.

ඉන් අනතුරුව 2012/2013 තරග සමයේ දී නැවත වරක් Itas Diatec Trentino කණ්ඩායම සමඟින් ඉතාලි කුසලානය සහ ඉතාලි ශූරතාවය ජයග්‍රහණය කරන්නට යුආන්තොරේනා  සමත් වූ අතර 2013 දී ඔහු තුර්කි ක්‍රීඩා සමාජයක් වන Halkbank Ankara ක්‍රීඩා සමාජය වෙත මාරු විය. එහි දී ඔහු 2013 වසරේ තුර්කි සුපර් කප් සහ තුර්කි ශූරතාවය යන කුසලාන ද්විත්වයම දිනා ගැනීමට සමත් විය. ඉන්පසු 2014 වසරේ දී ද යුආන්තොරේනා ප්‍රමුඛ Halkbank Ankara කණ්ඩායම නැවතත් තුර්කි සුපර් කප් කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් විය. Osmany Juantorena

2015 අප්‍රේල් මාසයේ දී යුආන්තොරේනා සිය වෘත්තිය දිවිය ඉතාලියේ Cucine Lube Civitanova ක්‍රීඩා සමාජය වෙත මාරු කරන්නට තීරණය කළේය.

Osmany Juantorenaයුආන්තොරේනා ප්‍රථම වරට ජාත්‍යන්තර ක්‍රීඩා පිටියට පිවිසියේ 2003 දී කියුබානු ජාතික කණ්ඩායම සමඟය. පසුව 2006 වසර දක්වා කියුබාව නියෝජනය කළ ඔහු කියුබානු කණ්ඩායම සමඟින් 2003 වසරේ පෑන් ඇමරිකානු කුසලානයේ ලෝකඩ පදක්කමත්, 2006 වසරේ FIVB ලෝක ලීගයේ ලෝකඩ පදක්කමත් දිනා ගැනීමට සමත් විය.

ඉන් අනතුරුව යුආන්තොරේනා 2015 වසරේ දී ඉතාලියේ ජාතික කණ්ඩායමට එක් වූ අතර ජාත්‍යන්තර පිටිය තුළ ඔහු වැඩිම සාර්ථකත්වයක් අත්කර ගන්නේ ඉතාලි කණ්ඩායමත් සමඟ ය. එහි දී ඔහු ඉතාලිය වෙනුවෙන් 2015 යුරෝපීය ශූරතාවයේ ලෝකඩ පදක්කම, 2015 FIVB ලෝක කුසලානයේ රිදී පදක්කම සහ 2016 රියෝ ඔලිම්පික් උළෙලේ රිදී පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වී තිබේ.

සුවිශේෂී ජයග්‍රහණ

CEV චැම්පියන්ස් ලීගය

  • 2009/2010 රන් පදක්කම – Itas Diatec Trentino සමඟ
  • 2010/2011 රන් පදක්කම – Itas Diatec Trentino සමඟ
  • 2011/2012 ලෝකඩ පදක්කම – Itas Diatec Trentino සමඟ
  • 2013/2014 රිදී පදක්කම – Halkbank Ankara සමඟ
  • 2015/2016 ලෝකඩ පදක්කම –  Cucine Lube Civitanova සමඟ
  • 2016/2017 ලෝකඩ පදක්කම – Cucine Lube Civitanova සමඟ
  • 2017/2018 රිදී පදක්කම – Cucine Lube Civitanova සමඟ
  • 2018/2019 රන් පදක්කම – Cucine Lube Civitanova සමඟ

FIVB ක්‍රීඩා සමාජ ලෝක ශූරතාවය

  • කටාර් 2009 රන් පදක්කම – Itas Diatec Trentino සමඟ
  • කටාර් 2010 රන් පදක්කම – Itas Diatec Trentino සමඟ
  • කටාර් 2011 රන් පදක්කම – Itas Diatec Trentino සමඟ
  • කටාර් 2012 රන් පදක්කම – Itas Diatec Trentino සමඟ
  • පෝලන්තය 2017 රිදී පදක්කම – Cucine Lube Civitanova සමඟ
  • පෝලන්තය 2018 රිදී පදක්කම – Cucine Lube Civitanova සමඟ

ජාතික ශූරතාවය

  • 2009/2010 ඉතාලි කුසලාන Serie A – රන් පදක්කම, Itas Diatec Trentino සමඟ
  • 2009/2010 ඉතාලි ශූරතාවය – රිදී පදක්කම, Itas Diatec Trentino සමඟ
  • 2010/2011 ඉතාලි ශූරතාව – රන් පදක්කම, Itas Diatec Trentino සමඟ
  • 2011/2012 ඉතාලි කුසලාන Serie A – රන් පදක්කම, Itas Diatec Trentino සමඟ
  • 2011/2012 ඉතාලි ශූරතාව – රිදී පදක්කම, Itas Diatec Trentino සමඟ
  • 2012/2013 ඉතාලි කුසලාන Serie A – රන් පදක්කම, Itas Diatec Trentino සමඟ
  • 2012/2013 ඉතාලි ශූරතාව – රන් පදක්කම, Itas Diatec Trentino සමඟ
  • 2013/2014 තුර්කි සුපර්කප් – රන් පදක්කම, Halkbank Ankara සමඟ
  • 2013/2014 තුර්කි ශූරතාවය – රන් පදක්කම, Halkbank Ankara සමඟ
  • 2014/2015 තුර්කි සුපර්කප් – රන් පදක්කම, Halkbank Ankara සමඟ
  • 2014/2015 තුර්කි කුසලානය – රන් පදක්කම, Halkbank Ankara සමඟ
  • 2014/2015 තුර්කි ශූරතාවය – රිදී පදක්කම, Halkbank Ankara
  • 2016/2017 ඉතාලි කුසලානය – රන් පදක්කම, Cucine Lube Civitanova සමඟ
  • 2016/2017 ඉතාලි ශූරතාව – රන් පදක්කම, Cucine Lube Civitanova සමඟ
  • 2017/2018 ඉතාලි කුසලානය – රිදී පදක්කම, Cucine Lube Civitanova සමඟ
  • 2017/2018 ඉතාලි ශූරතාවලිය – රිදී පදක්කම, Cucine Lube Civitanova සමඟ
  • 2018/2019 ඉතාලි කුසලානය – රිදී පදක්කම, Cucine Lube Civitanova සමඟ
  • 2018/2019 ඉතාලි ශූරතාව – රන් පදක්කම, Cucine Lube Civitanova සමඟ

කියුබානු ජාතික කණ්ඩායම

  • 2003 පෑන් ඇමරිකානු ක්‍රීඩා රිදී පදක්කම
  • 2005 FIVB ලෝක ලීගය – ලෝකඩ පදක්කම

ඉතාලි ජාතික කණ්ඩායම

  • 2015 FIVB ලෝක කුසලානය රිදී පදක්කම
  • 2015 CEV යුරෝපීය ශූරතාවලිය – ලෝකඩ පදක්කම
  • 2016 ඔලිම්පික් ක්‍රීඩා – රිදී පදක්කම

තනි ජයග්‍රහණ 

  • 2005 රුසියානු ලීගය – වටිනාම ක්‍රීඩකයා
  • 2005 FIVB ලෝක ලීගය – හොඳම පන්දු ලබන්නා
  • 2009 FIVB ක්‍රීඩා සමාජ ලෝක ශූරතාවය – හොඳම පන්දු පිරිනමන්නා
  • 2010 CEV චැම්පියන්ස් ලීගය – වටිනාම ක්‍රීඩකයා
  • 2010 FIVB ක්‍රීඩා සමාජ ලෝක ශූරතාවය – හොඳම පන්දු ප්‍රහාරකයා
  • 2010 FIVB ක්‍රීඩා සමාජ ලෝක ශූරතාවය – වටිනාම ක්‍රීඩකයා
  • 2011 CEV චැම්පියන්ස් ලීගය – වටිනාම ක්‍රීඩකයා
  • 2011 FIVB ක්‍රීඩා සමාජ ලෝක ශූරතාවය – හොඳම පන්දු ප්‍රහාරකයා
  • 2011 FIVB ක්‍රීඩා සමාජ ලෝක ශූරතාවය – වටිනාම ක්‍රීඩකයා
  • 2011 Seri A – හොඳම පන්දු පිරිනමන්නා
  • 2012 ඉතාලි කුසලානය – වටිනාම ක්‍රීඩකයා
  • 2012 කටාර් කුසලානයේ එමීර් – වටිනාම ක්‍රීඩකයා
  • 2012 FIVB ක්‍රීඩා සමාජ ලෝක ශූරතාවය – වටිනාම ක්‍රීඩකයා
  • 2014 ඉතාලි කුසලානය – වටිනාම ක්‍රීඩකයා
  • 2014 තුර්කි ලීගය – වටිනාම ක්‍රීඩකයා
  • 2015 කටාර් කුසලානයේ එමීර් – වටිනාම ක්‍රීඩකයා
  • 2015 FIVB ලෝක කුසලානය – හොඳම පිටත ස්පිකර්
  • 2017 FIVB ක්ලබ් ලෝක ශූරතාවය – වටිනාම ක්‍රීඩකයා
  • 2018 CEV චැම්පියන්ස් ලීගය – හොඳම පිටත ස්පිකර්
  • 2019 CEV චැම්පියන්ස් ලීගය – වටිනාම ක්‍රීඩකයා

Image Credits:  gettyimages.com, volleywood.net

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<