පාකිස්තානු ක්‍රීඩිකාවන් ශ‍්‍රී ලංකාවට පූර්ණ සුද්දයක් දමයි

147

සංචාරක පාකිස්තානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කාන්තා පිල අතර පැවති තෙවැනි සහ අවසාන එක්දින තරගයෙන් ද ලකුණු 108ක දැවැන්ත ජයග්‍රහණයක් ලද සංචාරක ක්‍රීඩිකාවෝ සත්කාරක පිල ඔවුන්ගේ මව්බිමේ දී ම පූර්ණ තරගාවලි පරාජයකට ඇද දැමූහ.

[rev_slider LOLC]

පළමු තරග 2ම පාකිස්තානය හමුවේ පරාජයට පත්වූ ශ‍්‍රී ලංකා කණ්ඩායමට තරගාවලිය ගෞරවාන්විත  නිමා කිරීමට නම් ජයග්‍රහණය තීරණාත්මක වූ මෙම තරගයේ දී ජයග්‍රහණය සඳහා ලකුණු 216ක ඉලක්කයක් හඹා ගියත්, පාකිස්තානු පන්දු යවන්නියන්ගේ අභියෝගාත්මක පන්දු යැවීම හමුවේ පන්දුවාර 41.3ක දී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 107ක් පමණි.

එකා පිට එකා දැවී ගිය ශ‍්‍රී ලංකා ඉනිමේ 10 වැනි පිතිකාරිණිය ලෙස පිටියට පිවිසි සුගන්දිකා කුමාරි රැස් කරන ලද ලකුණු 18 නොවන්නට ශ‍්‍රී ලංකා ඉනිම ලකුණු 90කට අඩුවෙන් නිමා වීමට බොහෝ දුරට ඉඩ තිබුණි. තරගය අහවර වන තෙක්ම තම අන්තය ආරක්ෂා කරගෙන සිටි සුගන්දිකා කුමාරි පන්දු 45කට මුහුණ දෙමින් ලකුණු 18ක් ලබා ගත්තාය.

ශ‍්‍රී ලංකා ඉනිම ඇරඹි නිපුනි හංසිකා සහ චමරි පොල්ගම්පොල අතර පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 79ක දී ලකුණු 49ක සාර්ථක සම්බන්ධතාවක් ගොඩනැංවුණු නමුත්, චමරි පොල්ගම්පොලගේ දැවී යෑමත් සමඟ ඉනිමේ කඩා වැටීම ඇරඹිණ. මෙහි දී චමරි ලබා සිටියේ ලකුණු 10ක් පමණක් වුවත්, ඕනෑම අවස්ථාවක කණ්ඩායමේ බර කරට ගත හැකි ක්‍රීඩිකාවක් බවට පත්ව සිටින ඇය දැවී යෑම ශ‍්‍රී ලංකාවට දැඩි පාඩුවක් ගෙන දෙන්නක් විය.

පොල්ගම්පොලගේ දැවී යන විටත් මුළු ලකුණු සංඛ්‍යාව 49ක් ලෙස සටහන්ව තිබුණු අතර සිය ග්‍රහණය තවත් තද කළ සනා මීර් 15 වැනි පන්දුවාරයේ දී නිපුණි හංසිකා සහ රෙබෙකා වැන්ඩොට් දෙදෙනා ද, නෂ්රා සන්ධු නායිකා චමරි අතපත්තුගේ කඩුල්ල ද දවා ගනිමින් ලකුණු 49කට එක් කඩුල්ලක් ලෙස සටහන්ව තිබූ ලකුණු පුවරුව ලකුණු 49ට කඩුලු 4ක් බවට පරිවර්තනය කළහ. ලකුණු 35ක් ලද නිපුණි හංසිකා ශ‍්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය වූවාය.

එයිනුත් නොනැවතුණු සනා මීටර් නැවතත් 19 සහ 21 වැනි පන්දුවාරවල දී බලාපොරොත්තු තැබිය හැකි පිතිකාරිණියන් වූ ශෂිකලා සිරිවර්ධන සහ හෂිනි පෙරේරාව අඩු ලකුණුවලට දවා ගනිමින් ඉනිමේ වැඩිම කඩුලු ලාභිණිය බවට පත්වූවාය. මිර්ගේ පන්දු යැවීම සටහන් වූයේ පන්දුවාර 1-0කී නිලකුණු පන්දුවාර 3ක් ද සමඟ ලකුණු 27කට කඩුලු 4 ක් වශයෙනි.

රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ දී කාසියේ වාසියත් සමඟ ප‍්‍රථමයෙන් පිති ප‍්‍රහාරයත් දියත් කළ පාකිස්තානු ක්‍රීඩිකාවෝ සත්කාරක ක්‍රීඩිකාවන්ව දැඩි වෙහෙසට පත් කරමින් නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 9ක් පමණක් දැවී ලකුණු 215 ක් රැස් කර ගැනීමට සමත් විය.

පාකිස්තානු ඉනිමේ පළමු කඩුල්ල ලෙස මුනීබා අලී ලකුණු 19කට දැවී ගිය ද දෙවැනි කඩුල්ල වෙනුවෙන් සාර්ථක කඩුලු සම්බන්ධතාවක් පැවැත්වූ නහිඩා ඛාන් සහ ජෙවරියා ඛාන් දෙදෙනා ලකුණු 63ක් එක් කරමින් විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට අවශ්‍ය මූලික අඩිතාලම එක් කළහ.

එහි දී වැඩිම කාර්ය භාරයක් සිදු කළ නයිඩා ඛාන් හතරේ පහර 5 ක් සමඟ පන්දු 76ක දී ලකුණු 46ක් ද, පළමු තරගයේ දී ශතක ලාභිණිය වූ ජවරියා ඛාන් පන්දු 45ක දී ලකුණු 30ක් ද රැස් කළහ. ශෂිකලා සිරිවර්ධනගේ පන්දුවක් හමුවේ ජවරියා දැවී යෑමත් සමඟ එතෙක් වෙලා පැවති ඛාන් සම්බන්ධතාවට තිත වැටිණ.

ජවේරියා කාන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අමාරුවේ දමයි

අයි. සී. සී. එක්දින කාන්තා ක්‍රිකට් ශූරතා තරගාවලිය ආරම්භ කරමින් අද (20) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී …….

එහෙත් අනතුරුව පිටියට පැමිණි නායක බිස්මා මහරූෆ්ට එක්වූ නයිදා ඛාන් තෙවැනි කඩුල්ල වෙනුවෙන් 37ක් එක් කළ ද ඉනෝකා රණවීරගේ පන්දුවක් හමුවේ නයිදා දැවී ගියේ අර්ධ ශතකය පෙනි පෙනී තිබිය දීය.

දෙවැනි තරගයේ දී ලකුණු 89ක් රැස් කරමින් ශ‍්‍රී ලංකා පිලට ප්‍රබල තර්ජනයක් බවට පත්වුණු නායිකා මහරූෆ්ට රැස්කර ගත හැකි වූයේ ලකුණු 26ක් පමණි. ලකුණු 26ක් ලබා සිටි මහරූෆ් මුහුණ දුන් 34 වැනි පන්දුවේ දී ශෂිකලා සිරිවර්ධනගේ දෙවැනි කඩුල්ල බවට පත්වෙමින් දැවී ගියාය.

පාකිස්තානු ඉනිමේ 40 වැනි පන්දුවාරය අවසන් වන විටත් කඩුලු 5කට ලකුණු 178ක් වශයෙන් ප්‍රබල තත්ත්වයක පසුවුවත්, අවසන් පන්දුවාර 1-0 දී ලකුණු 37ක් පමණක් ලබා දී කඩුලු 5ක් දවා ගැනීමට ශ‍්‍රී ලංකා පන්දු යවන්නියන් සමත් වීම මත ලකුණු 250ක් කරා යෑමට පාකිස්තානු පිලට තිබූ ආසන්නම අවස්ථාව ගිලිහී ගියේය.

සමස්තයක් ලෙස සුපුරුදු පරිදි මෙම තරගයේ දී ද ශ‍්‍රී ලංකා පන්දු රකින්නියන් අතින් ලකුණු 25කට ආසන්න සංඛ්‍යාවක් නිරපරාදේ ප්‍රතිවාදීන්ට පිරිනැමුණු නමුත්, දුවද්දී දවා ගැනීම් දෙකක් ලබා ගැනීමට සමත් වීම කැපී පෙනුණි. එහි දී ප‍්‍රථමයෙන්ම චමරි අතපත්තු සහ රෙබෙකා වැන්ඩොට් ලකුණු 21ක් ලබා සිටි සිද්‍රා අමීන්ව දුවද්දී දවා ගැනීමකට හසුකරගත් අතර නිපුනි හංසිකාගේ දක්ෂ පන්දු රැකීම හමුවේ හිටපු නායිකා සනා මීර්ද දැවී ගියාය.

ශ‍්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු 2 බැගින් දවා ගනිමින් පන්දු යැවීමෙන් කැපී පෙනුණු ශෂිකලා සිරිවර්ධන ලකුණු 40ක් ද, අමා කාංචනා ලකුණු 35ක් ද ප්‍රතිවාදී පිතිකාරිණියන් හමුවේ ලබා දී තිබුණි.

පාකිස්තානය පන්දුවාර 50 දී 215/9 යි නහිදා ඛාන් 46, මුනීබා අලී 19, ජවරියා ඛාන් 30, බිස්මා මහරූෆ් 26, සිද්‍රා අමීන් 21, නිඩා ඩර් 20, සනා මීර් 16, අයිමාන් අන්වර් 10, අමා කාංචනා 35/2, ශෂිකලා සිරිවර්ධන 40/2*

ශ‍්‍රී ලංකාව පන්දුවාර 41.3 දී සියලු දෙනා දැවී 107 යි නිපුනි හංසික 35, චමරි පොල්ගම්පොල 10, සුගන්දිකා කුමාරි(නොදැවී* 18, ප‍්‍රසාදිනී වීරක්කොඩි 15, සනා මීර් 27/4, නෂ්රා සන්ධු 18/3, නිඩා ඩර් 16/2*

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<