ශ්‍රී ලංකා වයස අවුරුදු 18න් පහළ සත් සාමාජික යොවුන් රග්බි කණ්ඩායම පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙලේ දී සත්කාරක බහමාස් කණ්ඩායම දෙවරක් පරාජයට පත්කරමින් කණ්ඩායම් 6ක් අතරින් 5 වන ස්ථානය දිනා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් සටන්කාමී ක්‍රීඩා විලාශයක්

මෙම දිනවල පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගී වන වයස අවුරුදු 18න් පහළ ශ්‍රී ලංකා යොවුන් රග්බි …

පළමු වටයේ පැවති අවසන් තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් බහමාස් කණ්ඩායමට එරෙහිව ලකුණු 76-00ක් ලෙස විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය. එමෙන්ම ඔවුන් තරගාවලියේ පළමු දිනයේ දී කැනඩාව සහ ෆීජි කණ්ඩායමට එරෙහිව ජයග්‍රහණ වාර්තා කර ගැනීමට ඉතා ආසන්නයට පැමිණියත් පිළිවෙළින් ලකුණු 19-15ක් හා 14-07ක් වශයෙන් අවසානයේ දී ඔවුන් එම තරග පරාජයට පත්විය.

එමෙන්ම ශ්‍රී ලංකාව තවදුරටත් තරගාවලියේ පළමු දිනයේ දී සැමෝවා කණ්ඩායම සමඟ පැවති තරගය ලකුණු 36-14ක් ලෙසත්, දෙවන දිනයේ දී එංගලන්ත කණ්ඩායම සමඟ පැවති තරගය ලකුණු 32- 05ක් ලෙසත් පරාජයට පත්විය.

එම තරගවල ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ 5 වන සහ 6 වන ස්ථාන තීරණය කිරීමේ තරගයට සහභාගී වීමට සිදු වූ අතර එහි දී ඔවුන් දෙවන වරටත් සත්කාරක බහමාස් කණ්ඩායම පරාජයට පත්කරන්නට සමත් විය. එම තරගයේ ලකුණු තත්වය දැක්වුණේ ලකුණු 43-05ක් ලෙසයි.

එමෙන්ම ඕස්ට්‍රේලියාව, කැනඩාව සහ වේල්සය පිළිවෙළින් තරගාවලියේ රන්, රිදී හා ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් විය.

ඔලිම්පික් රන් පදක්කම්ලාභී පුහුණුකරුවෙකු වන බෙන් රයන් මහතා තරගාවලිය පිළිබඳව ‘Twitter’ පණිවිඩයක් ද නිකුත් කර තිබුණි.

Ben Ryan

විශේෂයෙන් මෙම තරගාවලිය ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් හට ඉතා හොඳ අත්දැකීමක් වූ බව සඳහන් කළ හැක. එමෙන්ම ඔවුන් තරගාවලිය පුරාවට ක්‍රීඩා කළ ආකාරයෙන් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම්, ප්‍රබල කණ්ඩායම් හමුවේ ජයග්‍රහණ වාර්තා කරන දිනයක් වැඩි ඈතක නොවන බවයි.

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට