නිපුන් සහ පසිඳු ඉන්දීය යෞවනයෝ ග්‍රහණයට ගනිති

534

නායක නිපුන් දනංජය සහ පසිඳු සූරියබණ්ඩාර එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු සබඳතාව හේතුවෙන් අද (02) කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී නිමා වූ ඉන්දු – ලංකා යොවුන් එක්දින තරගාවලියේ දෙවැනි තරගයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වුනා.

තිසර සහ ලක්මාල් කඩුලු කඩඉම් සමරද්දී ආගන්තුකයින් තරගය ජය ගනී

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී අද (01) ආරම්භ වූ ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර…..

නිපුන් සහ පසිඳු අතර සිව්වැනි කඩුල්ලට වූ සබඳතාව ලකුණු 92ක්. ඔවුන් මේ වෙනුවෙන් පන්දුවාර 20ක්ම වැය කළා. එහි ප්‍රතිඵලය වූයේ තරග 5කින් යුත් තරගාවලිය 1-1ක් සේ සම කරමින් නැංගුරම් දැමීමට සත්කාරක ක්‍රීඩකයන්ට හැකි වීමයි. කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවති පළමු එක්දින තරගයෙන් ඉන්දීය යෞවනයෝ කඩුලු 6ක ජයග්‍රහණයක් හිමිකර ගත්තා. ‍

අද තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සියලුම දෙනා දැවී ලකුණු 193ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 195ක් ලබා ගත්තා. ඒ තරගය නිමා වීමට තවත් පන්දු 26ක් ඉතිරිව තිබියදීයි.

ශ්‍රී ලංකා ඉනිමේ ජයග්‍රහණයට ලකුණු 14ක් ඉතිරිව තිබිය වේගපන්දු යැවූ අජේ දේව් විසින් යැවූ ඉනිමේ 44 වැනි පන්දු වාරයේ දී පසිඳු සූරියබණ්ඩාරගේ සහ සඳුන් මෙන්ඩිස්ගේ කඩුලු අහිමි වීම ශ්‍රී ලංකා ජයග්‍රහණය මදකට පමා කළා සේ ම අනියත බියකට ද පත් කළා.  පසිඳු පන්දුව කෙළින්ම කඩුල්ලේ වද්දා ගනිමින් දැවී යද්දී පන්දු 71කට මුහුණ දෙමින් ලකුණු 52ක් ලබා සිටියා. සඳුන්ට කිසිදු ලකුණක් ලබා ගත නොහැකි වූ අතර ඔහු මුහුණ දුන්නේ පන්දු තුනකට පමණයි.

තරගයේ ජයග්‍රහණය දෙපිළටම දෝලනය වෙද්දී එක් අන්තයක් සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරගනිමින් මනා කළමනාකාරිත්වයකින් සහ ඉවසීමකින් පන්දුවට පහර දුන් නායක නිපුන් දනංජයගේ ඉනිම ඉන්දීය පන්දු යවන්නන්ට නම් එතරම් රුස්සන්නට නැත. තරගය නිමාවෙද්දී නිපුන් පන්දු 112කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 92ක් ලබා සිටියා. තරගය ජයග්‍රහණය කළ අවසන් පන්දුව දක්වා පිටියේ රැඳී සිටි නිපුන් තරගයේ වීරයා ලෙසින් ද නම් කෙරුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විස්සයි – විස්ස ක්‍රිකට් තරගාවලියකට අත ගසයි

2018 වසරේ අගෝස්තු මස 21 වන දා සිට සැප්තැම්බර් 2 වන දින අතර කාල පරාසය තුල “SLC T20” නම් ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට්……

තරගය අවසන් වෙන විට අනෙක් අන්තයේ ලක්ෂිත මනසිංහ නොදැවී රැඳී සිටි අතර ඔහු රැස්කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 7ක්.

ශ්‍රී ලංකා ඉනිම නවෝද් පරණවිතාන සහ නිශාන් මධුශ්ක එක්ව ආරම්භ කළ ද ඔවුන්ට පළමු කඩුල්ලේ සබඳතාව වැඩි වේලාවක් පවත්වා ගෙන යෑමට ඉන්දීය පන්දු යවන්නෝ ඉඩ තැබුවේ නැහැ. පළමු පන්දු වාරයේ දී ම ලකුණු පුවරුව 4ක් වෙද්දී පරණවිතානට දීර්ඝ විවේකයක් ලබා දීමට මොහිට් ජන්ග්‍රා සමත් වුනා. ඒ වෙද්දී ලබා තිබූ ලකුණු 4 හිමිකාරත්වය පරණවිතාන සතු වුනා.

අනතුරුව පිටියට පිවිසියේ නායක නිපුන් දනංජය ය. නිපුන් සහ නිශාන් අතර දෙවැනි කඩුල්ලට එක් වූ ලකුණු සබඳතාව 44ක්. ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 48ක් වෙද්දී අනෙක් ආරම්භක පිතිකරු නිශාන් මධුශ්ක ලකුණු 16කට දැවී ගියා. ඔහු මේ වෙනුවෙන් පන්දු 43කට මුහුණ දී තිබුණා. තෙවැනි කඩුල්ල වෙනුවෙන් නායක නිපුන් සහ නුවනිඳු ප්‍රනාන්දු අතර තවත් ලකුණු 40ක සබඳතාවක් එක් වෙද්දී නුවනිඳු පන්දු 35කට මුහුණ දෙමින් ලකුණු 18කට දැවී ගියා.

කඩුලු දවා ගැනීමේ දී අජේ දේව් සහ සිද්ධාර්ත් දේසායි කඩුලු දෙක බැගින් දවා ගත් අතර අනෙක් කඩුල්ලේ හිමිකාරත්වය මොහොට් ජන්ග්‍රා වෙත හිමි වුනා.

ඉන්දු – ශ්‍රී ලංකා යොවුන් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ආරම්භ වූයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය ක්‍රීඩකයන් පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගනිමින්. ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය ඉනිමේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 50ක් පුවරුවට එන්නට ප්‍රථම දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වුනා.

ආරම්භක කඩුලු දෙකේම හිමිකාරිත්වය නවීන් නිර්මාල් සතු වෙද්දී තෙවැනි කඩුල්ල මාතර සිට පැමිණෙමින් අද කණ්ඩායමට එක් වූ ශෂික දුල්ශාන්ට හිමි වුනා.

අනතුරුව වූ සිව්වැනි කඩුල්ලේ දී ලකුණු 31ක සබඳතාවක් එක් කිරීමට ආරම්භක පිතිකරු පවන් ෂා සහ අයුෂ් බදෝනි සමත් වුනා. සිව්වැනි කඩුල්ල ලෙසින් පවන් ෂා ශෂික දුල්ශාන්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසා දැවී යද්දී ඔහු අර්ධ ශතකයට ලකුණක් මෙපිටින් (49)  සිටියා. පන්දු 64කින් සමන්විත වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 4ක් ඇතුලත් වුනා.

බදෝනි ලබා ගත් ලකුණු සංඛ්‍යාව 36ක්. ඉන්දීය ඉනිමේ හොඳම කඩුලු සබඳතාව වාර්තා කිරීමට සමීර් චෞද්රි සහ අජේ දේව් සමත් වුනා. සමීර් පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 32ක් ද, අජේ පන්දු 27කට මුහුණ දෙමින් කිසිදු සීමා ලකුණක් වාර්තා නොකරමින් ලකුණු 24ක් ලබා ගත්තා. අනතුරුව පැමිණි පිතිකරුවන් අතුරින් මොහොට් ජන්ග්‍රා පන්දු 16ක දී හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 16ක් ලබා ගත්තා.

කඩුලු ලබා ගැනීමේ දී මංගල යොවුන් එක්දින තරගයට සහභාගී වූ ශෂික දුල්ෂාන් ලකුණු 27කට කඩුලු 3ක් දවා ගත්තා. එය ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් වාර්තා වූ හොඳම පන්දු යැවීමයි. ඊට අමතරව නවීන් නිර්මාල්, ලක්ෂිත රසාංජන සහ නවෝද් පරණවිතාන කඩුලු දෙක බැගින් හිමිකර ගත්තා.

‘තහනම් ගහේ ගෙඩි කෑ ගමනේ අවසන් පැය 24 දී වර්ණපුරලා ගහපු ගේම

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව තුළ බිහි වූ චරිත ගණනාවකි. එ් අතරින් බන්දුල වර්ණපුරට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ටෙස්ට් වරම් හිමිවීමෙන් පසු ශ‍්‍රී ලංකා…..

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද තරගයට පිවිසියේ පෙර තරගයට ක්‍රීඩා කළ දුනිත් වෙල්ලාලගේ වෙනුවට මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයේ ශෂික දුල්ෂාන් කණ්ඩායමට එක්කර ගනිමින්. ඉන්දීය කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදුව තිබුණේ නැහැ.

දෙරට අතර පැවැත්වෙන තෙවැනි එක්දින තරගය අගෝස්තු මස 05 වැනිදා කොළඹ මේට්ලන්ඩ් පෙදෙස එස්. එස්. සී. පිටියේ දී ම පැවැත්වීමට නියමිතයි.

ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම; සියලුම දෙනා දැවී 193 (47.0) පවන් ෂා 49, අයුෂ් බදෝනි 36, සමීර් චෞද්රි 32, අජේ දේව් 24, නවීන් නිර්මාල් 2/17, ශෂික දුල්ශාන් 3/27, ලක්ෂිත රසාංජන 2/39, නවෝද් පරණවිතාන 2/27

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම; කඩුලු 5ක් දැවී 195 (45.4) නිපුන් දනංජය නොදැවී 92, පසිඳු සූරියබණ්ඩාර 52, අජේ දේව් 2/32, සිද්ධාර්ත් දේසායි 2/31

ඉන්දු -ලංකා ක්‍රිකට් තරගාවලියේ සියලුම තරග ඩයලොග් TV නාලිකා අංක 1 ඔස්සේ හා ThePapare.com වෙබ් අඩවිය හරහා සජීවීව විකාශනය කරනු ඇත. සියලුම තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<