ගුරුකුල සහ මහින්ද විද්‍යාල පෙරළිකාර ජයග්‍රහණ අතරට

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2022

1871

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග 7ක් අද (15) පැවැත්වුනා.

එම තරගවල දී රිච්මන්ඩ්, ගුරුකුල, ලුම්බිණි, තර්ස්ටන්, සාන්ත සිල්වෙස්ටර්, මහින්ද සහ ඉසිපතන විද්‍යාල කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කරගන්නට සමත් වුනා.

කැළණිය ගුරුකුල විද්‍යාලය විසින් කුරුණෑගල මලියදේව ක්‍රීඩකයින් ලකුණු 97කින් පරාජය කරමින් ලබා ගත් ජයග්‍රහණය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය හමුවේ ගාල්ල මහින්ද ක්‍රීඩකයින් ලබා ගත් ලකුණු 7ක තියුණු ජයග්‍රහණය අද දිනයේ වාර්තා වුනු ජයග්‍රහණ අතරින් කැපී පෙනෙන පෙරළිකාර ජයග්‍රහණ බවට පත්වුනා.

එසේම අද දිනයේ දී එකඳු ශතකයක් හෝ වාර්තා නොවුණු නමුත්, තරිඳු හර්ෂණ, කවිෂ්ක ඩිල්ශාන්, කවිෂ්ක ඉමේෂ්, නවීන් රසාංග, තිසර ශිශාර, හිරුණ මන්දිල, හරීන් අචින්ත, උෂාන් ගලගෙදර, යසිත් කළුපහන, රන්දුනු ගංගනාත්, ඉසුරු නිදර්ශන සහ සුකිත දෙව්තිලින යන ක්‍රීඩකයින් අර්ධ ශතක වාර්තා කරගනිමින් පිතිකරුවන් ලෙස දිනය වර්ණවත් කළා.

පන්දු යවන්නන්ගේ දස්කම් අතරින් ලුම්බිණි විද්‍යාලයේ දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක දුමිඳු සෙව්මිණ (6/20), සහිරා විද්‍යාලයේ දඟපන්දු යවන ක්‍රීඩක රායිඩ් රිස්වාන් (5/38) පිළිවෙළින් කඩුලු 6ක් සහ කඩුලු 5ක් දවාගෙන සුපිරි දස්කම් අතරට පැමිණියා.

මරදාන සාන්ත ජෝසප්, මහනුවර සාන්ත අන්තෝනි, රිච්මන්ඩ්, නාලන්දා සහ මහානාම විද්‍යාල මේ දක්වා තරග දෙකක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් ක්‍රීඩා කළ Tier A කොටසේ පාසල් කණ්ඩායම් අතර අපරාජිතව පසුවෙනවා.

ඊට අමතරව මේ දක්වා තරග දෙකක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් ක්‍රීඩා කළ Tier B කොටසේ පාසල් කණ්ඩායම් ලෙස මාරිස් ස්ටෙල්ලා, සාන්ත පීතර, සාන්ත ඇලෝසියස් සහ ආනන්ද විද්‍යාල කණ්ඩායම් තවමත් අපරාජිතව සිටිනවා.

Tier A

වෙස්ලි විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය – Y කාණ්ඩය

  • කාසියේ වාසිය – වෙස්ලි විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – වෙස්ලි විද්‍යාල ක්‍රීඩාංගණය

වෙස්ලි විද්‍යාලය – 117 (40.4): ලිනාල් සුබසිංහ 34, චමත් ගෝමස් 21, ශාරෝන් අභිෂේක් 3/24, නාලක ජයවර්ධන 2/19, කල්ප නෙත්සර 3/27.

රිච්මන්ඩ් විද්‍යාලය – 120/3 (30.2): තරින්ද නිර්මාල් 47, විශාර ප්‍රනාන්දු 30, තමිඳු ප්‍රදීප්ත 23, රවිඳු සිගේරා 2/15,

රිච්මන්ඩ් විද්‍යාලයට කඩුලු 7ක ජයක්.

මලියදේව විද්‍යාලය සහ ගුරුකුල විද්‍යාලය – Z කාණ්ඩය

  • කාසියේ වාසිය – ගුරුකුල විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – මලියදේව විද්‍යාල ක්‍රීඩාංගණය

ගුරුකුල විද්‍යාලය – 160 (47.3): සිතිජ චමෝද් 35, නෙලුක හේෂාන් 31, අභිෂේක් ජයවර්ධන 30, සකිඳු විජේරත්න 4/27, උෂාන් බිම්සර 2/22

මලියදේව විද්‍යාලය – 63 (26.4): තත්සර ඒශාන් 4/17, ජනිත ෂෙහාන් 4/24.

ගුරුකුල විද්‍යාලයට ලකුණු 97ක ජයක්.

Tier B

වෙන්නපුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සහ ලුම්බිණි විද්‍යාලය – Y කාණ්ඩය

  • කාසියේ වාසිය – සාන්ත ජෝසප් වාස් විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – බණ්ඩාරගම ක්‍රීඩාංගණය

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය – 115 (38.5): විශ්ව රාජපක්ෂ 40, රිෂිත මෙනූශ 27, දුමිඳු සෙව්මිණ 6/20, මලිත් කවිඳු 2/15.

ලුම්බිණි විද්‍යාලය – 119/4 (23.5): සකුණ ලියනගේ 44*, ධනිත සංදේශ් 34.

ලුම්බිණි විද්‍යාලයට කඩුලු 6ක ජයක්.

තර්ස්ටන් විද්‍යාලය සහ කොළඹ සහිරා විද්‍යාලය – Z කාණ්ඩය

  • කාසියේ වාසිය – තර්ස්ටන් විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – තර්ස්ටන් විද්‍යාල ක්‍රීඩාංගණය

තර්ස්ටන් විද්‍යාලය – 212 (49.5): තරිඳු හර්ෂණ 73, උෂාන් ඉමේෂ් 42, රායිඩ් රිස්වාන් 5/38, මොහොමඩ් සයිඩ් 2/31

සහිරා විද්‍යාලය – 135 (37): චමෝද් ලක්ෂාන් 23, රායිඩ් රිස්වාන් 21, අසීම් මොහොමඩ් 2/17, තනුග පලිහවඩන 2/17, බවන්ත ජයසිංහ 2/23.

තර්ස්ටන් විද්‍යාලයට ලකුණු 77 ජයක්.

මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය සහ ධර්මාශෝක විද්‍යාලය – Z කාණ්ඩය

  • කාසියේ වාසිය – සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – ධර්මරාජ ක්‍රිකට් ක්‍රීඩාංගණය

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය – 287 (50): කවිෂ්ක ඩිල්ශාන් 76, කවිෂ්ක ඉමේෂ් 74, චාරුක අයේශාන් 38, ඉඳුවර වික්‍රමසිංහ 21, හසිත රාජපක්ෂ 3/43, පැතුම් මලිත 3/54, චානක ජනංග 2/56.

ධර්මාශෝක විද්‍යාලය – 189 (42.1): නවීන් රසාංග 55, රන්දුල් සමරහේවා 44, කවිෂ්ක ඉමේෂ් 4/40.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයට ලකුණු 97ක ජයක්.

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය – X කාණ්ඩය

  • කාසියේ වාසිය – මහින්ද විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – ධර්මපාල විද්‍යාල ක්‍රීඩාංගණය

මහින්ද විද්‍යාලය – 229 (49.2): හිරුන මන්දිල 80, හරීන් අචින්ත 60, ප්‍රමේෂ් මදුභාෂණ 24, කවිඳු ප්‍රිමාල් 3/53, හිරු පවන් 2/20, තිසර ශිශාර 2/47, මෙනුෂ පබසර 2/52.

ධර්මපාල විද්‍යාලය – 222 (49.1): තිසර ශිශාර 68, උෂාන් ගලගෙදර 55, රශ්මිත දීමන්ත 30, රන්මිණ හෙට්ටිආරච්චි 3/35, ඩිනුර කළුපහන 2/31.

මහින්ද විද්‍යාලයට ලකුණු 7ක ජයක්.

මොරටු මහා විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය – Y කාණ්ඩය

  • කාසියේ වාසිය – මොරටු මහා විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – මොරටු මහා විද්‍යාලය ක්‍රීඩාංගණය

ඉසිපතන විද්‍යාලය – 311/8 (50): යසිත් කළුපහන 69, රන්දුනු ගංගානාත් 60, යුනෙත් සෙනෙවිරත්න 43, තේමිය ගුණරත්න 43, තරුෂ නෙත්සර 39, කවිඳු ආමන්ත 23, විශ්ව දිදුලන 2/45, මදුර ගිම්හාන් 2/69

මොරටු මහා විද්‍යාලය – 282 (49): ඉසුරු නිදර්ශන 89, සුකිත දෙව්තිලින 50, දෙනෙත් සිතුමිණ 37, ෂෙහාන් ප්‍රනාන්දු 25, විශ්ව දිදුලන 23, කෙවින් සැමුවෙල් 4/44.

ඉසිපතන විද්‍යාලයට ලකුණු 39ක ජයක්.

තරගාවලියේ තවත් තරග කිහිපයක් හෙට (16) පැවැත්වීමට නියමිතයි. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<