IPF ලෝක ක්ලැසික් සවි එසවුම් ලෝක ශූරතාවයට යන ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය දා නම් කර තිබුණි. ජාත්‍යන්තර සවි එසවුම් සම්මේලනය සංවිධානය කරන තරගාවලිය එළඹෙන ජුනි 9 වැනිදා සිට 15 වැනිදා දක්වා ස්වීඩනයේ දී පැවැත්වීමට නියමිතයි. තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පස් දෙනෙකු ස්වීඩනය බලා යනු ඇත.
පාකිස්තාන – එංගලන්ත තරගයෙන් පසු ක්‍රීඩකයින් තිදෙනෙකුට දඩ ගහයි
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බර එසවීමේ කණ්ඩායම් තුනක් පොදුරාජ්‍ය….
සවි එසවුම් පිටියේ විශාලතම තරගාවලිය වන මෙම IPF සවි එසවුම් ලෝක ශූරතාවලිය සඳහා ලොව පුරා රටවල් රැසක් ක්‍රීඩකයින් සහභාගී වනු ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම 2016 වසරේ සිට 2018 වසර දක්වා ද එම තරගාවලියට සහභාගී වූ අතර මේ ඔවුන් මෙම තරගාවලියට එක්වන සිව්වැනි අවස්ථාවයි.
ආසියා පැසිෆික් සවි එසවුම් තරගාවලියේ සමස්ත ශූරයින් බවට පත් වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියට සුදුසුකම් ලැබීම විශේෂත්වයක්. එහි දී ඔවුන් equipped කාණ්ඩයේ සමස්ත ශූරතාව දිනා ගැනීමට සමත් විය. කෙසේ වෙතත් ලෝක ශූරතාව පැවැත්වෙන්නේ ක්ලැසික් කාණ්ඩයෙන් පමණක් වන අතර සවි ඔසවන්නන්ට දණහිස් ආවරණ ඇතුළු කිසිදු අමතර සහයක් ලබා ගැනීමට නොහැකි වනු ඇත.

අදටත් එම වාර්තාව නොබිඳී පවතින අතර එම තරගාවලියේ හත්වැනි ස්ථානය දිනා ගන්නටත් ඔහු සමත් විය. ThePapare.com වෙත අදහස් දක්වමින් රන්සිළු මෙසේ පවසා සිටියා.
“මම මගේ deadlift ඉසව්වේ ආසියානු වාර්තාව අලුත් කිරීමේ බලාපොරොත්තුවෙන් ඉන්නේ. මම බොහොම අවධානයෙන් අධිෂ්ඨානයෙන් පුහුණුවීම් වල යෙදුණා. මට ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගාවලියට සහභාගී කරවන්නට අවශ්‍ය ලිපි ලේඛන සකස් කරන්නටත් බොහොම මහන්සි වෙන්න සිදු වුනා. මට මේ තරගාවලියේ දී ලොව හොඳම තරගකරුවන් 10 දෙනා අතරට ඇතුළු වෙන්න අවශ්‍යයි, මෙවර ලොකු තරගයක් තිබෙයි නමුත් මම සිංහ ධජය වෙනුවෙන් උපරිමය කරන්න බලාපොරොත්තු වෙනවා.”

එහි දී රිදී පදක්කමක් ද දිනා ගත් ඇය ලෝක ශූරතාවයට වරම් දිනා ගත්තේ මුළු බර කිලෝග්රෑම් 337.5ක් ඔසවමින් ක්ලැසික් අංශයේ ලෝකඩ පදක්කම ද දිනා ගනිමිනි.

ආසියා පැසිෆික් මාස්ටර්ස් තරගාවලියේ දී හිරාන් පිරිමි 93Kg කාණ්ඩයේ රන් පදක්කම දිනා ගැනීමටත් සමත් විය. ඔහු මෙවර විවෘත කාණ්ඩයේ ක්‍රීඩා කරන නිසා ඔහුට ඉතා තරගකාරී තරගාවලියකට මුහුණ දීමට වනු ඇත.

ආසියා පැසිෆික් තරගාවලියේ දී ඔහු පිරිමි කනිෂ්ඨ 105 Kg අංශයේ රිදී පදක්කම දිනා ගත්තේ මුළු බර කිලෝග්රෑම් 540ක් ඔසවමිනි.
පොදුරාජ්‍ය මණ්ඩලීය සවි එසවුම් තරගාවලියට ද සහභාගී වී ඇති විකුම්ගේ මෙවර ප්‍රධානතම බලාපොරොත්තුව ඔහුගේ අත්දැකීම් ද උපයෝගී කරගෙන ලොව හොඳම ක්‍රීඩකයින් 10 අතරට පිවිසීමයි.

කකොල්‍ය පසුගිය මාස දෙකේ තුනේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රබල දස්කම් දැක්වූයේ අනාගතය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රධානතම බලාපොරොත්තුවක් වෙමිනි.
ඒ ආසියා පැසිෆික් තරගාවලියේ දී මුළු බර කිලෝග්රෑම් 507 .5ක් ඔසවමින්.
>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<





















