ඉතාලියේ ක්‍රීඩා වංශ කතාව අලුත් වෙයි

32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල

716

සෑම ඔලිම්පික් ක්‍රීඩාලෝලියෙක්ම දෑස දල්වා බලා සිටි පිරිමි මීටර් 100 ධාවන ඉසව්වේ රන් පදක්කම ඉතාලියේ Marcell Jacobs විසින් ජයග්‍රහණය කිරීමට සමත් වුනා. මේ 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ අද (01) සිදු වූ තවත් විශේෂ සිදුවීම් කිහිපයක්. 

මලල ක්‍රීඩා (Athletics) 

පිරිමි මීටර් 100 ධාවන ඉසව්වේ අවසන් තරගය තත්පර 9.80කින් නිමා කරමින් Marcell රන් පදක්කම දිනා ගත් අතර එය නව යුරෝපා වාර්තාවක් ලෙස සටහන් වුනා. මෙම ජයග්‍රහණයත් සමඟ ‘ඔලිම්පික් උළෙලක මීටර් 100 ඉසව්වක් ජයග්‍රහණය කළ එකම ඉතාලි ජාතිකයා’ ලෙස Marcell Jacobs ඉතිහාසගත වුනා.

රිදී පදක්කම තත්පර 9.84ක දක්ෂතාවයක් දැක්වූ ඇමරිකා එක්සත් ජනපදයේ Fred Kerley හට හිමි වූ අතර ලෝකඩ පදක්කම ජයග්‍රහණය කළ කැනඩාවේ Andre De Grasse විසින් දැක්වූ දක්ෂතාවය තත්පර 9.89ක් ලෙස සටහන් වුනා. 

කාන්තා තුන් පිම්ම ඉසව්වේ වසර 26ක් පැරණි ලෝක වාර්තාවක් බිඳ හෙළමින් රන් පදක්කම දිනා ගැනීමට වෙනිසියුලාවේ Yulimar Rojas සමත් වුනා. ඇයගේ දක්ෂතාවය මීටර් 15.67ක් ලෙස සටහන් වූ අතර පෙර ලෝක වාර්තාව (15.50) 1995 වසරේ දී යුක්‍රේනයේ Inessa Kravets විසින් පිහිටුවා තිබුණා.

මෙම ඉසව්වේ රිදී පදක්කම මීටර් 15.01ක දක්ෂතාවයක් දැක්වූ පෘතුගාලයේ Patrícia Mamona විසින් හිමි කර ගත් අතර ලෝකඩ පදක්කම දිනා ගත් ස්පාඤ්ඤයේ Ana Peleteiro විසින් දැක්වූ දක්ෂතාවය මීටර් 14.87ක් ලෙස සටහන් වුනා. 

පිරිමි උස පැනීම ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට ඉතාලියේ Gianmarco Tamberi සහ කටාර් රාජ්‍යයේ Mutaz Essa Barshim සමත් වුනේ මීටර් 2.37ක දක්ෂතාවයක් දක්වමින්. ලෝකඩ පදක්කම බෙලරූස් රාජ්‍යයේ Maksim Nedasekau හට හිමි වූ අතර ඔහු ද මීටර් 2.37ක දක්ෂතාවයක් දක්වා තිබුණා. 

තම හොඳම දක්ෂතාවය ලෙස මීටර් 20.58ක දක්ෂතාවයක් දක්වමින් කාන්තා යගුලිය විසිකිරීම ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට චීනයේ Lijiao Gong සමත් වුනා. ඇමරිකා එක්සත් ජනපදයේ Raven Saunders විසින් මීටර් 19.79ක දක්ෂතාවයක් දක්වමින් රිදී පදක්කම දිනා ගත් අතර මීටර් 19.62ක දක්ෂතාවයක් දැක්වූ නවසීලන්තයේ Valerie Adams හට ලෝකඩ පදක්කම හිමි වුනා. 

පිහිනුම් (Swimming) 

පිරිමි 4×100m medley relay ඉසව්වේ රන් පදක්කම මිනිත්තු 3:26.78කින් ඉසව්ව නිමා කළ ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම (Ryan Murphy, Michael Andrew, Caeleb Dressel, Zach Apple) විසින් දිනා ගනු ලැබුවා. එය නව ලෝක වාර්තාවක් ලෙස සටහන් වූ අතර එසේ ඔවුන් අතින් බිඳ වැටුණේ ඇමරිකා එක්සත් ජනපදයේ Aaron Peirsol, Eric Shanteau, Michael Phelps, සහ David Walters විසින් 2009 වසරේ දී පිහිට වූ වාර්තාවයි (3:27.28).

මිනිත්තු 3:27.51ක දක්ෂතාවයක් දක්වමින් මහා බ්‍රිතාන්‍යය කණ්ඩායම (Luke Greenbank, Adam Peaty, James Guy සහ Duncan Scott) විසින් මෙම ඉසව්වේ රිදී පදක්කම හිමි කර ගත් අතර ඉතාලි කණ්ඩායම (Thomas Ceccon, Nicolò Martinenghi, Federico Burdisso සහ Alessandro Miressi) මිනිත්තු 3:29.17කින් තරගය නිමා කරමින් ලෝකඩ පදක්කම දිනා ගත්තා. 

පිරිමි මීටර් 50 නිදහස් ආර ඉසව්වෙන් නව ඔලිම්පික් වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම ජයග්‍රහණය කිරීමට ඇමරිකා එක්සත් ජනපදයේ Caeleb Dressel සමත් වුනා. තත්පර 21.07ක දක්ෂතාවයක් දක්වමින් Caeleb විසින් බිඳ හෙළනු ලැබුවේ 2008 වසරේ දී බ්‍රසීලයේ César Cielo විසින් පිහිටවූ වාර්තාව (21.30) වන අතර මෙම ඉසව්වේ ලෝක වාර්තාව (20.91) තවමත් César සතුව පවතිනවා. මෙවර ඔලිම්පික් උළෙලේ මේ වන විට Caeleb විසින් රන් පදක්කම් 5ක් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබීම විශේෂත්වයක්. 

මෙම ඉසව්වේ රිදී පදක්කම තත්පර 21.55ක කාලයක් වාර්තා කළ ප්‍රංශයේ Florent Manaudou විසින් දිනා ගත් අතර බ්‍රසීලයේ Bruno Fratus තත්පර 21.57ක දක්ෂතාවයක් දක්වමින් ලෝකඩ පදක්කම දිනා ගත්තා. 

කාන්තා මීටර් 50 නිදහස් ආර ඉසව්ව තත්පර 23.81කින් නිමා කරමින් නව ඔලිම්පික් වාර්තාවක් සමඟ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියාවේ Emma McKeon සමත් වුනා. 

මෙම ඉසව්වේ මූලික තරග වටයට පෙර ඔලිම්පික් වාර්තාව (24.05) 2012 වසරේ දී නෙදර්ලන්තයේ Ranomi Kromowidjojo විසින් පිහිටුවා තිබූ අතර Emma තමන් සහභාගී වූ පළමු වටයේ තරගයේ තත්පර 24.02ක දක්ෂතාවයක් දක්වමින් එය බිඳ හෙළනු ලැබුවා.  

ඉන්පසුව පැවති අවසන් පූර්ව වටයේ තරගයේ දී තත්පර 24.00කින් ඉසව්ව නිමා කරමින් තමන් සතුව පැවති ඔලිම්පික් වාර්තාව අලුත් කිරීමට Emma සමත් වුනා.

(Emma McKeon අවසන් තරගය අතරතුර) ඡායාරූපය – olympics.com

අවසන් තරගය තත්පර 24.07කින් නිමා කරමින් ස්වීඩනයේ Sarah Sjöström විසින් රිදී පදක්කම දිනා ගත් අතර ඇය මෙම ඉසව්වේ ලෝක වාර්තාවට (23.67) හිමිකම් කීම විශේෂත්වයක්. තත්පර 24.21ක දක්ෂතාවයක් දැක්වූ ඩෙන්මාර්කයේ Pernille Blume හට ලෝකඩ පදක්කම හිමි වුනා. 

නව ඔලිම්පික් වාර්තාවක් සමඟ කාන්තා 4×100m medley relay ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම (Kaylee McKeown, Chelsea Hodges, Emma McKeon සහ Cate Campbell) සමත් වුනා. මිනිත්තු 3:51.60ක කාලයක් වාර්තා කරමින් ඔවුන් විසින් බිඳ හෙළීමට සමත් වුනේ 2012 වසරේ දී ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම විසින් පිහිටවූ වාර්තාවයි (3:52.05).

(ජයග්‍රහණය සමරන ඕස්ට්‍රේලියානු කාන්තා පිහිනුම් කණ්ඩායම) ඡායාරූපය – olympics.com

මෙම ඉසව්වේ රිදී පදක්කම මිනිත්තු 3:51.73ක දක්ෂතාවයක් දැක්වූ ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම (Regan Smith, Lydia Jacoby, Torri Huske සහ Abbey Weitzeil) විසින් දිනා ගත් අතර මිනිත්තු 3:52.60කින් ඉසව්ව නිමා කරමින් කැනඩා කණ්ඩායම (Kylie Masse, Sydney Pickrem, Maggie Mac Neil සහ Penny Oleksiak) ලෝකඩ පදක්කම දිනා ගත්තා. 

පිරිමි මීටර් 1500 නිදහස් ආර ඉසව්වේ රන් පදක්කම ඇමරිකා එක්සත් ජනපදයේ Robert Finke විසින් දිනා ගත්තේ මිනිත්තු 14:39.65ක දක්ෂතාවයක් දක්වමින්. එහි රිදී පදක්කම මිනිත්තු 14:40.66කින් තරගය නිමා කළ යුක්‍රේන ජාතික Mykhailo Romanchuk විසින් හිමි කර ගත් අතර ජර්මනියේ Florian Wellbrock විසින් මිනිත්තු 14:40.91ක දක්ෂතාවයක් දක්වමින් ලෝකඩ පදක්කම දිනා ගත්තා. 

ටෙනිස් (Tennis) 

කාන්තා යුගල ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට චෙක් ජනරජයේ Barbora Krejčíková සහ Kateřina Siniaková සමත් වුනේ අවසන් තරගයේ දී ස්විස්ටර්ලන්තයේ Belinda Bencic සහ Viktorija Golubic ලකුණු 7-5ක් සහ 6-1ක් ලෙස තරග වට 2-0කින් පරාජයට පත්කරමින්. ස්විස්ටර්ලන්තයේ Belinda Bencic ඊයේ (31) දිනයේ දී කාන්තා කේවල ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට ද සමත් වුනා. 

මෙම ඉසව්වේ ලෝකඩ පදක්කම සඳහා බ්‍රසීලයේ Laura Pigossi සහ Luisa Stefani සමඟ රුසියානු ඔලිම්පික් කමිටුවේ Veronika Kudermetova සහ Elena Vesnina තරග වැදුණු අතර එහි දී ලකුණු 4-6ක්, 6-4ක් සහ 11-9ක් ලෙස තරග වට 2-1ක ජයග්‍රහණයක් බ්‍රසීල කාන්තා කණ්ඩායමට හිමි වුනා. 

පිරිමි කේවල ඉසව්වේ අවසන් මහා තරගයෙන් ලකුණු 6-3ක් සහ 6-1ක් ලෙස තරග වට 2-0ක් ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ජර්මනියේ Alexander Zverev සමත් වුනා. Alexander හමුවේ පරාජයට පත්වූ රුසියානු ඔලිම්පික් කමිටුව නියෝජනය කරන Karen Khachanov හට රිදී පදක්කම හිමි වූ අතර ලෝකඩ පදක්කම ස්පාඤ්ඤයේ Pablo Carreño Busta විසින් දිනා ගත්තා. 

මිශ්‍ර යුගල ඉසව්වේ අවසන් තරගය සඳහා රුසියානු ඔලිම්පික් කමිටුව නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සුදුසුකම් ලබා තිබූ අතර එහි දී Elena Vesnina සහ Aslan Karatsev පරාජයට පත්කරමින් රන් පදක්කම දිනා ගැනීමට Anastasia Pavlyuchenkova සහ Andrey Rublev සමත් වුනා. 

අවසන් තරගය ලකුණු 3-6ක්, 7-6ක් සහ 11-13ක් ලෙස තරග වට 2-1කින් ජය ගැනීමට Anastasia සහ Andrey සමත් වූ අතර මෙම ඉසව්වේ ලෝකඩ පදක්කම ඕස්ට්‍රේලියාවේ Ashleigh Barty සහ John Peers විසින් දිනා ගත්තා. 

කිමිදුම් (Diving) 

කාන්තා 3m springboard ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට චීනයේ Shi Tingmao සමත් වුනේ පැනීම් 5ක් අවසානයේ මුළු ලකුණු 383.50ක් හිමිකර ගනිමින්. Tingmao විසින් 2016 රියෝ ඔලිම්පික් උළෙලේ ද මෙම ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත්ව තිබෙනවා. 

චීනයේ Wang Han විසින් මුළු ලකුණු 348.75ක් වාර්තා කරගෙන රිදී පදක්කම දිනා ගන්නා විට මුළු ලකුණු 343.75ක් වාර්තා කර ගත් ඇමරිකා එක්සත් ජනපදයේ Krysta Palmer විසින් ලෝකඩ පදක්කම හිමිකර ගත්තා. 

බැඩ්මින්ටන් (Badminton) 

කාන්තා කේවල ඉසව්වේ අවසන් තරගය සඳහා චීන තායිපේ නියෝජනය කරමින් Tai Tzu-ying සමඟ චීනයේ Chen Yufei තරග වැදුණු අතර එහි දී තර ගවට 2-1ක තියුණු ජයග්‍රහණයක් හිමිකර ගැනීමට Chen Yufei සමත් වුනා. පළමු වටය ලකුණු 21-18ක් ලෙස Yufei ජය ගත් අතර දෙවැනි වටය ලකුණු 19-21ක් ලෙස ජයග්‍රහණය කළේ Tzu-ying විසින්. තීරණාත්මක තුන්වැනි වටය ලකුණු 21-18ක් ලෙස ජයග්‍රහණය කළේ Yufei විසින්. 

ලෝකඩ පදක්කම සඳහා ඉන්දියාවේ P. V. Sindhu සමඟ චීනයේ He Bingjiao තරග වැදුණා. එහි දී ලකුණු 21-13ක්, 21-15ක් ලෙස තරග වට 2-0ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ඉන්දියාවේ P. V. Sindhu සමත් වුනා. 

තවත් අවසන් තරගවල ප්‍රතිඵල කිහිපයක් සැකෙවින්, 

Gymnastics 

  • පිරිමි floor ඉසව්ව 
  1. රන් පදක්කම – Artem Dolgopyat (ඊශ්‍රායලය) 
  2. රිදී පදක්කම – Rayderley Zapata (ස්පාඥ්ඥය) 
  3. ලෝකඩ පදක්කම – Xiao Ruoteng (චීනය) 
  • කාන්තා vault ඉසව්ව 
  1. රන් පදක්කම – Rebeca Andrade (බ්‍රසීලය) 
  2. රිදී පදක්කම – MyKayla Skinner (ඇමරිකා එක්සත් ජනපදය) 
  3. ලෝකඩ පදක්කම – Yeo Seo-jeong (දකුණු කොරියාව) 
  • පිරිමි pommel horse ඉසව්ව 
  1. රන් පදක්කම – Max Whitlock (මහා බ්‍රිතාන්‍යය) 
  2. රිදී පදක්කම – Lee Chih-kai (චීන තායිපේ) 
  3. ලෝකඩ පදක්කම – Kazuma Kaya (ජපානය) 
  • කාන්තා uneven bars ඉසව්ව 
  1. රන් පදක්කම – Nina Derwael (බෙල්ජියම) 
  2. රිදී පදක්කම – Anastasia Ilyankova (රුසියානු ඔලිම්පික් කමිටුව) 
  3. ලෝකඩ පදක්කම – Sunisa Lee (ඇමරිකා එක්සත් ජනපදය) 

බයිසිකල් ධාවනය (Cycling) 

  • පිරිමි BMX freestyle ඉසව්ව 
  1. රන් පදක්කම – Logan Martin (ඕස්ට්‍රේලියාව) 
  2. රිදී පදක්කම – Daniel Dhers (වෙනිසියුලාව) 
  3. ලෝකඩ පදක්කම – Declan Brooks (මහා බ්‍රිතාන්‍යය) 
  • කාන්තා BMX freestyle ඉසව්ව 
  1. රන් පදක්කම – Charlotte Worthington (මහා බ්‍රිතාන්‍යය) 
  2. රිදී පදක්කම – Hannah Roberts (ඇමරිකා එක්සත් ජනපදය) 
  3. ලෝකඩ පදක්කම – Nikita Ducarroz (ස්විස්ටර්ලන්තය) 

ඔරු පැදීම (Sailing) 

  • කාන්තා Laser Radial ඉසව්ව 
  1. රන් පදක්කම – Anne-Marie Rindom (ඩෙන්මාර්කය) 
  2. රිදී පදක්කම – Josefin Olsson (ස්වීඩනය) 
  3. ලෝකඩ පදක්කම – Marit Bouwmeester (නෙදර්ලන්තය) 
  • පිරිමි Laser ඉසව්ව 
  1. රන් පදක්කම – Matthew Wearn (ඕස්ට්‍රේලියාව) 
  2. රිදී පදක්කම – Tonči Stipanović (ක්‍රොඒෂියාව) 
  3. ලෝකඩ පදක්කම – Hermann Tomasgaard (නෝර්වේ රාජ්‍යය) 

ගොල්ෆ් (Golf) 

  • පිරිමි කේවල ඉසව්ව 
  1. රන් පදක්කම – Xander Schauffele (ඇමරිකා එක්සත් ජනපදය) 
  2. රිදී පදක්කම – Rory Sabbatini (ස්ලෝවැකියාව) 

කඩු හරඹ (Fencing) 

  • පිරිමි කණ්ඩායම් foil ඉසව්ව 
  1. රන් පදක්කම – ප්‍රංශය (Erwann Le Péchoux, Enzo Lefort, Julien Mertine සහ Maxime Pauty) 
  2. රිදී පදක්කම – රුසියානු ඔලිම්පික් කමිටුව (Anton Borodachev, Kirill Borodachev, Vladislav Mylnikov සහ Timur Safin) 
  3. ලෝකඩ පදක්කම – ඇමරිකා එක්සත් ජනපදය (Alexander Massialas, Nick Itkin, Gerek Meinhardt සහ Race Imboden) 

බර එසවීම (Weightlifting) 

  • කාන්තා 76kg බර පන්තිය 
  1. රන් පදක්කම – Neisi Dajomes (ඉක්වදෝරය) 
  2. රිදී පදක්කම – Katherine Nye (ඇමරිකා එක්සත් ජනපදය) 
  3. ලෝකඩ පදක්කම – Aremi Fuentes (මෙක්සිකෝව) 

මෙවර ඔලිම්පික් උළෙලේ සාර්ථක නවවැනි දිනය (01) අවසන් වන විට තවදුරටත් පදක්කම් ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය ප්‍රබල චීනය විසින් හිමිකරගෙන තිබෙන්නේ රන් පදක්කම් 24ක්, රිදී පදක්කම් 14ක් සහ ලෝකඩ පදක්කම් 13ක් ජයග්‍රහණය කරමින්. 

ඇමරිකා එක්සත් ජනපදය රන් පදක්කම් 20ක්, රිදී පදක්කම් 23ක් සහ ලෝකඩ පදක්කම් 16ක් දිනාගෙන දෙවන ස්ථානයේ පසුවන අතර රන් පදක්කම් 17ක්, රිදී පදක්කම් 05ක් සහ ලෝකඩ පදක්කම් 09ක් සමඟින් සත්කාරක ජපානය තෙවැනි ස්ථානයේ පසුවෙනවා.

හෙට (02) දිනයේ දී 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පදක්කම් සඳහා වන අවසන් තරග 22ක් පැවැත්වීමට නියමිතයි. 

32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල ආවරණය කරන්නට ThePapare.com අපිත් ටෝකියෝවට ගොස් අවසන්. ඔලිම්පික් ක්‍රීඩා පුවත් ඇතුළු තරගාවලියේ සිරි අසිරිය ඡායාරූප, වීඩියෝ ඔස්සේ ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අපි සූදානම්. රැඳී සිටින්න ThePapare.com අපි සමඟින්ම. 

>> 32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙලේ සියලුම තොරතුරු <<