දකුණු අප්‍රිකාවට සමුදෙන වේගපන්දු පුරාවෘත්තය

112

දකුණු අප්‍රිකානු වේගපන්දු පුරාවෘත්තය වර්නන් ෆිලෙන්ඩර්, එළඹෙන එංගලන්ත ටෙස්ට් තරගයෙන් අනතුරුව ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රීඩාවට සමුදීමට නියමිතය. පිතිකරුවන් භීතියට පත්කළ වේගපන්දුව පිළිබඳව ThePapare.com ගෙන එන සටහනකි. 

සාම්ප්‍රදාය කැඩූ ජපන්නු දෙන්නෙක් ජපානයට ලෝක කුසාලනය ගේන්න යන හැටි

මීට වසර 4කට පෙර 13 හැවිරිදි Kazumasa Takahashi හා Reiji Suto……

ටෙස්ට් ක්‍රීඩාවේ හොඳම වේගපන්දු ‍යවන්නා ලෙස සර් රිචඩ් හැඩ්ලී සැලකිය හැක. ටෙස්ට් තරග 86 කට ක්‍රීඩා කර ඇති ඔහු එහි දී කඩුලු 431ක් ලබාගෙන ඇත. ටෙස්ට් පන්දු ‍සාමාන්‍ය 22.29ක් ලෙස සටහන් කර ගත් ඔහුගේ ලකුණු සාමාන්‍ය ලකුණු 2.63කි. සර් රිචඩ් හැඩ්ලීගේ සමුගැනීමෙන් වසර 30කට පසුව ඔහුගේ දක්ෂතා අසලට පැමිණීමට සමත් පන්දු ‍යවන්නෙකු වූයේ නම් ඒ වර්නන් ෆිලෙන්ඩර් මය. සර් හැඩ්ලීට සමාන සාමාන්‍යයක්, ලකුණු සාමාන්‍යයක් සහිත ෆිලෙන්ඩර් ටෙස්ට් තරග 63ක දී ලබා ගත් කඩුලු සංඛ්‍යාව 222කි. 

සර් හැඩ්ලීගේ හා ෆිලෙන්ඩර්ගේ සමානකම් එතනින් අවසන් නොවේ. ප්‍රබල වේගයක් හා මනා පන්දු හැසිරවීමේ හැකියාවක් ෆිලෙන්ඩර් හා සර් හැඩ්ලීට තිබුනේය. ෆිලෙන්ඩර් පන්දුව දෙපැත්තට සෙලවීම කිරීම මඟින් පන්දුවේ වේගය පාලනය කරන අතර සර් හැඩ්ලී තම වේගය පාලනය කිරීම සඳහා යොදා ගත්තේ සෘජු පන්දු ‍යොමුකිරීමයි. 

සර් හැඩ්ලී තම කණ්ඩායමේ කඩුලුවලින් 35.71%කට හිමිකම් කියන විට වර්නන් ෆිලෙන්ඩර් තම සගයන් වූ ඩේල් ස්ටේන්, කගීසෝ රබාඩා හා මෝර්නේ මෝර්කල් සමඟින් පන්දු ‍යවමින් කණ්ඩායමේ කඩුලුවලින් 21.20%කට හිමිකම් කීමට සමත් විය. 

වර්නන් ෆිලෙන්ඩර්ගේ ක්‍රීඩා දිවියේ සංඛ්‍යාත්මක දත්ත පහත පරිදි වේ. 

තරග රටාව තරග සංඛ්‍යාව කඩුලු  සාමාන්‍යය ලකුණු  සාමාන්‍යය පන්දුවට පහරදීමේ වේගය කඩුලු 5 බැගින් ලබාගත් අවස්ථා හොඳම පන්දු ‍යැවීම
ටෙස්ට්  63 222 22.29 2.63 50.7 13 6/21
එක්දින  30 41 24.04 4.62 31.1 0 4/12
විස්සයි විස්ස  7 4 28.5 8.24 20.7 0 2/23

 

වර්නන් තම පළමු ටෙස්ට් තරගය සඳහා 2011 වසරේ දී එක්වූ අතර ඔහුගේ ප්‍රතිවාදියා වූයේ ඕස්ට්‍රේලියාවයි. ඕස්ට්‍රේලියා පළමු ඉනිමේ කඩුලු 3ක් ලබා ගැනීමට වර්නන් සමත් විය. දකුණු අප්‍රිකානු පළමු ඉනිම ලකුණු 96කට සීමා වීමෙන් පසුව ඇරඹෙන ඕස්ට්‍රේලියා දෙවන ඉනිම වනසා දැමීමට වර්නන් සමත් වන්නේ ලකුණු 15කට කඩුලු 5ක් දවා ගනිමිනි. ඕස්ට්‍රේලියා දෙවන ඉනිම ලකුණු 47කට සීමා විය. තරගයේ වීරයා වූ වර්නන් එම තරගය තුල ලකුණු 88කට කඩුලු 8ක් දවා ගැනීමට සමත් විය. 

වර්නන් ෆිලෙන්ඩර් දකුණු අප්‍රිකාව තුල දී සාර්ථකම පන්දු ‍යවන්නා ලෙස අවිවාදයෙන් පිළිගත හැක. වර්නන් දකුණු අප්‍රිකාව වෙනුවෙන් එරට දී ටෙස්ට් තරග 35ක් ක්‍රීඩා කර ඇති අතර දකුණු අප්‍රිකාව ඉන් තරග 24ක් ජයග්‍රහණය කර ඇත. 

තම රටේ දී ටෙස්ට් කඩුලු 100ට වඩා දවා ගත් ක්‍රීඩකයන් ලැයිස්තුවේ දෙවන හොඳම ටෙස්ට් ලකුණු සාමාන්‍යය වර්නන්ට හිමිව ඇත. ඔහු දකුණු අප්‍රිකාවේ දී කඩුලු 144ක් දවාගෙන ඇති අතර එහි සාමාන්‍ය 19.00ක් ලෙස පවත්වා ගැනීමට සමත්ව ඇත. එම ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය හිමිව ඇත්තේ එංගලන්ත ක්‍රීඩක ජිම් ලැකර් හටය. ඔහුගේ සාමාන්‍ය 18.08කි. 

1992 වසරේ දී ප්‍රතිසංස්කරණ වීමෙන් අනතුරුව දකුණු අප්‍රිකාව වේගපන්දු ‍යවන්නන්ට වඩාත් සුදුසු ක්‍රීඩාංගණ සහිත රටක් ලෙස නම් දරා ඇත. දකුණු අප්‍රිකානු සෙසු පන්දු ‍යවන්නන් වන කගීසෝ රබාඩා (20.09), ශෝන් පොලොක් (21.08), ඩේල් ස්ටේන් (21.62), ඇලන් ඩොනල්ඩ් (21.64) හා මකායා නිටිනි (24.04) ද තම සාමාන්‍ය ඉතා හොඳ මට්ටමක පවත්වාගෙන ඇත. 

තම රට තුල දී හොඳම ටෙස්ට් සාමාන්‍යය (කඩුලු 100ට වැඩි)

ක්‍රීඩකයා තරග කඩුලු  සාමාන්‍යය ලකුණු සාමාන්‍ය පන්දුවට පහරදීමේ වේගය කඩුලු 5 බැගින් ලබාගත් අවස්ථා හොඳම පන්දු ‍යැවීම
ජිම් ලැකර් 29 135 18.08 1.98 54.7 7 10/53
වර්නන් ෆිලෙන්ඩර්  35 144 19 2.61 43.6 9 6/21
ඉම්‍රාන් ඛාන් 38 163 19.2 2.44 47 10 8/58
ටෝනි ලොක් 28 104 19.51 1.88 62 6 7/35
මුමුත්තයියා මුරලිදරන්  73 493 19.56 2.3 50.8 45 9/51
ෆ්‍රෙඩ් ටෲමන් 47 229 20.04 2.67 44.9 14 8/31
මැල්කම් මාර්ශල් 31 157 20.06 2.83 42.4 8 7/80
කගීසෝ රබාඩා 26 141 20.09 3.54 34 8 7/112
වකාර් යුනිස් 33 162 20.29 3.14 38.7 11 7/76

 

වර්නන් තම ටෙස්ට් දිවිය තුල 13 වතාවක් කඩුලු 5 බැගින් ලබාගෙන ඇති අතර ඉන් 9ක්ම දකුණු අප්‍රිකාවේ දී ලබාගෙන ඇත. කේප් ටවුන් ක්‍රීඩාංගණය වර්නන්ගේ ක්‍රීඩාංගණය වන අතර එහි දී ඔහු ටෙස්ට් තරග 11කට ක්‍රීඩා කරමින් කඩුලු 53ක් ලබාගෙන ඇත්තේ 18.26ක සාමාන්‍යයක් රඳවා ගනිමිනි. වොන්ඩරර්ස් හා සෙන්චූරියන් හිදී ටෙස්ට් තරග 7 බැගින් ක්‍රීඩා කර ඇති ෆිලෙන්ඩර් එහි දී කඩුලු 27ක් ලබාගෙන ඇත. 

කෙසේ වෙතත් වර්නන් ආසියානු කලාපය තුල එතරම් සාර්ථක පන්දු ‍යවන්නෙකු නොවේ. ආසියානු කලාපය තුල ටෙස්ට් තරග 10කට ක්‍රීඩා කර ඇති වර්නන් එහි දී ලබාගෙන ඇත්තේ කඩුලු 16ක් පමණි. එහි සාමාන්‍ය 38.06ක් ලෙස දැක්වෙන අතර පන්දුවට පහර දීමේ වේගය 91ක් ලෙස දැක්වේ. නමුත් ඔහු ලකුණු සාමාන්‍යය 2.50ක් ලෙස රඳවා ගෙන ඇත. 

වේගපන්දුවෙන්, හිතුවක්කාරකමෙන් ලොව දිනූ ඩෙනිස් ලිලී

හැත්තෑව සහ අසූව දශකවල ඕස්ට්‍රේලියානු පන්දු බලඇණියේ……..

වර්නන් ආසියාව තුල ක්‍රීඩා කළ තරගවල දී දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කර ඇත්තේ තරග 2ක් පමණි. එහි දී ඔහුගේ පිතිකරණ සාමාන්‍ය 19.41ක් ලෙස වාර්තා විය. වර්නන් ෆිලෙන්ඩර් ඕනෑම කණ්ඩායමක ආරම්භක පිතිකරුවන්ට හිසරදයක් වන ක්‍රීඩකයෙකි. 

තරගයක පළමු පන්දුවාර 10ක කාලය වේගපන්දු ‍යවන්නන්ට වඩාත් සුදුසු කාලය ලෙස සැලකෙන අතර වර්නන් එම පන්දුවාර තුල ලබාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 62කි. එම පන්දුවාර තුල හොඳම සාමාන්‍ය වාර්තා කර ඇත්තේ ද වර්නන් විසිනි.

තරගයක මුල් පන්දුවාර 10 තුල වාර්තා වී ඇති හොඳම සාමාන්‍ය (කඩුලු 25ට වැඩි)

ක්‍රීඩකයා තරග කඩුලු  සාමාන්‍ය  පන්දුවට පහරදීමේ වේගය ලකුණු සාමාන්‍යය
වර්නන් ෆිලෙන්ඩර්  63 62 19.56 49.6 2.37
මිචෙල් ජොන්සන් 28 28 20.54 33.7 3.66
ජෝශ් හේසල්වුඩ් 51 39 20.59 55.4 2.23
ටිම් සවුති  58 56 21.98 49.1 2.69
මෝර්නෙ මෝර්කල් 48 29 22.07 51.7 2.56
ජේම්ස් ඇන්ඩර්සන්  88 85 22.2 53.4 2.49
ඩේල් ස්ටේන් 47 40 23.93 51.5 2.79
ඉශාන්ත් ශර්මා 53 37 23.97 53.2 2.7

 

වර්නන් ෆිලෙන්ඩර් නව පන්දුව උපයෝගී කරගනිමින් සාමාන්‍ය 19.56ක සාමාන්‍යයක් රඳවා ගෙන සිටින අතර එහි ලකුණු සාමාන්‍යය 2.37ක් වේ. මුල් පන්දුවාර 10 තුල දී වර්නන්ට වඩා අඩු ලකුණු සාමාන්‍යයක් රඳවා ගෙන ඇත්තේ ජෝශ් හේසල්වුඩ් පමණි. එය 2.23කි. 

වර්නන් ඉනිම ආරම්භයේ දී එල්ල කරන පීඩනය ආරම්භක පිතිකරුවන්ට එතරම් පහසු එකක් නොවේ. එයට හොඳම සාක්ෂිය වන්නේ වර්නන් දවා ගත් ආරම්භක පිතිකරුවන්ගෙන් 70%ක්ම ලකුණු 20ක් ලබා ගැනීමට පෙර දැවී යාමයි. වර්නන්ගේ කඩුලු වලින් 75%ක්ම මුල් පිතිකරුවන් 7 දෙනාගේ කඩුලු වේ. 

වර්නන් හා ප්‍රබල සටනක නිරත වීමට ඇලිස්ටෙයාර් කුක්, අසාඩ් ශෆීක්ට හා ශෝන් මාර්ශ්ට සිදුව තිබූ අතර වර්නන් විසින් ඔවුන් 5 වතාව බැගින් දවාගෙන ඇත. ඩේවිඩ් වෝනර් හා අසාර් අලී එම ලැයිස්තුවේ පසුවන්නේ සිව් වතාව බැගින් දැවී යමිනි. 

ෆිලෙන්ඩර් දකුණු අප්‍රිකානු කණ්ඩායමට පැමිණෙන විට ඩේල් ස්ටේන් ලොව හොඳම පන්දු ‍යවන්නන් ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටි අතර මෝර්නි මෝර්කල් හා මකායා නිටිනි දකුණු අප්‍රිකානු වේගපන්දු බලඇණියේ ප්‍රබලතම ක්‍රීඩකයන්ව සිටියහ. එවන් පන්දු ‍යවන්නන් හමුවේ තම පළමු තරගවාරයේ දී ම තම ස්ථානය තහවුරු කරගැනීමට වර්නන් සමත් වන්නේ තරග 7ක දී කඩුලු 50 සීමාව පසුකරයමිනි. 

වසර 20 කට පසු කරළියට ආ සෙන්චූරියන් ඛේදවාචකය

දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ තුන්වන……

ඩේල් ස්ටේන්, මෝර්නි මෝර්කල් හා වර්නන් ෆිලෙන්ඩර් පසුකලෙක දකුණු අප්‍රිකානු ආරම්භක පන්දු ‍යවන්නන් ත්‍රිත්වය බවට පත්වූ අතර එය ලොව ඕනෑම පිතිකරණ ලැයිස්තුවක් භීතියට පත්කිරීමට සමත් විය. 

ඔවුන් තිදෙනා ටෙස්ට් තරග 31ක් ක්‍රීඩා කර ඇති අතර එහි දී කඩුලු 368ක් දවා ගැනීමට සමත්ව ඇත. එහි සාමාන්‍ය 23.50ක් වන අතර සෑම පන්දු 48.9කටම කඩුල්ලක් දවා ගැනීමට ඔවුන් සමත්ව ඇත. ලොව හොඳම ආරම්භක පන්දු ‍යවන්නන් තිදෙනා ලෙස ඔවුන් අවිවාදයෙන් පිළිගත හැක. 

ආරම්භක පන්දු ‍යවන්නන් ලෙස වැඩිම කඩුලු ලාභීන්

පළමුවන පන්දු යවන්නා දෙවන පන්දුයවන්නා තුන්වන පන්දු ‍යවන්නා  කණ්ඩායම  තරග කඩුලු  සාමාන්‍ය පන්දුවට පහරදීමේ වේගය
ඩේල් ස්ටේන් වර්නන් ෆිලෙන්ඩර්  මෝර්නි මෝර්කල් දකුණු අප්‍රිකාව  31 368 23.5 48.9
ජේම්ස් ඇන්ඩර්සන්  ස්ටුවර්ට් බ්‍රෝඩ් ස්ටීවන් ෆින් එංගලන්තය  22 265 25.07 49.9
එම් මාර්ශල් ජේ ගාර්නර් එම් හෝල්ඩින්ගර් බටහිර ඉන්දීය කොදෙව්  26 331 22.51 50.2
ට්‍ට්‍රෙන්ට් බෝල්ට් ටිම් සවුති නීල් වැග්නර් නවසීලන්තය  32 439 25.38 51.5
එස් හාර්මිශන් මැතිව් හෝගාර්ඩ් ඇන්ඩෲ ෆ්ලින්ටොෆ්  එංගලන්තය  33 383 29.38 53.9
ඒ ඩොනල්ඩ්  ශෝන් පොලොක් ජැක් කලීස් දකුණු අප්‍රිකාව  40 415 22.8 54
කර්ට්ලි ඇම්බ්‍රෝශ් සී වොල්ශ් ඉයන් බිශොප් බටහිර ඉන්දීය කොදෙව්  37 412 23.91 54.2
එම් මාර්ශල් සී වෝල්ශ් කර්ට්ලි ඇම්බ්‍රෝස් බටහිර ඉන්දීය කොදෙව්  28 338 23.12 54.8
ශෝන් පොලොක් මකායා නිටිනි  ජැක් කලීස් දකුණු අප්‍රිකාව  56 539 28.37 60.6
ආර් ලින්ඩ්වෙල් බී ජොන්ස්ටන් කේ මිලර් ඕස්ට්‍රේලියාව  36 391 22.96 62.1

 

එංගලන්ත දකුණු අප්‍රිකා සිව්වැනි හා අවසන් ටෙස්ට් තරගය එළඹෙන 24 වැනිදා ආරම්භ වීමට නියමිතය. කගීසෝ රබාඩා එම තරගයට ක්‍රීඩා නොකරන අතර වර්නන් ෆිලෙන්ඩර්ගේ අවසන් තරගය ද එය වනු ඇත. ලොව ඕනෑම පිතිකරුවෙකු භීතියට පත් කළ වේගපන්දුවේ තවත් පුරාවෘත්තයක් එලෙස ක්‍රීඩාවට සමුදෙනු ඇත. නමුත් වර්නන්ගේ දස්කම් ක්‍රීඩාලෝලීන්ට කිසිදා අමතක නොවනු ඇත.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<