සුපුරුදු පරිදි මහනුවර ක්‍රීඩා සමාජයට අඛණ්ඩ 6 වන අන්තර් සමාජ ලීග් රග්බි කිරුළ දිනා දෙමින් 2020 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය පසුගියදා නිමාවට පත්වුනා. කොරෝනා වෛරසය නිසා සුපිරි තරග වටය අතහැර දැමුනත් මහනුවර ක්‍රීඩා සමාජය අපරාජිතවම මෙවර කිරුළත් මහනුවරට රැගෙන ගියා.
ප්‍රබල CR ක්‍රීඩකයෙකුට තරග තහනමක්!
2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 13 වැනි සතියේ පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව…..
මෙවර තරගාවලියේ සුපිරි දස්කම් දැක්වූ ක්‍රීඩකයින් කවුරුන්ද? කොරෝනා නිසා සුපිරි අවසානයක් අහිමි වුනු 2020 ඩයලොග් අන්තර් ක්‍රීඩා සමාජ රග්බි තරගාවලියේ වැඩකාරයින් පෙළගැසුනේ මෙහෙමයි.
වැඩිම ලකුණු ලාභියෝ
#5 Tomasi Ravouvou
වේගවත් ෆීජි ක්‍රීඩකයෙකු වන Tomasi සිය වේගවත් ක්‍රීඩා විලාසයෙන් මෙන්ම ශක්තිමත් පන්දු රැගෙන යාම් වලින් ද මෙවර රග්බි ලීගයට නවමු වර්ණයක් ගෙන ආවා. ඔහු පන්දුව රැගෙන යාමේ දී ඔහුට බාධා කරන්නට පැමිණි ක්‍රීඩකයින් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් බිම ඉඳගත්තේ Tomasiට ඉදිරියට යන්නට ඉඩ සකසා දෙමිනුයි.

CH & FC කණ්ඩායමට එරෙහිව 2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පළමු සති අන්තයේ දී සිය පළමු තරගය ක්‍රීඩා කළ ඔහු සුපිරි ක්‍රීඩක ගයාන් වීරරත්න හට අලංකාර බාධා කිරීමක් සිදුකළේ යුධ හමුදා කණ්ඩායමේ පළමු උත්සාහක දිනුමට මඟ පාදමින්. Tomasi සිය කණ්ඩායම වෙනුවෙන් පිටිය පුරා සෑහෙන්න මහන්සි වූ ක්‍රීඩකයෙක්.
#4 ජනිඳු දිල්ශාන්
2018 පාසල් රග්බි තරගාවලියේ සුපිරි තරුව දැන් ඩයලොග් අන්තර් සමාජ රග්බි පිටියේ උත්සාහක දිනුම් මැෂිම බවට පත්ව තිබෙනවා. CR කණ්ඩායම වෙනුවෙන් සුපිරි දස්කම් දක්වන ඔහු මෙවර තරගාවලියේ දී ඔහුගේ නම වෘත්තීය රග්බි පිටිය තුළ රන් අකුරින් ලියන්නට සමත් වුනා.

රාජකීය විද්‍යාලයෙන් CR & FC කණ්ඩායමට පිවිසුනු නමුත් ඔහුට එහිදී පාසලේ දී මෙන් සෙන්ටර් ස්ථානය හිමි වුනේ නැහැ. කෙසේ වෙතත් ලැබුනු Wing ස්ථානයෙන් උපරිම ප්‍රයෝජන ගත් ඔහු CR පසුපෙළේ කොඳු නාරටිය බවට පත්වුනා. අංක 13න් අංක 14ට මාරු වුනු ඔහු මෙවර තරගාවලියේ ප්‍රේක්ෂකයින්ට රසඳුනක් වුනේ අලංකාර උත්සාහක දිනුම් රැසක් සමඟින්.
#3 රීසා මුබාරක්

රීසා, Tomasi මෙන් විශාල නොවුනත් ජනිඳු මෙන් වේගවත් නොවුනත් සිය අත්දැකීම් හා ක්‍රීඩාවේ කපටිකම යොදා ගනිමින් ඔහුට ඔවුන් දෙදෙනාම මොහොතකින් පරයා හැකියි. ඔහු තරග කිහිපයක්ම බංකුවට වී කල් ගත කළත් වැඩිම ලකුණු ලාභීන්ගේ සටහනේ තුන්වන ස්ථානයේ තරගාවලිය අවසන් කිරීම විශේෂත්වයක් නොවේ ද? ඇස් දෙක පියාගෙන වුනත් ගෝල කණු අතරින් පන්දුව පා කර යැවිය හැකි ඔහු ප්‍රවර්තන 19ක් හා දඬුවම් පහර 16ක් සමඟින් ලකුණු 86ක් රැස්කර ගෙන සිය ක්‍රීඩා දිවිය ඉහළින්ම අවසන් කළා. රීසා! ඔබේ සුන්දර පා පහරවල් රග්බි ප්‍රේක්ෂකයින්ට කිසිදා අමතක නොවනු ඇත.
ශූරතාවය මහනුවරට!
2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ශූරයන් ලෙස කිරුළු පැලඳීමට මහනුවර ක්‍රීඩා සමාජය……..
#2 ඉසුරු කෝන්ගහවත්ත
මොහොමඩ් අබ්සාල්ගේ හිස්තැන පුරවන්නට නාවික හමුදා කණ්ඩායමට පිවිසුනු ඉසුරු කෝන්ගහවත්ත ලැබුනු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තා. ෆ්ලයි හාෆ් ස්ථානයේ සුපිරි දස්කම් දැක්වූ ඔහු සිය පළමු තරගවාරය සාර්ථකව අවසන් කළා.

අවාසනාවන්ත ලෙස ලකුණු 100 මඟ හැරුනත් එක් උත්සාහක දිනුමක්, ප්‍රවර්තන 28ක් හා දඬුවම් පහර 10ක් සමඟින් ඉසුරු ලකුණු 91ක් තමන්ගේ නමට ලියා ගත්තේ සිය පළමු තරගාවලිය ඉතිහාස පොත් අතර ලියමින්.
#1 තරින්ද රත්වත්ත
තරගාවලියේ හොඳම ක්‍රීඩකයා ලෙස අවිවාදයෙන් සැලකිය හැකි තරින්ද රත්වත්ත මහනුවර ක්‍රීඩා සමාජය වෙනුවෙන් සිය උපරිම දක්ෂතා දක්වන්නට සමත් වුනා. මහනුවර ක්‍රීඩා සමාජයේ තරග රටාව පාලනය කළේ ද ඔහුයි, පන්දුවට පා පහර දුන්නේ ද ඔහුයි, අනෙක් ක්‍රීඩකයින්ට උත්සාහක දිනුම් සඳහා පාර සකසා දුන්නේ ද ඔහුයි. සුපුරුදු නොම්මර 10 වෙනුවට නොම්මර 12 ස්ථානයේ ක්‍රීඩා කළ ඔහු අපේක්ෂා කළ පරිදිම සුපිරි දක්ෂතා දක්වන්නට සමත් වුනා.

සිය උපන් ගමට නැවත පැමිණි තරින්ද මහනුවර ක්‍රීඩා සමාජයේ සිය නම රන් අකුරින් සටහන් කළා. තරගයේ වීරයා සම්මානය වැඩිම වතාවක් දිනා ගෙන ඇති ඔහු උත්සාහක දිනුම් තුනක්, ප්‍රවර්තන 42ක් හා දඬුවම් පහර 8ක් සමඟින් ලකුණු 123ක් රැස්කර ගෙන සිටියා.
CR කණ්ඩායමට ලීගය තහනම්!
මීට සති දෙකකට ඉහත දී 2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව…..
වැඩිම උත්සාහක දිනුම් ලාභියෝ
වැඩිම උත්සාහක දිනුම් ලාභින්ගේ ලැයිස්තුවේ පළමු ස්ථානයේ සිටින්නේ වැඩිම ලකුණු ලාභින්ගේ ලැයිස්තුවේ ද ස්ථානයක් වෙන්කර ගෙන සිටි ජනිඳු දිල්ශාන්. Tomasi Ravouvou, ජනිඳු ගේ උත්සාහක දිනුම් 13කට එකක් පසුපසින් හිඳිමින් උත්සාහක දිනුම් 12ක් වාර්තා කර ගත්තේ වැඩිම උත්සාහක දිනුම් ලාභින්ගේ ලැයිස්තුවේ දෙවන ස්ථානය දිනා ගනිමින්. ඔවුන් දෙදෙනා ගැන ඉහත සඳහන් වුනු නිසා වැඩිම උත්සාහක දිනුම් ලාභින්ගේ ලැයිස්තුවේ 3, 4, 5 ස්ථාන පිළිබඳ සොයා බලන්නයි අපේ මේ සුදානම.
#3 ශව්කට් ලාහිර්
ඉදිරිපෙළ ක්‍රීඩකයින් වැඩිම උත්සාහක දිනුම් ලාභින්ගේ ලැයිස්තුවේ සිටීම එතරම් සුපුරුදු කරුණක් නොවෙයි. ඒ පසුපෙළ ක්‍රීඩකයින් හට ඉදිරිපෙළ ක්‍රීඩකයින්ට වඩා ලකුණු රැස් කිරීමට අවස්ථාව හිමි වන බැවින්. කෙසේ වෙතත් දිවයිනේ හොඳම ෆ්ලෑන්කර් ක්‍රීඩකයෙකු වන ලාහිර් අලංකාර ක්‍රීඩා රටාවකින් සිය උපරිම දායකත්වය කණ්ඩායමට ලබා දුන්නේ හැව්ලොක් කණ්ඩායමේ ප්‍රධානතම තුරුම්පුවක් බවට පත් වෙමින්.

#4 බුද්ධිම පියරත්න
මහනුවරට ගිය බුද්ධිම පියරත්න මහනුවර ක්‍රීඩා සමාජයේ සිය නම රන් අකුරින් ලියන්නට සමත් වුනා. ශ්‍රී ලංකාව බිහිකළ හොඳම විංග් ත්‍රී ක්වාටර් ක්‍රීඩකයෙකු වන ඔහු පන්දුව රැගෙන පිටිය පුරා අලංකාර ධාවනයන් වල යෙදුනේ තරග බොහොමයකම එක් උත්සාහක දිනුමට වඩා වාර්තා කරමින්.

#5 ජේසන් දිසානායක
ප්‍රබල ෆ්ලෑන්කර් ක්‍රීඩකයෙකු වන ජේසන් දිසානායක වැඩිම උත්සාහක දිනුම් ලැයිස්තුවේ පස්වන ස්ථානයේ සිටිනවා. පන්දුවත් සමඟ ප්‍රබල ධාවනයන් වල යෙදෙන ඔහු ශ්‍රී ලංකාවට සිටින වටිනාම සත් සාමාජික රග්බි ක්‍රීඩකයෙක්.

අතුරුදහන් වුනේ කවුද?
පසුගිය වසර සමඟ සංසන්දනාත්මකව බලද්දී ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම සුපුරුදු දස්කම් අතරට පිවිසෙන්නට සමත් වුනේ නැහැ.
2018/19 තරග වාරයේ දී ලකුණු 200 සීමාව ඉක්මවා ගිය සැමුවෙල් මධුවන්ත මෙවර වැඩිම ලකුණු ලාභින්ගේ ලැයිස්තුවේ පළමු ස්ථාන 15කට වත් ඇතුල් වෙන්නට සමත් වුනා. ඒ ඔහු වරින් වර ආබාධයන්ට ලක් වීම නිසයි. කෙසේ වෙතත් CH & FC කණ්ඩායමට ඔහුගේ සුපුරුදු සේවය නොමැති පාඩුව තදින්ම දැනුනා.
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<





















