එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිත හත්වැනි විස්සයි විස්ස ලෝක කුසලානයට මේ වන විට සියලු කටයුතු සූදානම්. ඒ සඳහා තරග වදින කණ්ඩායම් අතරින් දකුණු අප්‍රිකාව කාගේත් අවධානය දිනා ගත් කණ්ඩායමක්.
වත්මන් ICC විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි පස් වැනි ස්ථානයේ පසුවන දකුණු අප්‍රිකාව මෙවර තරගාවලියට අවතීර්ණ වන්නේ දක්ෂතා සංකලනයකින් පරිපූර්ණ ක්‍රීඩකයන් රැසක එකතුවකින්.
මෙවර දකුණු අප්‍රිකාව පිටියට පිවිසෙන්නේ Temba Bavumaගේ නායකත්වය යටතේ යි.

එහි දී අවම මට්ටමින් අවසන් මහා තරගයකටවත් සුදුසුකම් ලබා ගැනීමට අපොහොසත් වූ ඔවුන් හිමිකරගත් ඉහළම තත්වයන් බවට පත්වූයේ 2009 හා 2014 ලෝක කුසලානවල අවසන් පූර්ව තරගවලට සුදුසුකම් ලැබීමයි.
කෙතරම් සුපිරි ක්‍රීඩකයන්ගෙන් සමන්විත වූ කණ්ඩායම් වලින් ඔවුන් ලෝක කුසලාන ඉතිහාසයේ තරග වැදුණ ද එම සියලුම තරගාවලිවල පැවති පිළිමළුන් පිටුදැකීමේ තරගවලින් දකුණු අප්‍රිකාව ඉවතට විසි වූයේ දක්ෂතාවයට වඩා අවාසනාව ඔවුන්ට හරස් වෙමින්.
මෙවර තරගාවලියේ දී ඔවුන් Group 1 ඔස්සේ තරග වැදීමට නියමිතව ඇති අතර එම කාණ්ඩයට අයත් අනෙකුත් කණ්ඩායම් වන්නේ එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, ඕස්ට්‍රේලියාව හා සුදුසුකම් ලැබීමේ වට දෙකෙන් තේරීපත්වන කණ්ඩායම් දෙකකි.
මෙම කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙසින් කටයුතු කිරීමට නියමිතව ඇත්තේ Quinton De Kock හා Aiden Markaram පිතිකරණ යුගලයයි.

ඔහුගේ සහයක ආරම්භක පිතිකරුවා වන Markaram යනු පසුගිය සමය පුරාවටම තම හොඳම රිද්මයේ පසුවන ක්‍රීඩකයෙකි. විශාල පහරවල් කරා යා හැකි විශේෂඥ පිතිකරුවකු වන ඔහු මෑතකාලීනව තම පන්දු යැවීමෙන් ද වර්ධනයක් පෙන්නුම් කළ ක්‍රීඩකයෙකි.
- 2007න් පසු යළිත් විස්සයි විස්ස කිරුළකට මං සොයන ඉන්දියානුවෝ
- T20 කිරුළේ අනපේක්ෂිත ම කණ්ඩායම – පාකිස්තානය
- තෙවැනි වරටත් ශූරතාවයක පහස පතන කොදෙව්වෝ
- T20 අභියෝගයට සැරසෙන හිරු නොබසින අධිරාජ්‍යය
- විස්සයි විස්ස කිරුළේ සිංහයෝ
අංක 3 පිතිකරණ ස්ථානය හිමිව ඇත්තේ නායක Temba Bavuma හට යි. දකුණු අප්‍රිකානු දේශීය විස්සයි විස්ස පිටියේ අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු වුව ද ඔහු තවමත් ජාත්‍යන්තර තලයේ අත්දැකීම් අඩු අයෙකි. කෙසේනමුත් කණ්ඩායමේ නායකයා වශයෙන් ඔහුට මෙම පිතිකරණ අංශයේ වැඩි වගකීමක් පැටවෙනු ඇත.
ඉන් පසුව පිටියට පිවිසෙන්නේ Rassie van der Dussenය. පසුගිය වසර කිහිපය තුළ දකුණු අප්‍රිකානු පිතිකරණ අංශයට ඉහළම දායකත්වක් ලබා දුන් Dussen ඔවුන්ගේ මැදපෙළ ශක්තිමත් කරන ප්‍රබලතම තුරුම්පුවයි.

පිතිකරණ බලඇණියේ අංක 5 ස්ථානය හිමිව ඇත්තේ ප්‍රහාරාත්මක පිතිකරු Heinrick Klassenටයි. තමාටම ආවේණික පිතිකරණ ශෛලියකින් පන්දුවට පහර දෙන Klassenගේ කාර්‍යභාරය වන්නේ ඉනිමේ අගභාගයේ දී ලකුණු වේගය වැඩි කිරීමයි. එමෙන්ම ඔහුත් De Kockට අමතරව කණ්ඩායමේ සිටින තවත් කඩුලු රකින්නෙකි.
අනතුරුව පසුපෙළ ශක්තිමත් කිරීම වෙනුවෙන් David Miller කටයුතු කරන්නේ අංක 6 පිතිකරුවා වශයෙනි. වසර 11ක ජාත්‍යන්තර තරග අත්දැකීම් සමඟින් මෙම දකුණු අප්‍රිකානු සංචිතයේ සිටින අත්දැකීම් බහුලතම ක්‍රීඩකයා ද වන Miller තරග නිමාකරන්නෙකු වශයෙන් නමක් දිනා සිටින ප්‍රවේගකාරී පිතිකරුවෙකි.

මීට අමතරව සංචිතය තුළ සිටින අනෙක් එකම විශේෂඥ පිතිකරුවා වන්නේ Reeza Hendricksය. ඔහු ආරම්භක පිතිකරුවෙකි.
දකුණු අප්‍රිකානු සංචිතයේ සිටින විශේෂඥ පිතිකරුවන් අතරින් De Kock හා Miller හැරුණුකොට අනෙක් සියල්ලන්ම දකුණත් පිතිකරුවන් වීම මෙහි එක් සුවිශේෂීත්වයක්.
කණ්ඩායමේ දඟපන්දු යැවීමේ අංශය පෙළගැස්වී ඇත්තේ ICC විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි අංක එකේ පන්දු යවන්නා වන Tabraiz Shamsiගේ ප්‍රමුඛත්වයෙනි. වමත් චයිනාමන් පන්දු යවන්නෙකු වන ඔහු මෙවර දකුණු අප්‍රිකාව සතු ප්‍රබලතම තුරුම්පුවකි. මෙම විස්සයි විස්ස ලෝක කුසලානයේ දී ඔවුන්ගේ විශාලතම බලාපොරොත්තුව බවට Shamsi පත්වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තණතිලි බොහෝ දුරට දඟපන්දු යවන්නන්ට හිතකර වීම හේතුවෙන්.

මොවුන් දෙදෙනාට අමතරව පිතිකරණය මූලික කර ගත් දඟපන්දු යවන්නෙකු ලෙසින් ලෙසින් Aiden Markaram කටයුතු කිරීම ඔවුන්ට අමතර ශක්තියකි. මෙම කණ්ඩායමේ සිටින 6 වැනි පන්දු යැවීමේ විකල්පය ඔහුයි.
අවසන් 11 දෙනාගෙන් බැහැරව සංචිතයේ සිටින අනෙක් දඟපන්දු යවන්නා වන්නේ Bjorn Fortuinය. වමත් පා දඟපන්දු යවන්නෙකු යවන්නෙකු වන ඔහුට යම් මට්ටමකින් පිතිකරණ අංශයට දායකත්වයක් ලබා දීමේ හැකියාව ද ඇත.
දකුණු අප්‍රිකානු වේගපන්දු බලඇණිය පෙළගැස්වී ඇත්තේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක Kagiso Rabadaගේ ප්‍රමුඛත්වයෙනි. වර්තමානයේ සිටින මුල් පෙළේ වේගපන්දු යවන්නෙකු වශයෙන් සැලකෙන Rabada ඔවුන් සතු ප්‍රබලතම අවියකි.

සංචිතයේ සිටින අනෙක් වේගපන්දු යවන්නා වන්නේ තවත් දකුණත් පන්දු යවන්නෙකු වන Lungi Ngidiය.
15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයට අමතරව සිටින අතිරේක ක්‍රීඩකයන් වන්නේ George Linde, Andile Phehlukwayo හා Lizaad Wiliams තිදෙනායි.

සමස්තයක් වශයෙන් මෙම සංයුතිය දක්ෂතා රැසකින් පරිපූර්ණ එකතුවකි. නමුත් ඉතිහාසයේ පැවති අනෙකුත් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලි සඳහා ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම්වලට සාපේක්ෂව මෙවර කණ්ඩායම තරමක් පසුපසින් සිටින බව අප මෙහි දී පිළිගත යුතු කාරණයක්. ඊට හේතූන් වන්නේ අත්දැකීම් බහුල ක්‍රීඩකයින් අඩුවීම සහ වර්තමාන අනෙක් සංයුති සමඟ සංසන්දයේ දී ඒවායේ දක්ෂතා මීට වඩා තරමක් ඉහළ මට්ටමක පැවතීමයි.
කෙසේ නමුත් මේ සමස්ත දක්ෂතා එකතුව යම් තරගකාරී මට්ටමක සිටින බැවින් කිසිසේත් අවතක්සේරුවට ලක් කළ නොහැකි කණ්ඩායමකි. ඔවුන්ගේ පිතිකරණ අංශය සාමාන්‍ය මට්ටමක පැවතිය ද පන්දු යැවීමේ අංශය වර්තමානයේ තිබෙන ප්‍රබලතම පන්දු යැවීමේ බලඇණිවලින් එකක්.
ඒ අනුව දකුණු අප්‍රිකානුවන් සතු මේ සියලු ශක්තීන් සමඟින් ඔවුන් මෙම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තණතිලි වල තත්වයන්ට අනුගත වී ප්‍රතිවාදීන්ට අභියෝගයක් වන්නේ කෙසේ දැයි අප විමසිල්ලෙන් බලා සිටිමු.
- දකුණු අප්‍රිකානු සංචිතය: Temba Bavuma (C) Quinton De Kock, Bjorn Forttuin, Reeza Hendricks, Heinrick Klassen, Keshav Maharaj, Aiden Markaram, David Miller, Wiaan Mulder, Lungi Ngidi, Anrich Nortje, Dwaine Pretorious, Kagiso Rabada, Tabraiz Shamsi, Rassie van der Dussen.
- අතිරේක ක්‍රීඩකයන්: George Linde, Andile Phehlukwayo, Lizaad Wiliams
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<











