ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග හතක් අද (28) දිනයේ ආරම්භ වුනා.
මෙම තරගවල දී ක්‍රීඩකයින් තිදෙනෙකු විසින් ශතක වාර්තා කිරීමට සමත් වීම විශේෂත්වයක්. මෙහි දී කොළඹ ආනන්ද විද්‍යාලයේ මිහින් මුණසිංහ ශතකයක් වාර්තා කිරීමට සමත් වූ අතර, කඳාන ද මැසනඩ් විද්‍යාලය වෙනුවෙන් ශරිත් සුදීන සහ නෙශාන් පීරිස් යුගලය ම ශතක වාර්තා කිරීමට සමත් වීමත් විශේෂත්වයක්. ඒත් සමඟින් ම ද මැසනඩ් විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 400 ඉක්මවූ ලකුණු පුවරුවක් සටහන් කිරීමට සමත් වීම ද සුවිශේෂී සිදුවීමක්.
මේ අතර මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් රයන් දිසානායක කඩුලු 5 දස්කමක් වාර්තා කිරීමට සමත් වීම දිනයේ කැපී පෙනෙන පන්දු යැවීම ලෙස සඳහන් කළ හැකි.
මෙම තරග සියල්ල ම හෙට (29) දිනයෙන් නිමාවට පත් වීමට නියමිතයි.
- ශ්‍රී ලංකා පළමු ඉනිමට නවසීලන්තයෙන් ප්‍රබල පිළිතුරක්
- බංග්ලාදේශයට තරග 4-1ක ජයක්
- කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- කිවි – සිංහ ගැටුමට පෙර
(මලියදේව විද්‍යාල ක්‍රීඩාංගණයේ දී)
- මලියදේව විද්‍යාලය– 119/10 (41.5) රජිත් නවෝද්‍ය 43, රයන් දිසානායක 5/24 & 0/0 (2)
- සාන්ත සෙබස්තියන් විද්‍යාලය– 173/10 (51.5) නවෝද් ප්‍රනාන්දු 56, දිමත් අබේසිංහ 4/34, දම්ලත් නිසාර 3/12
කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය
(සාන්ත බෙනඩික්ට් විද්‍යාල ක්‍රීඩාංගණයේ දී)
- සාන්ත ජෝසප් විද්‍යාලය– 245/7 (55) සෙනුජ වකුණුගොඩ 71, මානස මදුභාශණ 61*
කොළඹ නාලන්දා විද්‍යාලය සහ මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය
(කදිරන ක්‍රීඩාංගණයේ දී)
- කොළඹ නාලන්දා විද්‍යාලය– 323/10 (95.3) මනුප මන්මිත 43 ගෙවිඳු මනම්පේරි 40, යොහාන් ආලෝක 2/40
- මාරිස් ස්ටෙලා විද්‍යාලය – 5/0 (2)
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය
(SLAOC ක්‍රීඩාංගණයේ දී)
- රිච්මන්ඩ් විද්‍යාලය– 75/10 (30) යූරි කොත්තිගොඩ 13, අභීත් පරණවිදාන 3/14, ආරෝන් ද සිල්වා 3/13, මිනෝන් වර්ණසූරිය 3/18
- සාන්ත තෝමස් විද්‍යාලය– 50/1 (18)
කොළඹ ආනන්ද විද්‍යාලය සහ කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය
(අඹේපුස්ස යුද හමුදා ක්‍රීඩාංගණයේ දී)
- ආනන්ද විද්‍යාලය– 301/9d (73.3) මිහින් මුණසිංහ 118, අශින්ස නයිනායක 60, මහීෂ සිතුම් 3/110
- සාන්ත සෙබස්තියන් විද්‍යාලය– 36/3 (24)
කඳාන ද මැසනඩ් විද්‍යාලය ඩහ මහනුවර ධර්මරාජ විද්‍යාලය
(ද මැසනඩ් විද්‍යාල ක්‍රීඩාංගණයේ දී)
- ද මැසනඩ් විද්‍යාලය– 421/3d (93) ශරිත් සුදීන 184, නෙශාන් පීරිස් 108, ඩිනෝශ් ජෙලෝන් 72, දක්ශික මනුකල්ප 2/99
- ධර්මරාජ විද්‍යාලය– 6/1 (5)
මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය සහ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය
(මහනුවර ධර්මරාජ විද්‍යාල ක්‍රීඩාංගණයේ දී)
- සිල්වෙස්තර විද්‍යාලය-184/10 (69) කවීෂ චන්දිමාල් 67, සෙනිර විජේතුංග 3/26
- ශ්‍රී සුමංගල විද්‍යාලය– 78/2 (28.2)
පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<