යොවුන් ගැටුමේ දී බංග්ලාදේශයෙන් ප්‍රබල ආරම්භයක්

492
Sri Lanka U19 vs Bangladesh U19

සංචාරක බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් අද (16) ඇරඹි පළමු නිල නොවන සිව්දින ටෙස්ට් තරගයේ දී සාර්ථක ආරම්භයක් ලබා ගත් බංග්ලාදේශ ක්‍රීඩකයෝ අයහපත් කාලගුණය හේතුවෙන් නියමිත වේලාවට පෙර තරගය නිමා කර දමන විට කඩුලු 3කට ලකුණු  209ක් ලබා ප්‍රබල තත්ත්වයක පසුවේ.

ලොකු කුසල්ට ආබාධයක්; තෙවැනි එක්දින තරගයට අවිනිශ්චිතයි

මහනුවර පල්ලකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දිවා/රාත්‍රී තරගයක් ලෙස අනිද්දා (17) පැවැත්වීමට නියමිත…

තේ පැන් සංග්‍රහයට මිනිත්තු 10කට පමණ පෙර ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පළමු දිනට තරගය නතර කර දමන විට නායක තව්හිඩ් රිඩෝයි ලකුණු 54ක් සහ ශමීම් පත්වරී ලකුණු 43ක් ලබා තරගයේ දෙවැනි දිනය වන හෙට (17) දිනයේදීත් පන්දුවට පහර දීමේ අවස්ථාව උදාකර ගෙන සිටිති. ලකුණු 139කට කඩුලු 3ක්ව සිට රිඩෝයිට එක්වූ පත්වරී අතර සිව්වැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 70ක සම්බන්ධතාවක් පවත්වමින් බංග්ලාදේශ කණ්ඩායම ප්‍රබල තත්ත්වයකට රැගෙන ඒමේ පෙර ගමන්කරුවන් බවට පත්වූහ.

කොළඹ එන්. සී. සී. පිටියේ පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සංචාරක කණ්ඩායමේ නායක තව්හිඩ් රිඩෝයි පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර තම නායකයාගේ තීරණය නිවැරදි එකක් බව ඔප්පු කරමින් පළමු කඩුල්ල සඳහා වේගවත් ලකුණු 54ක් එක් කිරීමට බංග්ලාදේශ ආරම්භක පිතිකරුවන් වූ  ටන්සිඩ් හසන් සමත් විය. ටන්සිඩ් හසන් සහ නව්‍ රෝස් නබිල් එක්ව බිහි කළ මෙම අග්‍ර ගණයේ ආරම්භය සඳහා ඔවුන් වැය කර තිබුණේ පන්දු 53ක් පමණක් කැපී පෙනෙයි.

ටෙස්ට් තරගයකට වඩා සීමිත පන්දුවාර තරගයක සිරි ගත් තරගයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු කඩුල්ල දවා ගැනීමට චමිඳු විජේසිංහ සමත් විය. චමිල්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ටන්සීඩ් හසන් පළමු කඩුල්ල ලෙස දැවී යන විට ඔහු පන්දු 31ක දී ලකුණු 42ක් ලබා සිටියේ තම ඉනිමට හතරේ පහර 7ක් ද ඇතුළත් කරමිනි. පළමු කඩුල්ලේ සම්බන්ධතාව සඳහා ටන්සිඩ් ලකුණු 42කින් දායක වද්දී, නබිල් රැස්කර ගෙන තිබුණේ ලකුණු 12ක් පමණක් වීම විශේෂත්වයකි.

දීපක් ඉන්දීය ජයග්‍රහණයට පාර කපයි

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම අතර තරග 5කින්…

වෙනදා මෙන් නොව උදෑසන වරුවේ වේගපන්දු යවන්නන්ට තරමක සහයෝගයක් ලබා දෙන එන්. සී. සී. තණතීරුවේ දී බංග්ලාදේශ පිතිකරුවන්ගේ ප්‍රහාරාත්මක පිතිකරණ රටාව හේතුවෙන් වේගපන්දු යවන්නෝ පහර පිට පහර කෑ බැවින් තරගය ආරම්භ වී  යොමු කරන ලද 08 වැනි පන්දුවාරයේ දී ම තම ප්‍රබලතම අවිය වන දඟපන්දු යවන්නන් කැඳවීමට ශ්‍රී ලංකා නායක නිපුන් ධනංජයට සිදු විය.

එහි දී ප්‍රථමයෙන්ම දකුණත් පිට දඟපන්දු යවන ෂෙහාන් ඩැනියෙල්ව කැඳවූ අතර නායකයා තැබූ විශ්වාසය අකුරටම ඉටු කළ ෂෙහාන්, ප්‍රවේගකාරී බංග්ලාදේශ පිතිකරුවන්ට තරමක පීඩනයක් එල්ල කරමින් තම අණසකට යටත් කර ගැනීමට සමත් විය. එහෙත් සාර්ථක ඵල නෙළා ගනු ලැබුවේ  පිට දඟපන්දු යවන සඳුන් මෙන්ඩිස්ය. දෙවැනි කඩුල්ල සඳහා නව්රෝස් නබිල් සමඟ එක්වී ලකුණු 39ක් එක් කරන ලද හසන් ජෝයි, සඳුන්ගේ ගොදුර බවට පත්වෙමින් දැවී යන විට ලකුණු පුවරුව ලකුණු 93ක් ලෙසින් සටහන් විය.

මෙම දඟපන්දු යවන්නන් දෙදෙනා බංග්ලාදේශ පිතිකරුවන්ව කෙතරම් දුරට පාලනය කළේ ද කිවහොත් එම සම්බන්ධතාව සඳහා ඔවුන් දෙදෙනාට පන්දු 90කට මුහුණ දීමට සිදුවීම ඒ සඳහා හොඳම උදාහරණය ලෙස සඳහන් කළ හැක. පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදෙමින් හසන් ජෝයි ක්‍රීඩාගාරය වෙත පියමං කරන විට හතරේ පහර 3ක් ද සහිතව රැස්කර ගැනීමට සමත්ව තිබුණේ ලකුණු 19ක් පමණි.

පළමු දිනය තුළ දැවී ගිය තෙවැනි සහ අවසන් බංග්ලාදේශ පිතිකරුවා බවට පත්වූ නව්රෝස් නබිල්, අශේන් ඩැනියෙල්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක කමිල් මිශාර අතට උඩ පන්දුවක් දී දැවී ගියේ අර්ධ ශතකයට ලකුණු 05ක් මෙපිටින් සිටිය දී ය. ආරම්භයේ සිටම මනා සංයමයකින් යුතුව පිත්ත හැසිර වූ නබිල් දැවී යන විට පන්දු 114කට මුහුණ දෙමින් ඉන් තෙවතාවක් ක්‍රීඩාංගණය වටා දමා ඇති ලණුව සිඹීමට සලස්වා තිබුණි.

ICC චෝදනාවට ජයසූරියගෙන් පිළිතුරක්

ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සනත් ජයසූරිය මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ…

තරගය නිමා කර දමන අවස්ථාවේ දී ම තේ පානය කිරීම සඳහා එම කාල වේලාව අවස්ථාව කර ගැනීමට තරග විනිසුරුවන් ක්‍රියා කළ ද නොකඩවා ඇද වැටුණු සිහින් පොද වැස්ස නිමා නොවීම හේතුවෙන් පළමු දිනට යළි තරගය ආරම්භ කිරීමේ අවස්ථාවක් විනිසුරුවන් දෙදෙනාට නොමැති විය. හෙට (17) තරගයේ දෙවැනි දිනය වන අතර තරගය පෙ.ව. 9.45ට ආරම්භ කිරීමට නියමිතව තිබේ.

දිනය තුළ ක්‍රියාත්මක කෙරුණු පන්දුවාර 58 යැවීම සඳහා ශ්‍රී ලංකා නායකයා පන්දු යවන්නන් හය දෙනෙක්ගේ සහාය ලබා ගනු ලැබුව ද ඉන් කඩුල්ල බැගින් දවා ගැනීමට චමිඳු විජේසිංහ, අෂේන් ඩැනියෙල් සහ සඳුන් මෙන්ඩිස් පමණක් සමත් වූහ.

බංග්ලාදේශ යොවුන් කණ්ඩායම; පළමු ඉනිම පන්දුවාර 58ක දී කඩුලු 3ට ලකුණු 209 යි: ටවුහිඩ් රිඩෝයි 54*, නව්රෝස් නබිල් 45, ටන්සිඩ් හසන් 42, ශමීම් පත්වරී 43*, හසන් ජෝයි 19, සඳුන් මෙන්ඩිස් 58/1, චමිඳු විජේසිංහ 46/1, අෂේන් ඩැනියෙල් 42/1

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<