ශ්‍රී ලංකා, එංගලන්ත සහ ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම් අතර පැවති තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයෝ අද (13) සමත් වූහ. ගෝවේ නගරයේ දී පැවති අවසන් මහා තරගයේ ප්‍රතිවාදීන් වූයේ ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම ය.
සිල්වා සහ දේශප්‍රිය ශ්‍රී ලංකාව අවසන් තරගයට ගෙන එයි
ශ්‍රී ලංකා, එංගලන්ත සහ ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන තුන් කොන් විස්සයි විස්ස
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 119ක් ලබා ගත් අතර පිළිතුරු ලෙසින් ඉන්දීය ක්‍රීඩකයෝ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 120ක් ලබා ගත්හ. ඒ අනුව අවසන් මහා තරගයේ දී සත්කාරක ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 10ක ජයක් හිමි වූහ.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉනිම ආරම්භ කළේ චන්දන දේශප්‍රිය සහ කේ. ඒ. සිල්වා ය. පෙර තරගයේ දී ශතක සබඳතාවක් එක් කළ ද අද තරගයේ දී ඔවුන්ට රැස් කර ගත හැකි වූයේ ලකුණු 2ක් පමණි. ඒ. රඩ්ඩිගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූ දේශප්‍රිය කිසිදු ලකුණක් නොබලා දැවී ගියේ ඉනිමේ පළමු කඩුල්ල ලෙසිනි. පෙර තරගයේ දී ශතකයක් ලබා ගත් කේ. ඒ. සිල්වා දෙවැනි කඩුල්ල ලෙසින් ලකුණු 6ක් ලබා සිටිද්දී දුවද්දී දැවී ගියේය. සමන් තුෂාර ලබා ගත් ලකුණු සංඛ්‍යාව 10කි.
ශ්‍රී ලංකා ඉනිමේ සිව්වැනි කඩුල්ල ලකුණු 35ක් වෙද්දී දැවී ගියේය. එවර කඩුල්ල අහිමි කර ගත්තේ පැතුම් සමන් කුමාර ය. ඔහු පන්දු 11කට මුහුණ දී ලකුණු 10ක් ලබා ගත්තේ ය. පස්වැනි කඩුල්ල ලෙසින් දමිත සඳරුවන් (2) ද, හය වැනි කඩුල්ල ලෙසින් කේ. කුමාර (2) ද දැවී ගියේය.
ශ්‍රී ලංකා ඉනිමේ හොඳම කඩුලු ලකුණු සබඳතාව වූයේ 7 වැනි කඩුල්ලට දිනේෂ් මතුගමගේ සහ ප්‍රියන්ත කුමාර විසින් එක්කළ ලකුණු 29යි. එහි දී දිනේෂ් මතුගම පන්දු 27ක දී ලකුණු 23ක් ලබා ගත්තේ ය. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ප්‍රියන්ත කුමාර ය. ඔහු පන්දු 37කට මුහුණ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් එල්ල කළ එකම හතරේ පහර ද සමඟින් නොදැවී ලකුණු 30ක් ලබා ගත්තේ ය.
ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කාන්තා T20 සංචිතය නම් කරයි
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන ලෝක කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය
සමන් බණ්ඩාර (08), පී.ඩී. රවින්ද්‍ර (04) සහ දිනේෂ් මධුවන්ත (01) අඩු ලකුණුවලට සීමා වූහ.
කඩුලු ලබා ගැනීමේ දී ඒ. රෙඩ්ඩි පන්දුවාර 4ක් යමින් ලකුණු 15කට කඩුලු 4ක් දවා ගත්තේ ය. ඊට අමතරව එස්. රමේෂ් සහ ඒ. ගාරියා කඩුල්ල බැගින් දවා ගත්හ.
පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩකයෝ පන්දු 46ක් ඉතිරිව තිබිය දී කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 120ක් ලබා ගැනීමට සමත් වූහ. එහි දී ඩී. රාවෝ පන්දු 44කට මුහුණ දී හතරේ පහර 10ක් සමඟ නොදැවී ලකුණු 63ක් ලබා ගනිද්දී, ඒ. ගාරියා පන්දු 35ක දී හතරේ පහර 5ක් සමඟ නොදැවී ලකුණු 45ක් ලබා ගත්තේ ය.
ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම; සියලුම දෙනා දැවී 119 (20.0): දිනේෂ් මතුගම 23, ප්‍රියන්ත කුමාර 30, ඒ. රෙඩ්ඩි 4/15
ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම; කිසිවෙක් නොදැවී 120 (12.2): ඩී. රාවෝ නොදැවී 63, ඒ. ගාරියා නොදැවී 45






















