අවුරුදු 19න් පහළ තේරීම් තරග ඉදිරි සතිවල දී

692

ලබන වසරේ දී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ ඒ.එෆ්.සී. කුසලාන පාපන්දු තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට පැවැත්වෙන තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන කණ්ඩායම තෝරා ගැනීම්, මේ මස 13 වැනි දා හා 20 වැනි දා බොරැල්ල, කැම්බල් පිටියේ දී පැවැත්වෙන බව ශ්‍රී ලංකා පාපන්දු සංගමය මගින් නිවේදනය කරන ලදි.

අලියාන්ස් පාපන්දු කඳවුරට ජර්මානු සහ බයන් තරු

අලියාන්ස් රක්ෂණ සමාගම මෙවරත් සංවිධානය කරනු ලබන පාපන්දු පුහුණු කඳවුර මෙම වසරේ ජූලි සහ අගෝස්තු මාසවල දී පැවැත්වීමට තීරණය කර ඇත.

මෙම තරගාවලිය  වයස අවුරුදු 19න් පහළ තරගාවලියක් වන බැවින්, වර්ෂ 1999 ජනවාරි පළමු වන දා ට පසුව උපන් අයදුම්කරුවන් හට පමණක් මෙම තරගය සඳහා සහභාගි වීමට හැකි වනු ඇත.

2017 ජුනි 13 වැනිදා සිටි පාපන්දු පිටියේ දී උදෑසන 7.30ට පැවැත්වෙන තෝරා ගැනීම්,

උතුරු පළාත – යාපනය, කිලිනොච්චිය , මුලතිව්, වව්නියා, වලිකාමම්, මන්නාරම, පේදුරු තුඩුව

නැගෙනහිර පළාත – ත්‍රිකුණාමලය, මූතූර්, කින්නියා, කුච්චවේලි, මඩකළපුව, අම්පාර, කාත්තන්කුඩි

මධ්‍යම පළාත – මහනුවර, ගම්පොළ, නාවලපිටිය, මාතලේ, බදුල්ල, බණ්ඩාරවෙල, හැටන්, නුවරඑළිය, බිබිල, මොනරාගල

වයඹ හා උතුරු මැද – අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම, හලාවත, වෙන්නප්පුව, කුරුණෑගල, කෑගල්ල

2017 ජුනි 20 වැනිදා උදෑසන 7.30ට සිටි පාපන්දු පිටියේ දී පැවැත්වෙන තෝරා ගැනීම්,

දකුණු පළාත හා සබරගමු පළාත – අම්බලන්ගොඩ, ගාල්ල, මාතර , හම්බන්තොට, කතරගම, තංගල්ල, අවිස්සාවේල්ල, රත්නපුර

බස්නාහිර පළාත – මීගමුව, ජාඇල, කඳාන, වත්තල, ගම්පහ, කැළණිය, කිරිබත්ගොඩ, කොළඹ, කෝට්ටේ, රත්මලාන, මොරටුව , පානදුර, කළුතර, බේරුවල

පසුගිය දා ඒ.එෆ්.සී. කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා වන මූලික වටයේ තරගවල කණ්ඩායම් කාණ්ඩගත කිරීම් නිල වශයෙන් මැලේසියාවේ ක්වාලාලම්පූර් හි පිහිටි ඒ.එෆ්.සී. නිල නිවසේ දී පැවැත්විණි. එහි දී  ශ්‍රී ලංකා කණ්ඩායම B කාණ්ඩය යටතේ බංග්ලාදේශය, මාලදිවයින, උස්බෙකිස්තානය හා සත්කාරක ටජිකිස්ථානය සමඟින් මූලික වටයේ දී එක් කාණ්ඩයක ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.

මෙම කුසලානය සඳහා සුදුසුකම් ලබා ගන්නා කණ්ඩායම් තෝරා ගැනීමට පැවැත්වෙන තරගාවලිය මේ වසරේ ඔක්තෝබර් 31 වන දා සිට නොවැම්බර් 8 වන දා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න  පාපන්දු ක්‍රීඩා පිටුවට