“පොල් අතු පැලෙන් ලෝකය ජය ගත්තා” – සුසන්තිකා ජයසිංහ

5290

“ආසියාවේ කළු කෙල්ල” යන විරුදාවලිය ලත් සුසන්තිකා ජයසිංහ, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පසුගිය දා අවසන් වූ මලල ක්‍රීඩා තේරීම් තරගාවලියට සහභාගී වූ අතර එහි දී ThePapare.com සමඟින් මෙසේ වර්තමාන මලල ක්‍රීඩාව ගැන කතා කළාය.

ඇය ඔලිම්පික් පදක්කම් දිනූ එකම ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව ලෙස ඉතිහාසයට එක් වූයේ ලෝක සිතියමේ අබ ඇටයක් තරම් වූ මේ දිවයිනට, ප්‍රමාණය ඉක්මවා ගිය ප්‍රසාදයක් මෙන්ම ගෞරවයක් දිනා දෙමිනි.

එපමණක් නොව කෙටිදුර ධාවන ඉසව්වෙන් ඔලිම්පික් පදක්කමක් දිනූ එකම ආසියාතික ක්‍රීඩිකාව සුසන්තිකා වීම පුරවැසි සකල ජනයාට ද, ගෞරවයක් වේ.