තරග පාවාදීමේ චෝදනාවට උමර්ගෙන් ප්‍රතිචාර

63

පාකිස්තාන ජාතික කණ්ඩායම නියෝජනය කළ උමර් අක්මාල් තරග පාවාදීමකට සම්බන්ධ වූ බව පසුගියදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුසලයේ දූෂණ මර්දන ඒකකය විසින් තහවුරු කර තිබිනි. 

පුජාරාගේ එංගලන්ත ගමන නවතියි

ගෝලීය වසංගතයක් වන COVID-19 හමුවේ ලොව පුරා සියලු ක්‍රීඩා තරග මේ වන විට අවලංගු වී ඇත. එහි ප්‍රතිඵලයක්……………

එම තහවුරු කිරීමෙන් අනතුරුව එම සිදුවීම සම්බන්ධයෙන් තම ප්‍රතිචාරය උමර් අක්මාල් විසින් පාකිස්තාන ක්‍රිකට් ආයතනය වෙත දන්වා තිබිනි. එම ප්‍රතිචාරය සලකා බලා, එහි අඩංගු කරුණු විමසා බැලීමෙන් පසු පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය දූෂණ විරෝධී ක්‍රියා වලට ක්‍රිකට් ක්‍රීඩකයා සම්බන්ධ වීම පිළිබඳ තොරතුරු විනය කමිටුවේ සභාපති වන හිටපු ලාහෝර් මහාධිකරණ විනිසුරු ෆසාල්-ඊ-මිරාන් චෞහාන් වෙත යොමුකර තිබේ. 

මෙම තරග පාවාදීමේ සිදුවීම සම්බන්ධයෙන් 2020 පෙබරවාරි මස 20 වන දින උමර් අක්මාල්ට තාවකාලික ක්‍රිකට් තහනමක් පනවන ලදී. ඒ හේතුවෙන් ඔහුට පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට ද සහභාගී වීමට නොහැකි විය. විවිධ සිදුවීම් දෙකක් සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ දූෂණ විරෝධී නීති සංග්‍රහය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල විය. ඒ අනුව ඔහු 2.4.4 වගන්තිය උල්ලංඝනය කර ඇති අතර එම වගන්තිය දූෂිත ප්‍රවේශයන් අනාවරණය කිරීමට අපොහොසත් වීම සම්බන්ධ වගන්තියකි. පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ දූෂණ විරෝධී නීති සංග්‍රහයේ 4.6.6 වගන්තියට අනුව එයට විරුද්ධව කරුණු දැක්වීමේ හැකියාව ඔහුට පවතියි. 

4.6.6 වන වගන්තියේ මෙසේ කියැවේ;  

“දූෂණ විරෝධී විනිශ්චය සභාව ඉදිරියේ විභාගයට ඇති අයිතිය (වගකීම් හෝ සම්බාධක හෝ දෙකම සඳහා) සහභාගීවන්නා කැමති නම්, ඔහු/ඇය සහභාගීවන්නාගේ ආකාරය පැහැදිලි කරන නඩු විභාගයක් සඳහා ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතුය. එයින් චෝදනාව එල්ලවන්නා එමඟින් ලැබිය හැකි දඬුවම් සඳහා ප්‍රතිචාර දක්වන ආකාරය සඳහන් කළ යුතුය.”  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<