පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී සහ පාකිස්තානයේ දී පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය (PCB) විසින් මාධ්‍යයට නිකුත් කර ඇත.

තරගාවලිය ටෙස්ට් තරග 2කින්, එක්දින තරග 5කින් සහ පන්දුවාර විස්ස තරග 3කින් සමන්විත වන අතර එහි අවසන් පන්දුවාර 20 තරගය ඔක්තෝබර් මස 29 වන දා ලාහෝර් නුවර ගඩාෆි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇත.

පාකිස්තාන ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා මූලික සංචිතය නම් කරයි

එළඹෙන සැප්තැම්බර් 28 වැනිදා සිට ඔක්තෝබර් 10 වැනිදා දක්වා පාකිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට්..

මෙම මස 28 වන දා ආරම්භ වන තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියෙන් සම්පූර්ණ තරග සංචාරය ආරම්භ වන අතර එහි දී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය ඔක්තෝබර් මස 6 වන දා සිට 10 වන දා දක්වා ඩුබායි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ලෙස පැවැත්වෙනු ඇත.

ඉන් අනතුරුව ඔක්තෝබර් මස 13 වන දින ආරම්භ වන එක්දින තරගාවලිය ඩුබායි, අබුඩාබි සහ සාජා යන නගර 3 කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන අතර එම තරග සියල්ල දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වෙනු ඇත.

තවදුරටත් පන්දුවාර 20 තරගාවලියේ පළමු තරග 2 අබුඩාබි හිදී පැවැත්වෙන අතර 3 වන හා අවසාන පන්දුවාර 20 තරගය ලාහෝර් නුවර දී පැවැත්වේ. මෙම තරගයට පෙර ලෝක සංචිතය ද පාකිස්තානයේ තරග සංචාරයක නිරත වීමට නියමිත වන අතර ඒ අනුව නැවතත් පාකිස්තානය තුළ ජාත්‍යන්තර ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීම ආරම්භ වේ.

තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 24 වන දින එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යනු ඇත.

සම්පූර්ණ තරග කාලසටහන       

පළමු ටෙස්ට් තරගය – සැප්තැම්බර් 28 වන දින සිට ඔක්තෝබර් 02 වන දින දක්වා – අබුඩාබි හිදී

දෙවන ටෙස්ට් තරගය – ඔක්තෝබර් 06 වන දින සිට ඔක්තෝබර් 10 වන දින දක්වා – ඩුබායි හිදී (දිවා රාත්‍රී)

පළමු එක්දින තරගය – ඔක්තෝබර් 13 – ඩුබායි හිදී

දෙවන එක්දින තරගය – ඔක්තෝබර් 16 – අබුඩාබි හිදී

තෙවන එක්දින තරගය – ඔක්තෝබර් 18 – අබුඩාබි හිදී

සිව්වන එක්දින තරගය – ඔක්තෝබර් 20 – ෂාජා හිදී

පස්වන එක්දින තරගය – ඔක්තෝබර් 23 – සාජා හිදී

පළමු පන්දුවාර 20 තරගය – ඔක්තෝබර් 26 – අබුඩාබි හිදී

දෙවන පන්දුවාර 20 තරගය – ඔක්තෝබර් 27 – අබුඩාබි හිදී

තෙවන පන්දුවාර 20 තරගය – ඔක්තෝබර් 29 – ලාහෝර් හිදී

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට