ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා Youth League ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී Colombo South කණ්ඩායමට එරෙහි ව කඩුලු 5ක පහසු ජයග්‍රහණයක් ලබා ගත් Colombo North ක්‍රීඩකයෝ 2025 වසරේ ශූරයන් බවට පත් වුණා.
අනුරාධපුර සමාධි ක්‍රීඩාංගණයේ දී අද (30) නිමා වූ මෙම තරගයේ කාසිය වාසිය දිනා ගත් Colombo North නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Colombo South කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 232ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ලෙසින් Colombo North කණ්ඩායම කඩුලු 5ක් පමණක් දැවී තවත් පන්දු 55ක් ද ඉතිරි කර ගනිමින් ලකුණු 233ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.
Colombo South
විමත් දින්සර (නායක), රෙහාන් පීරිස්, සුවහස් ප්‍රනාන්දු, හිරුන් මතීෂ, දිනෙත් පීරිස්, ජේසන් ප්‍රනාන්දු (කඩුලු රකින්නා), ජොෂුවා සෙබස්තියන්, දහම් නිර්මාල්, මලින්ත සිල්වා, හිරුෂ ප්‍රනාන්දු සහ නෙතුල් අනුහස්.
Colombo North
චාමික හීනටිගල (නායක), දුල්නිත් සිගේරා, අවීශ සමාෂ්, සෙනුජ වැකුණුගොඩ, පූර්ණ කල්හාර, රිශ්ම අමරසිංහ (කඩුලු රකින්නා), දිනෝෂ් ගමගේ, දුනික් පෙරේරා, ශ්‍රීරාම් ජීවහන්, තරුෂ නවෝද්‍ය සහ මානස මදුභාෂණ.
පළමුවෙන් ම පන්දුවට පහර දීමට පිවිසි Colombo South කණ්ඩායම් ඉනිම ආරම්භ කරන්නේ රෙහාන් පීරිස් සහ සුවහස් ප්‍රනාන්දු එක්වයි. ඔවුන් දෙදෙනා තම කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දෙමින් පළමු කඩුල්ලට පන්දු 135ක දී ලකුණු 91ක සබඳතාවක් ගොඩ නගනවා.
එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ රෙහාන් පීරිස් ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 53ක් ලබා සිටියා. අනතුරු ව පිටියට එක් වූ හිරුන් මතීශ ද පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 22ක් ලබා ගත්තා.
හිරුන් මතීෂ සහ සුවහස් ප්‍රනාන්දු එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 45ක දී එක් කළ ලකුණු සබඳතාව 43ක්.
අනතුරු ව නැවතත් 3 වැනි කඩුල්ලේ දී ද ලකුණු 45ක සබඳතාවක් ගොඩ නගමින් Colombo South ක්‍රීඩකයෝ ප්‍රතිවාදීන් තව තවත් වෙහෙසට පත් කරනවා. එහි දී පෙරමුණ ගන්නේ සුවහස් ප්‍රනාන්දු සහ නායක විමත් දින්සර. පන්දු 47කින් එක් වූ එම ලකුණු සබඳතාව බිඳී යන්නේ විමත් දින්සර දුවද්දී දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 19කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් ලකුණු 18ක් ලබා සිටියා.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව යැවුණ 13 වැනි පන්දුවේ දී Colombo South ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් ව සිටි සුවහස් ප්‍රනාන්දු දැවී යනවා. ඔහු දැවී යද්දී පන්දු 123කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 80ක් ලබා සිටියා.
එතැන් සිට Colombo South ඉනිමේ ලකුණු ලබා ගැනීම තරමක් මංදගාමී වෙද්දීත් දහම් නිර්මාල් පන්දු 13කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 17ක් ද සහ ජේසන් ප්‍රනාන්දු පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 16ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී පූර්ණ කල්හාර සහ මානස මදුභාෂණ කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර ඊට අමතර ව චාමික හීනටිගල සහ දුනික් පෙරේරා කඩුල්ල බැගින් දවා ගත්තා.
- Colombo උතුර සහ දකුණ අවසන් මහා තරගයට
- සොනාල් දිනූෂට ටෙස්ට් වරම්
- දින 9722ක දකුණු අප්‍රිකානු “දේදුණු මෙහෙයුම”
- Malay ක්‍රීඩකයෝ SSC පරාජය කරයි
- ශ්‍රී ලංකා A කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරයේ දින තහවුරුයි
ලකුණු 233ක් හඹා යන ඉනිමකට පිටියට පිවිසි Colombo North ක්‍රීඩකයෝ ද ප්‍රතිවාදීන්ට නොදෙවෙනි ඉනිමක් ආරම්භ කරනවා. ඔවුන්ගේ ඉනිමේ පළමු කඩුල්ල සඳහා පිටියට පිවිසෙන්නේ දුල්සිත් සිගේරා සහ අවීශ සමාෂ්. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට පන්දු 104ක දී ලකුණු 114ක් ලබා ගනිමින් ප්‍රතිවාදීන්ගේ බලාපොරොත්තු පසුපසට තල්ලු කරනවා.
එහි දී දුල්නිත් සිගේරා පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 68ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳී යනවා. එම කඩුල්ල අහිමි වීමෙන් අනතුරු ව Colombo North ඉනිමට තවත් ලකුණු 14ක් එක් වෙද්දී අනෙක් ආරම්භක පිතිකරු අවීශ සමාෂ් ද තම ඉනිම හැර යනවා. ඔහු දැවී යන විට පන්දු 57කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 45ක් ලබා සිටියා.
අනතුරු ව 3 වැනි කඩුල්ල සඳහා සෙනුක වැකුණුගොඩ සහ පූර්ණ කල්හාර එක් ව පන්දු 25ක දී ලකුණු 35ක් ද සහ සිව් වැනි කඩුල්ල සඳහා සෙනුක වැකුණුගොඩ සහ චාමික හීනටිගල එක් ව පන්දු 64ක දී ලකුණු 45ක් ද එක් කරමින් Colombo North ඉනිමේ ජයග්‍රහණයට කිට්ටු කළා.
එහි දී සෙනුක වෑකුණුගොඩ පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 41ක් ද, පූර්ණ කල්හාර පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 19ක් ද සහ රිශ්මික අමරසිංහ ලකුණු 6ක් ද ලබා ගත්තා.
තරගය ජයග්‍රහණයෙන් කෙළවර වෙද්දී නායක චාමික හීනටිගල පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 29ක් සිටි අතර අනෙක් අන්තයේ සිටි දිනෝෂ් ගමගේ පන්දු 8කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 6ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී දහම් නිර්මාල් ලකුණු 73කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව මලින්ත සිල්වා සහ දිනෙත් පීරිස් කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- Colombo South –කඩුලු 9ක් දැවී 232 (50.0) රෙහාන් පීරිස් 53, සුවහස් ප්‍රනාන්දු 80, හිරුන මතීශ 22, මානස මදුභාෂණ 2/35, පූර්ණ කල්හාර 2/27
- Colombo North– කඩුලු 5ක් දැවී 233 (40.5)දුල්නිත් සිගේරා 68, අවීශ සමාෂ් 45, සෙනුජ වැකුණුගොඩ 41, චාමික හීනටිගල නොදැවී 29, දහම් නිර්මාල් 3/73
Colombo North කණ්ඩායමට කඩුලු 5ක ජයක්.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.