ලකුණු දෙකකින් ජය පැරදුම තීරණය වු තරඟයක් – 11වන රග්බි සතිය

405

අන්තර් සමාජ ඩයලොග් රග්බි ලීග් තරඟාවලියට අයත් දෙවන වටයේ අවසාන තරඟ පසුගියදා නිමාවට පත්වුයේ මහනුවර, හැව්ලොක්ස්, CR & FC හා නාවික හමුදා පිළයන් ට ජයග්‍රහණ අත්කරදෙමින්‍ ය.

තරඟාවලියේ තරඟ සතිඅන්තය ආරම්භ කරමින් ප්‍රසාද ලකුණු සටහනේ අවසානයේ රැදි සිටින CH & FC  කණ්ඩායම සහ හැව්ලොක්ස් කණ්ඩායම තරඟ වැදුණු අතර එහිදි ලකුණු 18-52ක් ලෙස සිය සුපුරුදු පරාජය ලබන්නට  CH & FC කණ්ඩායමට සිදුවිය.  ආරම්භයේ සිටම  හැව්ලොක්ස් ක්‍රීඩකයින් තරඟය සිය අණසකට යටත්ව තබාගන්නට උත්සුක වු අතර ඔවුනට  CH & FC කණ්ඩායම හොද අභියෝගයක් එල්ල කළේය. තම ප්‍රතිවාදින්ට පහර පිට පහර එල්ල කරමින් ඔවුන්ගේ ආරක්ෂක වළළු බිදදමමින් තම සුපුරුදු ජවයෙන් ක්‍රීඩා කළ හැව්ලොක්ස් ක්‍රීඩකයින් සිය ප්‍රථම අර්ධය අවසන් කළේ ලකුණු 45-08ක් ලෙස ප්‍රබල තත්වයක පසුවෙමින්ය.

පරාජයේ අමිහිරි වේදනා අතැතිව සිය දෙවන අර්ධයට පිටියට පිවිසි  CH & FC ක්‍රීඩකයින් එම අර්ධයේදී තවත් ලකුණු 10ක් ලබාගන්නට හැකිවුවත් එය ජයග්‍රහණය සදහා කිසිසේත්ම ප්‍රමාණවත් නොවිය. තරඟයේ අවසන් නලා හඩ නිකුත් කිරිමට සුළු මොහොතකට පෙර හැව්ලොක්ස් ක්‍රීඩකයින් අන්දමන් කරමින්  CH & FC කණ්ඩායම සිය දෙවැනි උත්සහක දිනුම වාර්තා කිරිම කාගේත් අවධානයට ලක් විය.  එම අර්ධයේදී හැව්ලොක්ස් ක්‍රීඩකයින්ට ලබාගත හැකිවුයේ ලකුණු 07ක් පමණි. ඒ අනුව ලකුණු 18-52ක් ලෙස දැවැන්ත ජයක් ලැබිමට හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සමත්විය.

මේ අතර තවත් තිරණාත්මක තරඟයක් රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ඒ ප්‍රභල නාවික හමුදා කණ්ඩායම සහ ගුවන් හමුදා කණ්ඩායම අතරය. මෙරට රග්බි ප්‍රේක්ෂකයන්ට  අමතක නොවන තරඟයක් වු මෙය නිමා වුයේ ලකුණු 15-17ක් ලෙස ලකුණු දෙකක තියුණු ජයක් නාවික හමුදාවට ලැබීමත් සමගිනි. දෙපිළම ප්‍රභල සටන් විලාසයක් පෙන්නුම් කළ අතර එක් කණ්ඩායම අනෙක් කණ්ඩායමට දෙවැනි නොවිය. ජයග්‍රාහී නාවික හමුදා ලකුණු පුවරුව ගෝල දිනුම් 02ක් ප්‍රවර්ථන 02ක් සහ එක් දඩුවම් පහරකින් වර්ණවත් විය. ගුවන් භටයන් ගෝල දිනුම් 02කින් එක් ප්‍රවර්ථනක් සහ එක් දඩුවම් පහරකින් සිය ලකුණු පුවරුව සටහන් කළේය. තරඟයේ විරයා ලෙස ශාරුක වෙරහැල්ල සම්මාන ලැබිය.

ඩයලොග් රග්බි තරඟාවලියේ CR & FC කණ්ඩායම සහ පොලිස් කණ්ඩායම අතර තරඟය කොළඹ ලෝඩන් පෙදෙසේ දි පැවැත්විනි. එහිදි පොලිස් පිළට අමිහිරි මතකයන් ඉතිරි කරමින් තරඟය නිමාවුයේ ලකුණු 26-05ක් ලෙස ප්‍රභල ජයක් CR & FC කණ්ඩායම හිමිකරදෙමිනි. දෙවැනි අර්ධයේදී මදක් වේලා ගත වෙනතුරු පොලිස් පිළට එකදු ලකුණක් හෝ ලබාගැනිමට CR & FC ක්‍රීඩකයින් ඉඩනොතැබුහ. පොලිස් ආරක්ෂක වළළු නොසිතු මොහොතකින් සුනුවිසුණු කළ CR & FC ක්‍රීඩයන් ප්‍රථම භාගය නිමාකළේ ලකුණු 06-00ක් ලෙසය. දෙවැනි භාගයේ නැවත ක්‍රියාත්මක වු CR & FC පිළ සිය උපරීම දක්ෂතා පෙන්වමින් තවත් ලකුණු 19ක් සිය ලකුණු පුවරුව මත සටහන් කළ අතර පොලිසියට ලබාගත  හැකිවුයේ ලකුණු 05ක් පමණි. ඒ අනුව ලකුණු 26-05ක් ලෙස ජය CR & FC පිළට හිමිවිය. ජේසන් දිසානායක තරඟයේ විරයා විය.

අපරාජිත මහනුවර කණ්ඩායම සහ යුධ හමුදා කණ්ඩායම  රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී තරඟ වැදුණු අතර එහිදි 19-09ක් ලෙස ජයගත් මහනුවර පිළ සිය අපරාජිත බව සිය දෙවැනි වටයේද රැකගන්නට සමත් විය. සිය සුපුරුදු බළඇණිය පිටියේ ස්ථානගත වි තිබි අතර යුධ හමුදා බළඇණිය පිටියේ සක්‍රීයව සිටියේ මහනුවර ආධිපත්‍යය බිදහෙලිමට ය. ආරම්භයේ දි තරඟය කරට කර තිබුණත් සිය තාක්ෂණික ප්‍රයෝග භාවිතා කොට ප්‍රථම භාගය තුළම තරඟය සියතට ගන්නට මහනුවර ක්‍රීඩකයින් සමත් විය. ඔවුනට ප්‍රබල අභියෝගයක් එල්ල කිරිමට යුධ හමුදා ක්‍රීඩකයින් සමත් වුවත් මහනුවර පිළේහි ප්‍රතිප්‍රහාර හමුවේ යුධ හමුදා බළඇණියට පසුබසින්නට සිදුවිය. තරඟය නිමාවුයේ ලකුණු 19-09ක් ලෙස ජයක් මහනුවරට අත්පත්කරදෙමිනි. තරඟයේ විරයා ලෙස ශ්‍රිනාත් සුරියබණ්ඩාර ය.