ඉරානයේ ටෙහෙරාන් නුවර දී පැවැත්වෙන 8 වන ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියේ තෙවන ශ්‍රී ලංකා පදක්කම වශයෙන් අද ගයන්තිකා අබේරත්න රන් පදක්කමක් දිනා ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකාවේ පදක්කම් බලාපොරොත්තු කිහිපයක් අද තරග බිමට
8 වන වරටත් පැවැත්වෙන ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලිය මේ මස 1 වැනිදා සිට 3 වැනිදා දක්වා………
ආරම්භයේ සිටම පොකුරෙන් මිදී ධාවනය දියත් කළ ගයන්තිකා තත්පර 2කට ආසන්න පරතරයක් තබා ගනිමින් ලබා ගත් මෙම ජයග්‍රහණය සැබවින්ම රටට ආඩම්බරයකි. මිනිත්තු 4යි තත්පර 26.83කින් තරගය නිමා කරමින් 1500m අවසන් තරගයේ දී රන් පදක්කම දිනා ගත් ගයන්තිකාට පසුපසින් පැමිණි කසකස්තානයේ ටටියානා නෙරොස්නැක් හට තරගය නිමා කිරීමට මිනිත්තු 4යි තත්පර 28.20ක් ගත විය. මිනිත්තු 4යි තත්පර 28.87කින් තරගය නිමා කළ වියට්නාමයේ තායි ඕවෑන්ගුයෑන් තෙවන ස්ථානය හිමි කර ගත්තාය.

මෙම දක්ෂතා නිසාවෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ සහ ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම් බලාපොරොත්තු තවත් ඉහළ නැංවුණා කීවොත් නිවැරදිය. එමෙන්ම මෙම රන් පදක්කම ගයන්තිකාගේ ආත්ම ශක්තියට විශාල ජවයක් එක් කරනවා නිසැකය. මෙම පදක්කමත් සමඟින් 8 වන ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකා පදක්කම් සංඛ්‍යාව 3ක් දක්වා ඉහළ නැංවිය.
තරගාවලියේ දෙවැනි පදක්කම දිනා ගත්තේ ධාවන ශූරී උපමාලිකා රත්නකුමාරි විසිනි. ඊයේ (02) පැවති කාන්තා 400m අවසන් තරගය තෙවැන්නා ලෙස නිමා කිරීමට ඇය සමත් වූ අතර පැවති මූලික තරගයේ දී තත්පර 55.36ක කාලයක් වාර්තා කර දෙවන ස්ථානය ලබා ගනිමින් අවසන් වටයට සුදුසුකම් ලැබූ අතර මෙහි දී වාර්තා කළ කාලය තත්පර 54.90ක්. තත්පර 53.28කින් තරගය නිමා කළ ස්වෙට්ලානා ගොලෙන්ඩෝවා රන් පදක්කමත්, තත්පර 53.49කින් තරගය නිමා කළ එළීනා මිකීනා රිදී පදක්කමත් කසකස්තානයට හිමි කර දීමට සමත් විය.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<




















