විද්‍යා විදුහල ගොඩගන්න අලුත් කෙනෙක්!

196
New Coach for Science College

ශ්‍රී ලංකා ජාතික කනිෂ්ඨ රග්බි කණ්ඩායමේ පුහුණුකරු ලෙස මෙන්ම කොළඹ රාජකීය විද්‍යාලය, මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය මෙන්ම සාන්ත තෝමස් විද්‍යාලයේ ද ප්‍රධාන රග්බි පුහුණුකරු ධුරය දැරූ බිලාල් යූසුෆ්, එළඹෙන තරග වාරය ආරම්භ වන්නට පෙර ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ ප්‍රධාන රග්බි පුහුණුකරු ධුරය සඳහා තෝරා පත්කරගෙන ඇත.

19න් පහළ සත් සාමාජික රග්බි තරගාවලිය නුවරට!

සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ සත් …

බිලාල් යූසුෆ් මීට පෙර සාන්ත ජෝසප් විද්‍යාලය (2011, 2015 සහ 2016), රාජකීය විද්‍යාලය (2012 සහ 2013), CR&FC (2010), CH&FC (2015) සහ සාන්ත තෝමස් විදුහලේ (2018) ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර ඇත. ඒ අනුව ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ නව පුහුණුකරු ලෙස කණ්ඩායම ඉහළ තලයකට රැගෙන ඒම ඔහුගේ ප්‍රධාන අරමුණ වනු ඇත.

දිසා අධිකරණයෙන් නොලැබුණු තීන්දුව ගන්න ආනන්දයින් ශ්‍රේෂ්ඨාධිකරණයට

2019 මයිලෝ ප්‍රිමියර් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ …

ඔහු රග්බි පුහුණුකරුවෙක් වශයෙන් පළමු වරට කටයුතු කරන්නේ 2003 වසරේ දී ය. ඒ 2002 වසරේ දී ඔහු පාසල් දිවියට සමුදීමෙන් අනතුරුව කොළඹ රාජකීය විද්‍යාලයේ කනිෂ්ඨ රග්බි කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත්වීමත් සමඟ ය. 

එසේ ආරම්භ කළ ගමන සාර්ථකව ඉදිරියට රැගෙන එන්නට ඔහු සමත් වූ අතර ඔහු 2009 වසරේ දී වයස අවුරුදු 20න් පහළ ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ පුහුණුකරු ධුරය සඳහා නිල්ෆර් ඊබ්‍රහිම් සමඟින් තේරී පත්විය.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<