ධර්මරාජයට අනපේක්ෂිත පරාජයක්; මාතර සාන්ත තෝමස් තවත් ඉදිරියට

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2019/20

191

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තීරණාත්මක දිනයක් වූ අද (23) දිනයේ දෙදින ක්‍රිකට් තරගාවලියේ සහ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ සුපිරි 16 වටයේ තරග දෙකක් ක්‍රියාත්මක විය. 

කන්ද උඩරටින් සහ මාතරින් සුපිරි 8 අසුන් දෙකක් ගනියි

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් සුහද කාණ්ඩයේ තරග……………

ඒ අතරින් නිමාව දුටු සීමිත පන්දුවාර තරගය ජය ගත් මාතර සාන්ත තෝමස් විද්‍යාලය එහි සුපිරි 8 වටය සඳහා සුදුසුකම් හිමිකර ගන්නා ලදි. 

සීමිත පන්දුවාර සුපිරි 16 වටයේ තරග 

මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය 

  • ස්ථානය – උයන්වත්ත ක්‍රිකට් පිටිය 
  • කාසියේ වාසිය – සාන්ත තෝමස් විද්‍යාලය 

මේ තරගයේ කාසියේ වාසිය දිනා ගෙන පළමුව පන්දුවට පහර දුන් සාන්ත තෝමස් විද්‍යාලය ඔවුන්ගේ නියමිත පන්දුවාර 50 අවසන් වීමට පෙර සියල්ලන්ම දැවී පන්දුවාර 30කුත් පන්දු 4ක් අවසානයේ රැස්කර ගත්තේ ලකුණු 116ක් පමණි. එහිදී කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ සංචිත රණසිංහ ලකුණු 24ක් රැස්කර ගන්නා විට, වෝෂිත අමරසිංහ ලකුණු 23ක් රැස්කර ගැනීමට සමත් විය. පන්දු යැවීමේ දී සාන්ත තෝමස් ඉනිම සුන්කළ යසිත සමරරත්න සහ උපේන්ද්‍ර වර්ණකුලසූරිය කඩුලු 3 බැගින් දවා ගන්නා ලදි. 

ලකුණු 117ක පහසු ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි ධර්මරාජ විද්‍යාල පිතිකරුවන් ද සාන්ත තෝමස් විද්‍යාල පන්දු යවන්නන් හමුවේ දුර්වල පිතිකරණ විලාසයක් දක්වන ලද්දේ සත්කාරක සාන්ත තෝමස් ක්‍රීඩකයින් හට දෙවැනි නොවෙමිනි. එහිදී ධර්මරාජ විද්‍යාලය වෙනුවෙන් ඉසුරු දනංජය ඔවුන්ගේ පසුපෙළ සවිමත් කිරීම වෙනුවෙන් ලකුණු 27ක් රැස්කර ගැනීමට සමත් විය. 

ඉනිම අවසන් වීම සඳහා පන්දු 9ක් පමණක් ඉතිරිව තිබියදී තවත් ලකුණු 7ක් රැස්කර ගැනීමට තිබූ නමුත් ඔවුන්ගේ අවසන් කඩුල්ල ද දැවී යාම නිසා තරගය පරාජයට පත්වූයේ සාන්ත තෝමස් විද්‍යාලයට ලකුණු 6ක තියුණු ජයක් හිමිකර දෙමිනි. 

සාන්ත තෝමස් විද්‍යාලය : 116 (30.4) සංචිත රණසිංහ 24, වෝෂිත අමරසිංහ 23, යසිත සමරරත්න 3/14, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 3/20. 

ධර්මරාජ විද්‍යාලය : 110 (48.4) ඉසුරු දනංජය 27, හරිඳු ජයසේකර 3/26, සචිර රශ්මික 2/21.

සාන්ත තෝමස් විද්‍යාලයට ලකුණු 6ක ජයක් හිමි විය. 

 

දෙදින සුපිරි 16 වටයේ තරගය 

රාජකීය විද්‍යාලය සහ වේල්ස් කුමර විද්‍යාලය 

  • ස්ථානය – රාජකීය ක්‍රිකට් පිටිය 
  • කාසියේ වාසිය – රාජකීය විද්‍යාලය 

රාජකීය විද්‍යාලය : 215 (64.4) අහන් වික්‍රමසිංහ 113*, කමිල් මිශාර 24, ඉසිවර දිසානායක 21, නදුක ප්‍රනාන්දු 3/48, කුංචන පෙරේරා 2/23. 

වේල්ස් කුමර විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 108/5 (34) ඔමේෂ් මෙන්ඩිස් 23, කාවින්ද ද මෙල් 22*, පසිඳු පැතුම් 22*, තරිඳු අමරසිංහ 21, ගිශාන් බාලසූරිය 3/19, තෙවිඳු සෙනෙවිරත්න 2/15. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<