අසිත සහ තරිඳු නැවතත් ශතක ලැයිස්තුවට

511
U 23 Emerging Club Tournament 2025-

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 23න් පහළ Emerging Club දෙදින ක්‍රිකට් තරගාවලියේ (29) අවසන් වු තරග කිහිපයක දී අසිත වන්නිනායක, තරිඳු හර්ෂණ, පුලස්ති අතපත්තු, හිරුණ ගාල්ලගේ සහ රශ්මික මදුශංක ශතක ලබා ගැනීමට සමත් වුණා.

එහි දී අසිත වන්නායක සහ තරිඳු හර්ෂණ දෙවැනි වරටත් ශතක වාර්තා කිරීමට සමත් වීම කැපී පෙණුනා.

Bloomfield C & AC අසිත වන්නිනායක සහ තරිඳු හර්ෂණ ශතක වාර්තා කරන්නේ SSC කණ්ඩායමට එරෙහිවයි. ඒ අතුරින් තරිඳු හර්ෂණ පන්දු 188කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සමඟින් නොදැවී ලකුණු 114ක් ලබා ගත් අතර අසිත වන්නිනායක පන්දු 188කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 109ක් ලබා ගත්තා.

ඊට අමතර ව Colombo Malay CC කණ්ඩායමේ පුලස්ති අතපත්තු Baduraliya CC කණ්ඩායමට එරෙහි ව පන්දු 246කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සමඟින් ලකුණු 101, කණ්ඩායමේ හිරුණ ගාල්ලගේ පන්දු 166කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 108 ද, Kurunegala Youth CC කණ්ඩායමේ නායක රශ්මික මදුසංක Kandy Customs SC කණ්ඩායමට එරෙහි ව පන්දු 106කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 102ක් ද ලබා ගත්තා.

නිමා වූ තරගවල දී එක ම ජයග්‍රහණය Moors SC කණ්ඩායම NCC කණ්ඩායමට එරෙහි ව ලබා ගත්තා. එහි දී ජයග්‍රාහී කණ්ඩායමේ නායක ඔමේෂ් මෙන්ඩිස් පන්දු 20කදී අර්ධ ශතකයක් වාර්තා කරන ලද අතර ඔහු ඉනිම අවසන් කරද්දී පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 54ක් ලබා ගනිමිනුයි.

පන්දු යැවීමේ දී United Southern SC කණ්ඩායමේ හිමල් රවිහංස BRC කණ්ඩායමට එරෙහි ව ලකුණු 69කට කඩුලු 7ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව NCC කණ්ඩායමේ ශක්ති උදාර Moors SC කණ්ඩායමට එරෙහි ව ලකුණු 81කට කඩුලු 6ක් ද, CCC කණ්ඩායමේ ඉනුක කරන්නාගොඩ Ragama CC කණ්ඩායමට එරෙහි ව ලකුණු 24කට කඩුලු 5ක් ද, Kurunegala Youth CC කණ්ඩායමේ දිනුක තෙන්නකෝන් Kandy Customs SC කණ්ඩායමට එරෙහි ව ලකුණු 42කට කඩුලු 5ක් ද ලබා ගනිමින් දක්ෂතා දැක් වූවා.

පිතිකරුවන් අතුරින් Moors SC කණ්ඩායමේ ඔෂාන් ද සිල්වා (50) සහ මල්ෂ තරුපති (51), Nugegoda S& WC කණ්ඩායමේ අක්‍රම් මුතාලිබ් (83) සහ අභිශේක් ජයවීර (නොදැවී 59), Colombo Malay CC කණ්ඩායමේ කෙවින් සැමුවෙල් (64), BRC කණ්ඩායමේ කුසල් විජේතුංග (68) සහ විශ්ව සුපුන් (61), SSC කණ්ඩායමේ ශෙහාන් හසරංග (69), Bloomfield C & AC කණ්ඩායමේ සවිඳු රොද්‍රිගෝ (58) සහ තරින්ද ගුරුගේ (68), Colts CC කණ්ඩායමේ රන්දුණු ගංගනාත් (57), Panadura SC දූරක සිල්වා (නොදැවී 50), CCC කණ්ඩායමේ පවන් සංදේශ් (50) සහ අංජල බණ්ඩාර (57), Chilaw Marians CC කණ්ඩායමේ ඩිලන දම්සර (නොදැවී 64) සහ සකුණ ලියනගේ (51) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

නිමා වූ තරගවල කෙටි ලකුණු පුවරු

Ace Capital CC සහ Nugegoda S & WC අතර තරගය කොළඹ, තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.

Ace Capital CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 282 (64.0) පවන් පතිරාජ 35, රනේෂ් සිල්වා 34, වනුජ සහන් නොදැවී 119, තීරක රණතුංග 55, දහම් නිර්මාල් 2/75, නිර්මල රත්නායක 5/76

 

Nugegoda S& WC – කඩුලු 8ක් දැවී 315 (96.0) පුලිඳු පෙරේරා 35, නිර්මල රත්නායක 22, අක්‍රම් මුතාලිබ් 83, කුශ්මිත සිල්වා 24, අභිශේක් ජයවීර නොදැවී 59, දහම් නිර්මාල් 30, වනුජ සහන් 2/98, තිසර ඒකනායක 2/50

තරගයේ විසඳුමක් නෑ. (Nugegoda S& WC කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්.)

Baduraliya CC සහ Colombo Malay CC අතර තරගය කටුනායක ගුවන් හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.

Baduraliya CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 229 (88.5) ශානික්‍ය දේශප්‍රිය 41, සඳුන් මෙන්ඩිස් 83, මානස මදුභාෂණ 25, කවීෂ් සත්සර 7/77

 

Colombo Malay CC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 275 (93.0) නිමාන් උමේෂ් 20, කෙවන් සැමුවෙල් 64, පුලස්ති අතපත්තු 101, දිනිත ද සිල්වා 25, සවිඳු උත්සර 23, යෙනුල දෙව්තුස 3/66, සඳුන් මෙන්ඩිස් 3/55, කොවිඳු වික්‍රමසිංහ 2/35

තරගයේ විසඳුමක් නෑ. (Colombo Malay CC කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්.)

United Southern SC සහ BRC අතර තරගය අනුරාධපුර, සාලියපුර යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

United Southern SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 241 (69.3) තමිඳු ප්‍රදීප්ත 39, කවිත් ප්‍රනාන්දු 45, කවීෂ කල්පන 37, චන්දූප සිල්වා 32, ඩොමිනික් ප්‍රනාන්දු 45, තරුක්ෂ අශේල් 2/34, ලකිඳු සචින් 2/45, තනුග පලිහවඩන 5/62

 

BRC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 225 (70.4) කුසල් විජේතුංග 68, සචිර වැලිවත්ත 20, විශ්ව සුපුන් 61, හිමල් රවිහංස 7/69, සිතුක ගුණවර්ධන 2/59

 

United Southern SC – දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 163 (38.4) කවීෂ කල්පන 43, හංස මිහිරංග 30, පෙසඳු සංජන නොදැවී 53, තනුග පලිහවඩන 2/48, දිමත් අබේසිංහ 3/44

තරගයේ විසඳුමක් නෑ. (United Southern SC කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්.)

Moors SC සහ NCC අතර තරගය Moors ක්‍රීඩාංගණයේ දී.

NCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 175 (47.1) ජීවක සශීන් 34, විනුක රූබසිංහ 67, නදීෂ් යසිරු 37, ලහිරු අමරසේකර 7/38

 

Moors SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 190 (57.3) ඔෂාන් ද සිල්වා 50, ඩිනාල් අනුරාධ 25, විශාර ප්‍රනාන්දු 21, මල්ෂ තරුපති 51, ශක්ති උදාර 6/81, නදීශ් යසිරු 2/30, නදීශ් යසිරු 2/30

 

NCC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 111 (29.5) ජීවක සශීන් 21, ගවිරු සෙන්හස් 21, සරිත් සුදීන 34, ලහිරු අමරසේකර 3/36, කවිඳු කෞශල්‍ය 3/52, මල්ෂ තරුපති 2/13, තරුෂ රණසිංහ 2/07

 

Moors SC – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 98 (9.3) ඔමේෂ් මෙන්ඩිස් 54, රවිශාන් ද සිල්වා නොදැවී 15

Moors SC කණ්ඩායමට කඩුලු 7ක ජයක්.

Sebastianites C & AC සහ Chilaw Marians CC අතර තරගය Coltsක්‍රීඩාංගණයේ දී.

Chilaw Marians CC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 300 (92.0) තරිඳු අමරසිංහ 98, හිරාන් ජයසුන්දර 31, දිලන දම්සර 53, සකුණ ලියනගේ 51, තෙවින් අමරසිංහ නොදැවී 45, මලිත හපුආරච්චි 2/67, නුවන් දිනෙත් 3/54, තාරුක සූරියාරච්චි 2/40

 

Sebastianites C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 203 (56.5) මනුප මන්මිත 25, මානස ද සිල්වා 32, නුවන් දිනෙත් 21, කවිඳු ගයාත්‍ර 21, චාරුක පීරිස් 36, කනිශ්ක රංගන 3/62, ඩිලන දම්සර 3/38, මෙලන් හංසක 4/45

 

Chilaw Marians CC – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 180 (27.5) තරිඳු අමරසිංහ 48, ඩිලන දම්සර නොදැවී 64, සකුණ ලියනගේ 51

Panadura SC සහ Colts CC අතර තරගය පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී.

Panadura SC – පළමු ඉනිම සියලු දෙනා දැවී 233 (67.0) සසිඳු මල්ශාන් 91, යශාන් අවිශ්ක 58, තරණ විමලධර්ම 5/60, රයන් දිසානායක 3/86

 

Colts CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 276 (87.3) රන්දුණු ගංගනාත් 57, හිරුණ ගාල්ලගේ 108, හිරුන් කපුරුබණ්ඩාර 33, විහ්ව ලහිරු 3/81, සෙනිත හැළඹගේ 4/69, රන්දිනු මිහිරංග 2/57

 

Panadura SC – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 83 (22.0) කවිඳු අමමෙත් නොදැවී 30, දූරක සිල්වා නොදැවී 50

තරගයේ විසඳුමක් නෑ. (Colts CC කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්)

Ragama CC සහ CCC අතර තරගය කොස්ගම, සාලාව යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.

Ragama CC – පළමු ඉනිම සියලු දෙනා දැවී 122 (35.3) මලීෂ සිල්වා 27, දසිත් ගුණතිලක 32, දුවිඳු රණතුංග 3/34, හිරුෂ දෙව්මික 3/23, සෙත්රු ප්‍රනාන්දු 3/18

 

CCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 193 (50.5) පවන් සංදේශ් 50, අංජල බණ්ඩාර 57, සහන් කෝසල 24, ඒශාන් විතානගේ 22, සුමේධ ප්‍රසාද් 4/32, දසිත් ගුණතිලක 3/58, මලීෂ සිල්වා 3/40

 

Ragama CC – දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 87 (32.0) හිරුෂ දේවමික 2/12, ඉනුක කරන්නාගොඩ 5/24,

තරගයේ විසඳුමක් නෑ. (CCC කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්.)

Tamil Union C & AC සහ Police SC අතර තරගය කොළඹ P. Sara Oval ක්‍රීඩාංගණයේ දී.

Tamil Union C & AC – පළමු ඉනිම සියලු දෙනා දැවී 351 (87.2) ශනුක ගලගොඩ 71, නරේන් මුරලිදරන් 23, ශාරුජන් ශම්මුගනාදන් 121, විහස් තෙව්මික 65, සදීප රත්නායක 2/69, රශ්මික පෙරේරා 2/51, භාතිය සංදීප 4/67

SSC සහ Bloomfield C & AC අතර තරගය කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී.

SSC – පළමු ඉනිම සියලු දෙනා දැවී 223 (55.0) සදීශ රාජපක්ෂ 24, රනුක් ජයසූරිය 22, දිනුර කළුපහන 85, චමිඳු වික්‍රමසිංහ 22, නදීශ ආකාශ් 36, තරින්ද ගුරුගේ 6/76, දුලාජ් සමුදිත 2/38, මිහිරංග සිල්වා 2/43

 

Bloomfield C & AC – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 419 (27.0) හසිත අමරසිංහ 28, සවිඳු රොද්‍රිගෝ 58, අසිත වන්නිනායක 109, තරිඳු හර්ෂණ නොදැවී 114, තරින්ද ගුරුගේ 68, සදීශ රාජපක්ෂ 2/61, ගිශාන් ප්‍රනාන්දු 2/94

 

SSC – දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 117 (13.0) චමිඳු වික්‍රමසිංහ 38, ශෙහාන් හසරංග 69, තරින්ද ගුරුගේ 5/52

තරගයේ විසඳුමක් නෑ. (Bloomfield C & AC කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්.)

Kandy Customs SC සහ Kurunegala Youth CC අතර තරගය දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.

Kandy Customs SC පළමු ඉනිම සියලු දෙනා දැවී 154 (48.4) මිනිඳු සිල්වා 32, නඳුන් සිල්වා 39, ප්‍රමේශ් මදුභාෂණ 31, වතිල උදාර 8/30

 

Kurunegala Youth CC – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 326 (40.0) අමේශ් තෙන්නකෝන් 33, ගයන වීරසිංහ 40, චනිරු සේනාරත්න 74, රශ්මික මදුශංක නොදැවී 102, අනන්තන් කාජන් 37, ජනිඳු චාමික 2/105, වෙන්කට් රාජේන්ද්‍රන් 2/53, නඳුන් සිල්වා 3/63

 

Kandy Customs SC – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 128 (45.0) ප්‍රමේශ් මදුභාෂණ 34, අර්ශාන් ජෝශප් 33, දිනුක තෙන්නකෝන් 5/42

තරගයේ විසඳුමක් නෑ. (Kurunegala Youth CC කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්)

මෙම තරග සියල්ල හෙට (29) 2 වැනි අවසන් දිනයට ක්‍රියාත්මකයි.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<