ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ Tier B කොටසේ දෙවැනි අවසන් පූර්ව තරගය ඊයේ (21) සූරියවැව අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමාවට පත් වුනේ ගාල්ල මහින්ද විද්‍යාලය Tire B අවසන් මහා තරගයට රැගෙන යමිනුයි.
මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය අතර පැවැත්වුණු මෙම තරගයේ දී කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත් වූ ගාල්ල මහින්ද විද්‍යාලයේ සෙනුක දංගමුව ලකුණු 200ක් වාර්තා කිරීමට සමත් වූ අතර, ඔහු ඒ වෙනුවෙන් වැය කළේ පන්දු 153ක් පමණක් වීම විශේෂත්වයක්. මෙහි දී ඔහු විසින් සිය ඉනිම සඳහා හතරේ පහර 23ක් සහ හයේ පහර 08ක් එල්ල කිරීම ද විශේෂත්වයක්.
මේ අතර මහින්ද විද්‍යාලයේ ජය තහවුරු කිරීමේ අනෙක් හවුල්කරු වූ අරෝෂ උදයංග විසින් මාතර සාන්ත තෝමස් විද්‍යාලයේ ඉනිම් ද්විත්වයේ ම කඩුලු 05 බැගින් දවා ගැනීමට සමත් වුනා.
මෙම දක්ෂතා ද සමඟින් ගාල්ල මහින්ද විද්‍යාලය තරගයෙන් ඉනිමක සහ ලකුණු 69ක විශිෂ්ට ජයක් ලැබීමට සමත් වුනා.
- ශ්‍රී ලංකා පළමු ඉනිමට නවසීලන්තයෙන් ප්‍රබල පිළිතුරක්
- බංග්ලාදේශයට තරග 4-1ක ජයක්
- පවන් දකුණු අප්‍රිකානුවෝ දණ ගස්වයි
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- කිවි – සිංහ ගැටුමට පෙර
මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය
(සූරියවැව අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී)
- සාන්ත තෝමස් විද්‍යාලය – 140/10 (56.5) ලෝෂිත දික්සිත් 39, තත්සර දෙව්මිත් 29, අරෝශ උදයංග 5/42 & 164/10 (69) කුමේශ් නුවන්ජන 43, මනුග ගුරුගේ 36, අරෝෂ උදයංග 5/49, මන්ජිත රාජපක්ෂ 2/42
- මහින්ද විද්‍යාලය – 373/10 (91.1) සෙනුක දංගමුව 200, දුල්සිත් දර්ශන 96, පෙසඳු සන්ජන් 4/100, ඔචින්ත චාමික 3/27
ගාල්ල මහින්ද විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 69ක ජයක්.
පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<