අභිශේක්, රශ්මික සහ අමිත් ශතක වාර්තා කරයි

Tier B - 3 Day Tournament 2025/26

98

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Tier B තුන් දින ක්‍රිකට් තරගාවලියේ 5 වැනි සතියේ 2 වැනි දිනය (3) අවසානයේ දී අභිශේක් ලියනාරච්චි, රශ්මික මෙවන් සහ අමිත් එරන්ද ශතක වාර්තා කිරීමට සමත් වුණා.  

මේ අතුරින් ශතක ද්විත්වයක් ම වාර්තා වෙන්නේ Kandy Customs කණ්ඩායමට එරෙහි වීම විශේෂත්වයක්. එහි දී Moratuwa කණ්ඩායමේ අභිශේක් ලියනාරච්චි සහ රශ්මික මෙවන් ශතක වාර්තා කරනවා 

ආරම්භක පිතිකරු අභිශේක් ලියනාරච්චි පන්දු 205කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 136ක් ද සහ රශ්මික මෙවන් පන්දු 127කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් නොදැවී ලකුණු 100ක් ද ලබා ගත්තා. 

දිනයේ වාර්තා වූ අනෙක් ශතකයේ හිමිකාරීත්වය Galle කණ්ඩායමේ නායක අමිත් එරන්ද සතු වෙනවා. ඔහු Colombo Malay කණ්ඩායමට එරෙහි ව පන්දු 144කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 128ක් ලබා ගත්තා.  

ඔවුන්ට අමතර ව SSC කණ්ඩායමේ නුවනිඳු ප්‍රනාන්දු (62), Sebastianites කණ්ඩායමේ රුසිරු විලෝචන (63) සහ මනෙල්ක ද සිල්වා (55) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

මේ අතර දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට Sebastianites කණ්ඩායමේ මිරංග වික්‍රමගේ සමත් වෙනවා. ඔහු SSC කණ්ඩායමට එරෙහි ව ලකුණු 71කට කඩුලු 6ක් දවා ගත්තා.

 ඊට අමතර ව SL Navy කණ්ඩායමේ ඉශාන් අබේසේකර (5/64) Colombo Malay CC කණ්ඩායමේ සුදාර දක්ෂිණ (5/120) සහ SL Army කණ්ඩායමේ ශෙහද සොයිසා (5/16) පන්දු යවන්නන් අතුරින් දක්ෂතා දක්වනවා.  

පැවැති තරග අතුරින් SL Army ක්‍රීඩකයෝ Ragama කණ්ඩායමට එරෙහි ව ඉනිමක සහ ලකුණු 199ක ජයග්‍රහණයක් ලබා ගන්නා ලද අතර එහි දී සීක්කුගේ ප්‍රසන්න සහ ශෙහද සොයිසා තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක් විම කැපී පෙණුණා.  

සීක්කුගේ ප්‍රසන්න පිතිකරුවෙක් ලෙසින් අර්ධ ශතක ඉනිමක් ක්‍රීඩා කරන ලද අතර තරගයේ දී ලකුණු ලකුණු 64කට කඩුලු 9ක් දවා ගන්නවා. ශෙහද සොයිසා අර්ධ ශතක ඉනිමක් ක්‍රීඩා කරමින් ප්‍රතිවාදී 2 වැනි ඉනිමේ දී ලකුණු 16කට කඩුලු 5ක් දවා ගන්නවා.  

SL Army SC සහ Ragama CC අතර තරගය පනාගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී. 

කාසියේ වාසිය – Ragama CC 

  • SL Army SC –පළමු ඉනිමසියලුම දෙනා දැවී 387 (85.3) ශෙහද සොයිසා 82සීක්කුගේ ප්‍රසන්න 84රත්නරාජා තෙනුරතන් නොදැවී 82කසුන් කරුණාතිලක 3/84උපුල් ඉන්ද්‍රසිරි 2/110හරීන් රත්නමුදලි 3/69 
  • RagamaCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 117 (49.3) හසිත් පෙරේරා 29, කසුන් කරුණාතිලක 28, තීක්ෂණ වික්‍රමසිංහ 4/22, සීක්කුගේ ප්‍රසන්න 5/50 
  • RagamaCC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 71 (29.0) සහීල් ඩයස් 16, සීක්කුගේ ප්‍රසන්න 4/14, ශෙහද සොයිසා 5/16 

SL Army කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 199ක ජයක්.  

SSC සහ Sebastianites C & AC අතර තරගය කොළඹ, Bloomfield ක්‍රීඩාංගණයේ දී. 

කාසියේ වාසිය – Sebastianites C & AC 

  • SebastianitesC & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 99 (45.1) නවිඳු නිර්මාල් 37, කසුන් රාජිත 2/21, ප්‍රමෝද් මදුශාන් 4/30, ප්‍රභාත් ජයසූරිය 2/27 
  • SSC- පළමු ඉනිම සියලුම දෙනා දැවී 240 (64.4) අවිශ්ක ප්‍රනාන්දු 57, කෙනුල් ද සොයිසා 70, නුවනිඳු ප්‍රනාන්දු 62, ප්‍රභාත් ජයසූරිය 26, බිශාන් හෙට්ටිආරච්චි 2/31, මිරංග වික්‍රමගේ 6/71 
  • SebastianitesC & AC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 226 (60.0) මාලිංග මලිගස්පෙ 39, රුසිරු විලෝචන 63, සඳුන් ප්‍රනාන්දු 28, උමයංග සුවාරිස් 20, මනෙල්ක ද සිල්වා 55, ප්‍රභාත් ජයසූරිය 4/71, නිපුන් ධනංජය 4/44 
  • SSC– දෙවැනි ඉනිම කිසිවෙක්නොදැවී 6 (2.0) 

SSC කණ්ඩායමේ ජයග්‍රහණයට තවත් ලකුණු 80ක් අවශ්‍යයි. 

Leo CC සහ SL Navy SC අතර තරගය වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී. 

කාසියේ වාසිය –  SL Navy SC 

  • SL Navy SC- පළමු ඉනිම සියලුම දෙනා දැවී 260 (66.0) ආසිරි ද සිල්වා 65, තෙවිඳු දික්වැල්ල 50, රවීන් තරිඳු 37, පූර්ණ චාරුක 25, ගිහාන් ද සොයිසා නොදැවී 22, මංගල ප්‍රදීප් 8/83, මල්ශාන් ගුණසිංහ 2/91 
  • Leo CC- පළමු ඉනිම සියලුම දෙනා දැවී‍ 179 (53.4) අකීල් ඉන්හාම් 46, රොමේෂ් සුරංග 42, සෙනාශ් ප්‍රනාන්දු 21, ගිහාන් ද සොයිසා 2/37, ඩිලංක අවර්ඩ්ට් 2/23, ඉශාන් අබේසේකර 5/64 
  • SL Navy SC– දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 136 (60.0)වුණ මයන්ත 21, තෙවිඳු දික්වැල්ල 22, පූර්ණ චාරුක නොදැවී 37, රවීන් තරිඳු නොදැවී 41, මල්ශාන් ගුණසිංහ 3/43, සෙනාශ් ප්‍රනාන්දු 2/19 

SL Navy කණ්ඩායම ලකුණු 217ක් ඉදිරියෙන්.  

Colombo Malay CC සහ Galle CC අතර තරගය කොළඹ, Moors ක්‍රීඩාංගණයේ දී 

කාසියේ වාසිය – Colombo Malay CC 

  • Colombo Malay CC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 279 (84.0) වෝෂිත අමරසිංහ 22, බුද්ධික හසරංග 89, තිමිර මල්ශාන් නොදැවී 91, රජීව වීරසිංහ 2/68, හංසමාන ද සිල්වා 2/48, සුභානු රාජපක්ෂ 4/71 
  • Galle CC– පළමු ඉනිම කඩුලු 8ක් දැවී 361 (80.0) රමේෂ් නිමන්ත 42, අමිත් එරන්ද 128, සුපුන් කාවින්ද 25, ලිසුල ලක්ෂාන් 49, චතුර පීරිස් 52, හංසමාන ද සිල්වා නොදැවී 27, සුදා දක්ෂිණ 5/120 

Galle කණ්ඩායම ලකුණු 82ක් ඉදිරියෙන්.  

Kandy Customs SC සහ Moratuwa SC අතර තරගය දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී. 

  • Kandy Customs SC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 210 (78.3) අශාන් රන්දික 21, ප්‍රමේශ් මදුභාෂණ 30, ලහිරු අත්තනායක 51, ලක්ශාන් ගමගේ 52, ගයාන් සිරිසෝම 5/81, චානක රුවන්සිරි 2/62 
  • MoratuwaSC – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 319 (81.3) අභිශේක් ලියනාරච්චි 136, පුබුදු බණ්ඩාර 48, රශ්මික මෙවන් නොදැවී 100, තිරුඥානම් මොනිශාන් 3/65, අවිඳු තීක්ෂණ 4/57 
  • Kandy Customs SC– දෙවැනි ඉනිම කිසිවෙක්නොදැවී 24 (5.0)  

Kandy Customs කණ්ඩායම තවත් ලකුණු 85ක් පිටුපසින්.  

මෙම තරග සියල්ල අද (4) 3 වැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක වේ 

United Southern CC සහ Negombo CC අතර තරගය කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී.  

කාසියේ වාසිය – United Southern CC 

  • United Southern CC– පළමු ඉනිමසියලුම දෙනා දැවී 156 (61.3) කවිඳු එදිරිවීර 44, පෙසඳු සංජන 34, ශෙශාන් ප්‍රනාන්දු 2/37, අමිත් සංදීප පෙරේරා 4/21, දනුශ්ක සඳරුවන් 3/43 
  • NegomboCC – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 65 (28.0) කවීන් ප්‍රනාන්දු නොදැවී 32 

Negombo කණ්ඩායම තවත් ලකුණු 91ක් පිටුපසින්.  

මෙම තරගය අද (4) දෙවැනි දිනයට ක්‍රියාත්මක වේ.  

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<