රෙහාන්, අසදිස, අදේශ් සහ සනුජ ශතක වාර්තා කරයි

U19 School Cricket 2026

15
U19 School Cricket 2026

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද අවසන් වූ අතර තවත් තරග කිහිපයක් අද ආරම්භ වූවා.

නිමා වූ එම තරගවල දී රෙහාන් පීරිස්, අසදිස ද සිල්වා, අදේශ් අල්මේදා සහ සනුජ දිසානායක ශතක වාර්තා කිරීමට සමත් වුණා.

ඒ අතුරින් කොළඹ රාජකීය විද්‍යාලයේ රෙහාන් පීරිස් බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයට එරෙහි ව පන්දු 145කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 126ක් ලබා ගත් අතර ඊට පසු පිළිතුරු ඉනිමේ දී සාන්ත පීතර විද්‍යාලයේ අසදිස ද සිල්වා පන්දු 160කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 134ක් ලබා ගත්තා.

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ අදේශ් අල්මේදා සාන්ත ජෝශප් විද්‍යාලයට එරෙහි ව පන්දු 176කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 105ක් ලබා ගත්තා. ඔහු දෙවැනි ඉනිමේ දී ද අර්ධ ශතකයක් ලබා ගන්නවා.

එමෙන් ම කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයේ සනුජ දිසානායක මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට එරෙහි ව පන්දු 171කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 127ක් ලබා ගත්තා.

මේ අතර කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සෙත්රු ප්‍රනාන්දු (57), කොළඹ රාජකීය විද්‍යාලයේ මනුත් දසනායක (71) සහ හිමරු දේශාන් ද සිල්වා (58), බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයේ ශවිඳු සිල්වා (53), ජොශුවා සෙබස්තියන් (93), නාලන්දා විද්‍යාලයේ ඔෂද පමුදිත (66), ‍ වේල්ස් කුමාර විද්‍යාලයේ ගවේශ ප්‍රනාන්දු (59) සහ පසන් කුරේ (51), සාන්ත ජෝශප් විද්‍යාලයේ අවීශ සමාශ් (52), රිශ්ම අමරසිංහ (90) සහ චේතින කාවින්ද (70), කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයේ යශ්මිත් ජයසුන්දර (74) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

පන්දු යැවීමේ දී මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයට එරෙහි ව සාන්ත ජෝශප් විද්‍යාලයේ නුශාන් පෙරේරා පළමු ඉනිමේ දී ද සහ විශ්ව පීරිස් 2වැනි ඉනිමේ දී ද කඩුලු 6ක් බැගින් දවා ගන්නවා. එහි දී නුශාන් පෙරේරා ලකුණු 38කට කඩුලු 6ක් ද සහ විශ්ව පීරිස් ලකුණු 50කට කඩුලු 6ක් ද ලෙසින් දවා ගත්තා.

ඊට අමතර ව මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයේ නදුල් අපෝන්සු කොළඹ නාලන්දා විද්‍යාලයට එරෙහි ව ලකුණු 53කට කඩුලු 6ක් සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයේ ජනිත් පණ්ඩිතරත්න කොළඹ රාජකීය විද්‍යාලයට එරෙහි ව ලකුණු 103කට කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.

ඊට අමතර ව ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ මිනග ආරියදාස (5/88), මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයේ ෂෙහාන් අශේන් (5/20), සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ කොශේන්ද්‍ර ප්‍රනාන්දු (5/115) දක්ෂ පන්දු යැවීම්වල නිරත වූවා.

කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අතර තරගය, තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – රිච්මන්ඩ් විද්‍යාලය

  • තර්ස්ටන් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 257 (74.4)අකේන් ද අල්විස් 25, යොහාන් සේනානායක 34, රිසෝන් ජන්සෙන් 20, සෙත්රු ප්‍රනාන්දු 57, රචින්ත ද සිල්වා 29, උදර්ශ නිම්සර 23, ලෙසද දෙව්මික හේවාපතිරණ 21, මිනග ආරියදාස 5/88, තෙනුශ නිම්සර 2/92, නෙතුජ බාශිත 2/25
  • රිච්මන්ඩ් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 69 (16.1) චලිඳු කරුණාරත්න නොදැවී 42

රිච්මන්ඩ් විද්‍යාලය තවත් ලකුණු 188ක් පිටුපසින්.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය සහ කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය අතර තරගය කරන්දෙණිය ජෙනරල් බලගල්ල යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

  • සාන්ත ඇලෝසියස් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 167 (54.5)චනුල් සංකෙත් 23, විනෝද් දනුශ්ක 23, සෙවිත දුමාල් 37, දුල්සත් නිම්විරු 29, යොහාන් එදිරිසිංහ 2/18, විහඟ රත්නායක 3/24, ලිතික ජයසුන්දර 3/09
  • සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 144 (38.0)ටෙහාන් බීටර් 30, විහඟ රත්නායක 28, සිතුම් හසරංග නොදැවී 33, ලිතික ජයසුන්දර නොදැවී 30, චනුල් නෙත්මිණ 3/35

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය ලකුණු 23ක් පිටුපසින්.

මෙම තරග ද්විත්වය හෙට (7) 2 වැනි සහ අවසන් දිනයටත් ක්‍රියාත්මකයි.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර තරගය මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – මහානාම විද්‍යාලය

  • ත්‍රිත්ව විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 153 (52.3)ප්‍රවීන් මිතිල 47, සංතෝශ් ක්‍රිතීක්ෂන් 34, ගීත් සඳරුවන් 3/33, තෙනුජ රශ්මික 3/35, වෙනුර කවීත්‍ර 2/34
  • මහානාම විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 101 (37.0)වෙනුර කවීත්‍ර නොදැවී 42, සනුල් වීරරත්න නොදැවී 32

තරගයේ විසඳුමක් නෑ.

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර තරගය බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයීය පිටියේ දී.

කාසියේ වාසිය – රාජකීය විද්‍යාලය

  • රාජකීය විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 347 (80.0)රෙහාන් පීරිස් 126, තෙවිඳු වේවැල්වල 20, මනුත් දසනායක 71, හිමරු දේශාන් ද සිල්වා 58, තෙනුර දිසානායක 2/74, ජනිත් පණ්ඩිතරත්න 6/103
  • සාන්ත පීතර විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 361 (80.0)අසදිස ද සිල්වා 134, ශවිඳු සිල්වා 53, ජොශුවා සෙබස්තියන් 93, එනෝෂ් පීටර්සන් නොදැවී 31, සදීශ සිල්වා නොදැවී 33, සෙහඳු සූරියආරච්චි 3/50, රමිරු පෙරේරා 2/98
  • රාජකීය විද්‍යාලය – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 71 (22.0)හිරුන් ලියනාරච්චි නොදැවී 34, රෙහාන් පීරිස් නොදැවී 37

තරගයේ විසඳුමක් නෑ.

කොළඹ නාලන්දා විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය අතර තරගය කොළඹ නාලන්දා විද්‍යාලයීය පිටියේ දී.

කාසියේ වාසිය – වේල්ස් කුමාර විද්‍යාලය

  • නාලන්දා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 226 (79.0)නඳුල් ජයලත් 25, සංතුල් විජේරත්න 46, නෙමිඳු අක්මීමන 27, ඔෂද පමුදිත 66, දුනිත් අනුසාර 40, නඳුල් අපෝන්සු 6/53, නෙතුල් අනුහස් 4/67
  • වේල්ස් කුමාර විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 303 (80.0)පළිඟු පෙරේරා 35, සුවස් ප්‍රනාන්දු 63, ඔශාන් ද සිල්වා 43, ගවේශ ප්‍රනාන්දු 59, පසන් කුරේ 51, ඔෂද පමුදිත 2/32, මල්ශ ප්‍රනාන්දු 2/65
  • නාලන්දා විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 101 (33.0)නඳුල් ජයලත් 36, ඔෂද පමුදිත නොදැවී 20, මිහින් සොයිසා 23, නඳුල් අපෝන්සු 2/44, ශෙහාන් අශේන් 5/20

තරගයේ විසඳුමක් නෑ.

කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය සහ මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය අතර තරගය කරුණෑගල සාන්ත ආනා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය

  • සාන්ත ආනා විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 251 (74.1)ඉශාන් ඛාන් 22, යශ්මිත ජයසුන්දර 74, සනුජ දිසානායක 127, සවිඳු සත්සර 2/32
  • මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 28 (6.6)හංසක පෙරේරා නොදැවී 19, සනුජ දිසානායක 2/12

තරගයේ විසඳුමක් නෑ.

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ කොළඹ සාන්ත ජෝශප් විද්‍යාලය අතර තරගය මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – සාන්ත ජෝශප් විද්‍යාලය

  • සාන්ත ජෝශප් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 344 (79.1)යෙනුල දන්තනාරායන 74, අවීශ සමාශ් 52, රිශ්ම අමරසිංහ 90, චේතින කාවින්ද 70, දිල්ප රුවනක 28, කොශේන්ද්‍ර ප්‍රනාන්දු 5/115, ශෙනාශ් හශේන් 3/51, නවිනු ප්‍රනාන්දු 2/65
  • සාන්ත සෙබස්තියන් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 192 (59.1)අදේශ් අල්මේදා නොදැවී 105, කොශේන්ද්‍ර ප්‍රනාන්දු 45, නුශාන් පෙරේරා 6/36, දිසිනු සමරසිංහ 2/68, විශ්ව පීරිස් 2/58
  • සාන්ත සෙබස්තියන් විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 151 (54.0)චමත්  33, අදේශ් අල්මේදා 50, කොශේන්ද්‍ර ප්‍රනාන්දු 22, නුශාන් පෙරේරා 3/59, විශ්ව පීරිස් 6/50

තරගයේ විසඳුමක් නෑ.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<