ශ්‍රී ලංකාවේ ඉරණම විසඳීම රොෂේන් සහ දික්වැල්ල වෙතට

2365

බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසාන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයට (24)  බේල්ස් ඉවත් කෙරෙන විට පළමු ඉනිමට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 99ක් ලබා සිටියහ.

සුරංග සහ කසුන් ආරම්භක කඩුලු අඩු ලකුණකට සීමා කරයි

බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත…

පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 204ක් පමණි. ඒ අනුව පළමු ඉනිමේ ගෞරවය දිනා ගැනීමට නම් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තවත් ලකුණු 105ක් ලබා ගත් යුතු ය. ඒ වෙනුවෙන් ඔවුන් සතුව ඇත්තේ තවත් කඩුලු 5ක් පමණි.

දිනය අවසන් වූයේ ශ්‍රී ලංකා ඉනිමේ ඉරණම විසඳීම නිරෝෂන් දික්වැල්ල සහ රොෂේන් සිල්වා වෙත බාර දෙමිනි. ඉදිරිපෙළ පිතිකරුවෝ සියලුම දෙනා අඩු ලකුණු ප්‍රමාණයකට සීමා වීමෙන් ඔවුන් වෙත මෙම බර පැටවිණි. දිනය නිමාවේ දී රොෂේන් සිල්වා නොදැවී ලකුණු 3ක් ද නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 13ක් ලබා සිටිය හ.

ශ්‍රී ලංකා ඉනිමේ කඩා වැටුණ කඩුලුවල හිමිකාරිත්වයෙන් කඩුලු 2 බැගින් කෙමාර් රොච් සහ ෂැනොන් ගේබ්‍රියෙල් වෙත හිමි වූ අතර ජේසන් හෝල්ඩර්ට කඩුල්ලක් හිමි විය.

බාබඩෝස් හි කෙන්සිංටන් ඕවල් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයට අද දිනයේ ද කාලගුණ තත්ත්වය වරින් වර බාධා එල්ල කළේ ය. දිනයේ යැවිය යුතු පන්දුවාර ප්‍රමාණයෙන් යැවුණේ පන්දුවාර 59ක් පමණි. අහිමි වූ පන්දුවාර ප්‍රමාණය 39කි.  

පළමු දිනයේ දී කොදෙව් ලකුණු පුවරුව කඩුලු 5ක් දැවී ලකුණු 132ක් තිබිය දී නිමා වූයේ ෂේන් ඩොව්රිච් ( ලකුණු 60*) සහ ජේසන් හෝල්ඩර් (33*) පිටියේ නොදැවී රැඳී සිටිය දී ය. ඒ වෙද්දී ලකුණු 79ක්ව තිබූ ඔවුන්ගේ කඩුල්ලේ සබඳතාවට තවත් ලකුණු 34ක් එක් වෙද්දී අවසන් කර දැමීමට ලහිරු කුමාර සමත් විය. ඩොව්රිච් පන්දු 132කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 71ක් ලබා සිටිය දී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය.  ඔවුන් දෙදෙනාගේ කඩුල්ලේ සබඳතාව ලකුණු 115කි.

කමිල් සහ පසිඳු බස්නාහිර පළාත් මධ්‍යමට ශූරතාව රැගෙන යයි

අනාගත ක්‍රිකට් ලොව පෙරළි කරන අංකුර ක්‍රීඩකයින් සොයමින් ශ්‍රී ලංකා ක්‍රිකට්..

අනතුරුව පිටියට පිවිසි කඩුලු 4 ලකුණු 36ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. ඒ කෙසේ වෙතත් වැඩි වගකීම් සහිත ඉනිමක් ක්‍රීඩා කළ ජේසන් හෝල්ඩර් පන්දු 123ක දී හතරේ පහර 13ක් සමඟින් ලකුණු 74ක් ලබා ගත්තේය. මේ ඔහු රැස් කළ තම ටෙස්ට් තරග දිවියේ 7 වැනි අර්ධ ශතකයයි.

පන්දු යැවීමේ දී ලහිරු කුමාර ලකුණු 58කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ කැපී පෙණෙන පන්දු යවන්නා වූ අතර කසුන් රාජිත ලකුණු 68කට කඩුලු 3ක් ද, සුරංග ලක්මාල් ලකුණු 52කට කඩුලු 2ක් ද දවා ගත් අතර පන්දු යවන්නන් සිව්දෙනෙක් පමණක් භාවිතා කළ ඉනිමේ අනෙක් කඩුල්ල දිල්රුවන් පෙරේරා වෙත හිමි විය.

ලකුණු 204ක පළමු ඉනිමේ ගෞරවය දිනා ගැනීමේ ඉලක්කයක් වෙනුවෙන් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ කුසල් පෙරේරා සහ මහේල උඩවත්ත ය. කොදෙව් ක්‍රීඩකයන්ගේ තර්ජනය එසේ මෙසේ නොවුණි. ආරම්භක පිතිකරුවෝ පළමු පන්දුවේ සිටම දැඩි පීඩනයකට ලක් වූ බවක් දිස්විය. දිනයේ පළමු වැනි විවේක සැසිය වෙනුවෙන් තරගය නතර කරද්දී ශ්‍රී ලංකා කිසිවෙක් නොදැවී කිසිදු ලකුණක් ලබා සිටියේ නැත. නිමා වූයේ පන්දුවාර දෙකක් පමණි. එම පන්දු 12 තුළ කොදෙව්වෝ විනිසුරු තීරණය නැවත විමසීමේ අවස්ථා 2ක් එකක් අහිමි කරගත්හ. ඒ උඩවත්ත වෙනුවෙනි.

කෙසේ වෙතත් මේ පීඩනය දෙවැනි සැසියේ ආරම්භයේ සිටම නැවත එක් කිරීමට කොදෙව්වෝ ක්‍රියා කළහ. එහි ප්‍රමුඛ ඵලය වූයේ පෙරේරා (00) පිට ඉන්නෙන් පිටත ඇදී යන පන්දුවකට පහරක් එල්ල කරන්නට යෑමෙන් කඩුලු රකින ක්‍රීඩක ෂේන් ඩොව්රිච් වෙත උඩ පන්දුවක් දෙමින් දැවී යෑමයි. කෙමාර් රොච් විසින් යවනු ලැබූ 9 වැනි පන්දුවේ දී මේ දැවී යෑම සිදු වෙද්දී ශ්‍රී ලංකා ඉනිම ඉදිරියේ කිසිදු ලකුණක් එක් වී නොතිබුණි.

දෙවැනි කඩුල්ල වෙනුවෙන් උඩවත්ත සමඟ එක් වූයේ ධනුෂ්ක ගුණතිලක ය. ගුණතිලකට ද එම පීඩනයෙන් ගැලවීමට කොදෙව් පන්දු යවන්නෝ ඉඩ තැබුවේ නැත. ඔවුන් දෙදෙනා එක්ව ලකුණු පුවරු 16ක් බවට පත් කරද්දී උඩවත්ත ද තම කඩුල්ල පුදා ක්‍රීඩා විවේකාගරය වෙත ගියේය. ඒ වෙද්දී උඩවත්ත පන්දු 18කට මුහුණ දී ලබා සිටියේ ලකුණු 4ක් පමණි. එම කඩුල්ලේ හිමිකාරත්වය ද රොච් සතු විය.

අනතුරුව ශ්‍රී ලංකාවේ ලකුණු බලාපොරොත්තු පොදි බැඳගෙන කුසල් මෙන්ඩිස් පිටියට පිවිසියේ මේ දක්වා තරගාවලියේ වැඩිම ලකුණුලාභී ශ්‍රී ලාංකීය පිතිකරුවා ලෙසින් විශ්වාසය දිනා ගනිමිනි. ඔහු කෙරෙහි තැබූ විශ්වාසයට එලෙසින්ම පිළිතුරු දීමට ඔහුට නොහැකි වූවද ශ්‍රී ලංකා ලකුණු පුවරුව 75ක් දක්වා රැගෙන ඒමට ඔහු සමත් විය. ෂැනොන් ගේබ්‍රියෙල්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් කුසල්ගේ ඉනිම අහමි වෙද්දී ඔහු පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 22ක් ලබා සිටියේය.

ගුණතිලකට ධනංජය ද සිල්වා එක් වූ සිව්වැනි කඩුල්ලට ලකුණු  6ක් එක් වෙද්දී ගුණතිලකගේ කඩුල්ල ද බිඳ දැමීමට කොදෙව්වෝ සමත් වූහ. ජේසන් හෝල්ඩර්ගේ පන්දුවකට කඩුල්ල මුවා කර දැවී යද්දී ගුණතිලක රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 29කි. පන්දු 73කින් සමන්විත වූ එම ඉනිමට හතරේ පහර 4ක් සහ විදුලි ලකුණු පුවරුවට ඉහළින් එල්ල කළ දැවැන්ත හයේ පහරක් ද විය.

විනය කඩකිරීමක් නිසා ජෙෆ්රි වැන්ඩර්සේව නැවත ගෙදර එවයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ කොදෙව් ශ්‍රී ලංකා…

ඉනිමේ පස්වැනි කඩුල්ල ලෙසින් ධනංජය ද සිල්වා ලකුණු 8ක් ලබා සිටිය දී දවා ගැනීමට ගේබ්‍රියෙල් සමත් විය.

තරගය නිමා වීමට දිනයේ තවත් පැයකට ආසන්න කාලයක් තිබුණ ද ක්‍රීඩාංගණයට අනාරාධිතව පැමිණි අයහපත් ආලෝක තත්ත්වය මත තරගය එදිනට නතර කරන ලදි.

තරගය තෙවැනි දිනටත් ක්‍රියාත්මක ය.

බටහිර ඉන්දීය කොදෙව්; පළමු ඉනිම සියලුම දෙනා දැවී 204 (69.3): ෂේන් ඩොව්රිච් 71, ජේසන් හෝල්ඩර් 74, සුරංග ලක්මාල් 2/52, ලහිරු කුමාර 4/58, කසුන් රාජිත 3/68

ශ්‍රී ලංකාව; පළමු ඉනිම කඩුලු 5ක් දැවී 99 (36.0): ධනුශ්ක ගුණතිලක 29, කුසල් මෙන්ඩිස් 22, කෙමර් රොච් 2/13, ෂැනොන් ගේබ්‍රියෙල් 2/42

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<