පසිඳු සහ සොනාල්ගේ ශතක සබඳතාව ඉනිමකින් ගැලවීමට ප්‍රමාණවත් නොවේ

739

පසිඳු සූරියබණ්ඩාර සහ සොනාල් දිනූෂ එක්ව ගොඩ නැගූ ශතක සබඳතාව හේතුවෙන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට ලකුණු 316ක් ලබා ගත්ත ද ඉන්දීය යොවුන් ක්‍රීඩකයන් තම පළමු ඉනිමේ ලබාගත් ලකුණු ප්‍රමාණයට වඩා තවත් ලකුණු 297ක් පිටුපස සිටීම නිසා පිට පිට දෙවැනි වරටත් පන්දුවට පහර දීමේ අවමානයෙන් ගැලවීමට සත්කාරක ක්‍රීඩකයන්ට නොහැකි වුනා.

ඉන්දීය යෞවනයෝ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ව තවත් අසරණ කරයි

සංචාරක ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ …

සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන සංචාරක ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර දෙවැනි සිව්දින ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය (26) නිමාවෙද්දී තම දෙවැනි ඉනිමට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ තරගය අඳුරු ආලෝක තත්ත්වය මත නතර කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 47ක් ලබා සිටියා. දිනයේ තවත් පන්දුවාර 4ක් යැවීමට තිබිය දී තරගය තෙවැනි දිනට අයහපත් ආලෝක තත්ත්වය මත නතර කිරීමට පිටියේ විනිසුරුවන් කටයුතු කළා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා හෙට දිනයේ දී තවත් ලකුණු 250ක් අවශ්‍ය වන අතර ඒ වෙනුවෙන් ඔවුන් සතුව ඇත්තේ තවත් කඩුලු 7ක් පමණයි.

ඊයේ තරගය නිමා වන විට පසිඳු සූරියබණ්ඩාර අර්ධ ශතයක් ලබා ගනිමින් නොදැවී පිටියේ රැඳී සිටි අතර අනෙක් අන්තයෙන් සොනාල් දිනූෂ ලකුණු 24ක් ලබා සිටියා. දිනයේ දිවා විවේකය වෙද්දී ඔවුන්ට තම කඩුලු ආරක්ෂා කර ගැනීමට හැකි වුනා. එවිට ලකුණු පුවරුව කියැවුණේ ලකුණු 219ක් ලෙසයි.

දිවා විවේකයෙන් අනතුරුව යැවුණ දෙවැනි පන්දුවේ දී සොනාල් දිනූෂ, අයූෂ් බදෝනිගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසා තම කඩුල්ල අහිමි කර ගත්තා. ඒ වෙද්දී ඔහු පන්දු 144කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 51ක් ලබා සිටියා. සොනාල් සහ පසිඳු අතර 5 වැනි කඩුල්ලට වූ ලකුණු සබඳතාව 128ක්.

අනතුරුව පසිඳු හා එක් වූයේ සඳුන් මෙන්ඩිස්. ඔවුන් දෙදෙනා අතර ලකුණු සබඳතාව යන්තම් 15ක් වෙද්දී එතෙක් වේලා ඉන්දීය පන්දු යවන්නන්ට හිසරදයක් වෙමින් පන්දුවට පහර දෙමින් සිටි පසිඳු සූරියබණ්ඩාර දැවී ගියා. එවිට ලකුණු පුවරුව 234ක් වූ අතර පසිඳු දැවී යන විට පන්දු 236කට මුහුණ දෙමින් හතරේ පහර 17ක් සමඟින් ලකුණු 115ක් ලබා සිටියා. එම ශතකය මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා වූ දෙවැනි ශතකය වූ අතර මෙම තරගයේ දී සත්කාරක කණ්ඩායම රැස් කළ පළමු ශතකය ද වුනා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව කළමනාකරුවෙක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙක් වන චරිත් සේනානායක මහතා ජූලි මස 25 වන දා සිට මේ වසරේ සැප්තැම්බර් මස 30 වැනිදා දක්වා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස පත්කර ඇත.

අනතුරුව නිපුන් මාලිංග (09), විජයකාන්ත් වීශ්වකාන්ත් (03) සහ කල්හාර සේනාරත්න (08) අඩු ලකුණුවලට තම කඩුලු පූජා කරමින් නැවත ක්‍රීඩක විවේකාගාරය වෙත යද්දී සඳුන් මෙන්ඩිස් සහ අවසන් පිතිකරු කලණ පෙරේරා එක්ව ශ්‍රී ලංකා ඉනිමට ලකුණු 38ක සබඳතාවක් එක් කළා. ඔවුන් දෙදෙනා තරගය තේ විවේකයට නතර කරන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 314 රැඳවීමට සමත් වුනා.

නමුත් තේ විවේකයෙන් අනතුරුව යැවුණ 9 වැනි පන්දුවේ දී ශ්‍රී ලංකා ඉනිම නිමා කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වුනා. ඒ සඳුන් මෙන්ඩිස් අර්ධ ශතකය පාමුල සිටිය දී දවා ගනිමින්. සඳුන් දැවී යන විට පන්දු 109කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 49ක් ලබා සිටියා. කලණ පෙරේරා පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 11ක් ලබා ගත්තා.

කඩුලු ලබා ගැනීමේ දී මොහොට් ජන්ග්‍රා ලකුණු 76කට කඩුලු 4ක් ලබා ගනිමින් ඉන්දියාව වෙනුවෙන් හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතරව යටින් මාන්ග්වානි, අයුෂ බදෝනි සහ සිද්ධාර්ත් දේශායි කඩුලු දෙක බැගින් බිඳ හෙලුවා.

ඉන්දීය ක්‍රීඩකයෝ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙමින් තම පළමු ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 613ක් ලබා ගනිද්දී  ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට තම පළමු ඉනිමට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 316ක් පමණයි. ඒ අනුව ලකුණු 297ක් පිටුපස සිටිමින් ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා පිට පිට දෙවැනි වරටත් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා පිතිකරුවන්ට සිදු වුනා.

ආසියානු කුසලානයේ තරග කාලසටහන නිකුත් වේ

2018 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය එළඹෙන සැප්තැම්බර් 15 වැනිදා සිට 28 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වේ. ඩුබායි හිදී පැවැත්වෙන ශ්‍රී ලංකා…

ඒ අනුව ආරම්භ වූ ඉනිමේ ලකුණු පුවරුව දිනය නිමාවේ දී  දර්ශනය වූයේ කඩුලු 3කට ලකුණු 47ක් ලෙසින්. ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 11 දී නිමා කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූයේ පළමු ඉනිමේ දී දක්ෂ පිති හරඹයක නිරත වූ කමිල් මිෂාර (05) දවා ගනිමිනි.

මේ දක්වා වූ දෙවැනි ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ නිශාන් මධුශ්ක. ඔහු පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 25ක් ලබා ගත්තා. ඔහුට අමතරව අනෙක් දැවී ගිය පිතිකරු වූයේ නායක නිපුන් දනංජය ය. පළමු ඉනිම සේ ම දෙවැනි ඉනිම ද ඔහුට අවාසනාව කැඳවන විට ලබා සිටි ලකුණු සංඛ්‍යාව 8ක්.

මේ වෙද්දී නුවනිඳු ප්‍රනාන්දු (02) සහ කල්හාර සේනාරත්න (00) පිටියේ නොදැවී ක්‍රීඩා කරනවා. පන්දු යැවීමේ දී අර්ජුන් තෙන්ඩුල්කාර්, යටින් මන්ග්වානි සහ අයුෂ් බදෝනි අතර කඩුල්ල බැගින් බෙදී ගියා.

හෙට (27) තරගයේ සිව්වැනි සහ අවසාන දිනයයි.

ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම; පළමු ඉනිම කඩුලු 8ක් දැවී 613 (128.5): අත්‍රව් ටයිඩ් 177, පවන් ශා 282, ආර්යන් ජුවාල් 41, නීල් වේඩර් 64, නිපුන් මාලිංග 1/92

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 316 (114.3): කමිල් මිශාර 44, පසිඳු සූරියබණ්ඩාර 115, සොනාල් දිනූෂ 51, සඳුන් මෙන්ඩිස් 49, මොහොට් ජන්ග්‍රා 4/76, යටින් මාන්ග්වානි 2/30, අයුෂ බදෝනි 2/39, සිද්ධාර්ත් දේශායි 2/84

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම; දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 47 (18.0): නිශාන් මධුශ්ක 25

මෙම තරගය සේ ම තරගාවලියේ සියලුම තරග ඩයලොග් TV නාලිකා අංක 1 ඔස්සේ හා ThePapare.com වෙබ් අඩවිය හරහා සජීවීව විකාශනය කරනු ඇත. සියලුම තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්.

> >තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<