18 වන ආසියානු ක්‍රීඩා උළෙල වෙනුවෙන් සහභාගී වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම පසුගිය දා දිවයිනට පැමිණියේය. තරගාවලිය වෙනුවෙන් සහභාගී වූ කණ්ඩායම වෙනුවෙන් පිළිගැනීමේ උත්සවයක් අද (07) ටොරින්ටන් පරිශ්‍රයේ දී පැවැත්විය. මේ සඳහා මලල ක්‍රීඩා සංගමයේ ගරු සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා ඇතුළු මේ වන විට සංචිතයේ සිටින ප්‍රවීණ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් එක්වී සිටියහ.
මෙම උත්සවය යගුලිය දැමීමේ ජාතික ශූර (වාර්තාවට හිමිකම් දරන) ජෝයි ධනුෂ්ක හා උස පැනීමේ ජාතික ශූර(වාර්තාවට හිමිකම් දරන) මංජුල කුමාරගේ ප්‍රධානත්වයෙන් හා දැනට සිටින ශ්‍රී ලංකා ජාතික මලල ක්‍රීඩා සංචිතයෙහි සහයෙන් සංවිධානය කර තිබුණි. මෙහි දී ආසියානු ක්‍රීඩා උළෙලේ දී දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් සමරු ඵලක හා මුදල් ත්‍යාග ද පිරිනැමිණි.

රටටම ආදර්ශයක් දුන් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ
18 වන ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කළ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම පිළිගැනීමේ උත්සවයක් අද (07) කොළඹ ටොරින්ග්ටන් ක්‍රීඩා පිටිය පරිශ්‍රයේ දී පැවැත්විය….
පදක්කම් ලබා නොගත්ත ද ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා කාගේත් පැසසුමට ලක්විය. මීටර් 400 සහය දිවීම පිරිමි ජාතික වාර්තාව 0.03කින් මග හැරීම එයට කදිම නිදසුනකි. අඩු පහසුකම් සහිතව වුවත් ඔලිම්පික් හා ඩයමන්ඩ් ලීග් වැනි මලල ක්‍රීඩා තරගවල ක්‍රීඩා කළ ප්‍රබල ක්‍රීඩකයින් සමඟ කරට කර සටන් කිරීම ම ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලද ජයග්‍රහණයක් බව ඉඳුරාම කිව යුතුය.
මෙවැනි වූ උත්සව තුළින් රටේ ක්‍රීඩාව හා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මානසික මට්ටම් දිරි ගැන්විය හැකි අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර සුහදත්වය ද වර්ධනය වනු නොඅනුමානයි.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<





















