රුහුණු නිල් මහා සටන කරට කර තරගයක් බවට පත්වේ

566

මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ සාන්ත සර්වේශස් විද්‍යාලය අතර 118 වැනි වරටත් පැවැත්වෙන රුහුණු මහා නිල් සටන වාර්ෂික ක්‍රිකට් තරගය කරට කර තරගයක් බවට පත් කරමින් දෙවැනි දිනයට අද (24) මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී නතර වූයේ තෙවැනි දිනය වඩාත් උණුසුම් වෙන බවට ඉඟි පාමිනි.

ශෂික දුල්ශාන් සාන්ත තෝමස් ඉනිම වනසා දමයි

මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී අද (23) ආරම්භ වූ සාන්ත තෝමස් සහ සාන්ත සර්වේශස් විද්‍යාලාන්තර …

පළමු ඉනිම වෙනුවෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් සාන්ත තෝමස් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත් ලකුණු 158ට පිළිතුරු ලෙසින් පළමු දිනයේ බේල්ස් ඉවත් කරන විට සාන්ත සර්වේශස් ලකුණු පුවරුව කියැවුණේ කඩුලු දෙකක් දැවී ලකුණු 63ක් ලෙසිනි. නමුත් ඔවුන්ගේ ඉනිම ලකුණු 164 දී නිමා කිරීමට සාන්ත තෝමසුවෝ සමත් වූහ.

අද තවත් ලකුණු 12ක් ලකුණු පුවරුවට එක් වෙද්දී ඉනිමේ තෙවැනි කඩුල්ල ලබා ගැනීමට දකුණතින් පිට දඟපන්දු යවන ලහිරු ඩිල්ශාන් සමත් විය. එතැනින් නතර නොවූ ඔහු ඊළඟ පන්දුවේ දී ද කඩුල්ලක් දවා ගනිමින් ලකුණු පුවරුව 75කට 4ක් ලෙසින් අඩපණ කළේය. ඉනිම නිමා වන විට ලහිරු ඩිල්ශාන්ගේ පන්දු යැවීම සටහන් වූයේ ලකුණු 13කට කඩුලු 2ක් ලෙසිනි.

පළමු දිනයේ දී නොදැවී කඩුල්ල ආරක්ෂා කර ගනිමින් පිතිකරණයේ දී යෙදුණ පුෂ්පිත ඩිල්ශාන් පන්දු 93කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 35ක් ලබා ගත්තේය. ඉන් අනතුරුව අංක 6 පිතිකරු ස්ථානයෙන් පිටියට පිවිසි කේශර නුවන්ත පන්දු 134ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 52ක් ලබා ගනිමින් සාන්ත සර්වේශස් ඉනිම ඔසවා තැබුවේය.

එසේ වූවද නැවත 7 වැනි සහ 8 වැනි කඩුලු ද්විත්වය එක් පන්දුවාරයක් තුළ දවා ගනිමින් සාන්ත සර්වේශස් ඉනිම පාලනය කිරීමට වමතින් දඟපන්දු යැවූ සචිර රශ්මික සමත් විය. ඔහු සාන්ත සර්වේශස් ඉනිම නිමා වන විට ලකුණු 48කට කඩුලු 5ක් දවා ගත්තේ ය.

කොළඹත් ගම්පහත් ගැටුණ නීල හරිත සටන විසඳුමක් නෑ

කොළඹ ලුම්බිණි විද්‍යාලය සහ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය අතර අද (24) බොරැල්ල පී. සරා ඕවල් පිටියේ …

ඊට අමතරව ගිශාන්ත ජයවීර ලකුණු 15කට කඩුලු 2ක් දවා ගනිද්දී අනෙක් කඩුල්ල සිනෙත් සිතාර විසින් දවා ගත්තේය.

ලකුණු 6ක් පිටුපස සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම දෙවැනි ඉනිමට දෙවැනි දිනය නිමා වන විට කඩුල්ලක් දැවී ලකුණු 67ක් ලබා සිටිය හ. එම ඉනිමේ දී ලහිරු ඩිල්ශාන් නොදැවී ලකුණු 47ක් ලබා සිටියේය.

තරගය තෙවැනි දිනයටත් ක්‍රියාත්මකයි.

සාන්ත තෝමස් විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 158 (68.5) ලහිරු ඩිල්ශාන් 60, මිහිසල් අමෝද් 22, තරූෂ කාවින්ද්‍ය 22, ශෂික දුල්ශාන් 7/56, සුපුන් කාවින්ද 2/26

සාන්ත සර්වේශස් විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා  දැවී 164 (77.1) සුපුන් කාවින්ද 22, පුෂ්පිත ඩිල්ශාන් 35, කේශර නුවන්ත 52,  ලහිරු ඩිල්ශාන් 2/13, සචිර රශ්මික 5/48, ගිශාන්ත ජයවීර 2/15

සාන්ත තෝමස් විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 67 (35.0) ලහිරු ඩිල්ශාන් නොදැවී 47

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <