ආසියානු කුසලානයේ තරග කාලසටහන නිකුත් වේ

20

2018 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය එළඹෙන සැප්තැම්බර් 15 වැනිදා සිට 28 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වේ.

ඩුබායි හිදී පැවැත්වෙන ශ්‍රී ලංකා – බංගලාදේශ තරගයෙන් මෙවර ආසියානු කුසලාන තරගාවලිය ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා එක්දින සංචිතයට අලුත් මුහුණක්

ලබන 29 වැනිදා දඹුල්ලේ දී ආරම්භ වන තරග පහකින් සමන්විත ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු….

ඉන්දියාව, පකිස්තානය, ශ්‍රී ලංකාව, බංගලාදේශය හා ඇෆ්ගනිස්ථානය මෙවර තරගාවලියට එක්වන අතර මෙවර තරගාවලිය පන්දුවාර 50 තරගාවලියක් ලෙස පැවැත්වෙනු ඇත. 2016 පැවති විස්සයි විස්ස ලෝක කුසලානයට සූදානම් වීම අරමුණු කරගනිමින් 2016 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වුණේ විස්සයි විස්ස තරගාවලියක් ලෙසයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සිංගප්පූරුව, ඕමානය, නේපාලය, මැලේසියාව හා හොං කොං ඉන්දියාවේ දී පැවැත්වෙන ආසියානු කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියකට එක්වන අතර එහි ජයග්‍රාහකයින් ද ආසියානු කුසලාන තරගාවලියට එක්වනු ඇත.

කාණ්ඩය දෙකක් යටතේ පළමු අදියර ක්‍රියාත්මක වේ. A කාණ්ඩයට ඉන්දියාව, පකිස්තානය හා තේරීම් තරගාවලිය ජය ගන්නා කණ්ඩායම ඇතුලත් වන අතර B කාණ්ඩයට ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය හා බංගලාදේශය ඇතුලත් වේ.

එක් එක් කාණ්ඩයේ පළමු ස්ථාන දෙක දිනා ගන්නා කණ්ඩායම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන අතර අවසන් මහා තරගය සැප්තැම්බර් 28 දා ඩුබායි හිදී පැවැත්වීමට නියමිතයි.

කාණ්ඩ අදියර

  • 15 සැප්තැම්බර් – බංගලාදේශය හා ශ්‍රී ලංකාව (ඩුබායි)
  • 16 සැප්තැම්බර් – පකිස්තානය හා තේරීම් තරගාවලියේ ජයග්‍රාහකයින් (ඩුබායි)
  • 17 සැප්තැම්බර් – ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය (අබුඩාබි)  
  • 18 සැප්තැම්බර් – ඉන්දියාව හා තේරීම් තරගාවලියේ ජයග්‍රාහකයින් (ඩුබායි)
  • 19 සැප්තැම්බර් – ඉන්දියාව හා පකිස්තානය (ඩුබායි)
  • 20 සැප්තැම්බර් – බංගලාදේශය හා ඇෆ්ගනිස්තානය (අබුඩාබි)

ගුණරත්න නැවතත් කණ්ඩායම එද්දී ධනංජයට නායකත්වය

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන පුහුණු…

සුපිරි හතර අදියර

  • 21 සැප්තැම්බර් – A කාණ්ඩයේ ජයග්‍රාහකයින් හා B කාණ්ඩයේ දෙවන ස්ථානය (ඩුබායි)
  • 21 සැප්තැම්බර් – B කාණ්ඩයේ ජයග්‍රාහකයින් හා A කාණ්ඩයේ දෙවන ස්ථානය (අබුඩාබි)
  • 23 සැප්තැම්බර් – A කාණ්ඩයේ ජයග්‍රාහකයින් හා A කාණ්ඩයේ දෙවන ස්ථානය (ඩුබායි)
  • 23 සැප්තැම්බර් – B කාණ්ඩයේ ජයග්‍රාහකයින් හා B කාණ්ඩයේ දෙවන ස්ථානය (අබුඩාබි)
  • 25 සැප්තැම්බර් – A කාණ්ඩයේ ජයග්‍රාහකයින් හා B කාණ්ඩයේ ජයග්‍රාහකයින් (ඩුබායි)
  • 26 සැප්තැම්බර් – A කාණ්ඩයේ දෙවන ස්ථානය හා B කාණ්ඩයේ දෙවන ස්ථානය (අබුඩාබි)

අවසාන මහා තරගය

  • 28 සැප්තැම්බර් – අවසාන මහා තරගය (ඩුබායි)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<