ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන 2 වැනි තුන් දින තරගයේ පළමු දිනය (2) අවසන් වෙද්දී තම පළමු ඉනිමට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රීඩකයෝ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 183ක් ලබා ගනිමින් ප්‍රබල තැනක පසු වූවා.
මෙම ඉනිමට නායක රෙහාන් පීරිස් විසින් නොදැවී ලබා ගත් ශතකයත් සහ ජේසන් ප්‍රනාන්දු නොදැවී ලබා ගත් අර්ධ ශතකයක් ද ඇතුලත්. ඔවුන් මෙම ඉනිම් ක්‍රීඩා කරන්නේ කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ වයස අවුරුදු 17න් පහළ ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත් ලකුණු 122ට පිළිතුරු ලෙසිනුයි. ඒ අනුව ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රීඩකයෝ මේ වෙද්දී සත්කාරක බංග්ලාදේශයට වඩා ලකුණු 61ක් ඉදිරියෙන් පසු වෙනවා.
Bashundhara ක්‍රීඩා සංකීර්ණ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙර තරගයට ක්‍රීඩා කළ චනුල් කොඩිතුවක්කු, ලහිරු ලක්මාල් සහ නඳුන් බණ්ඩාර ඉවත් කර තිබූ අතර ඒ වෙනුවට ස්ටෙවෝන් ප්‍රනාන්දු, කෙනුල පිහිලියංග සහ මිනුග නෙත්සර එක් කර තිබුණා. එමෙන් ම ප්‍රතිවාදී බංග්ලාදේශ කණ්ඩායම ද මෙම තරගයට එක් වූයේ එක් වෙනස්කමක් සිදු කරමින්. ඒ අනුව පෙර තරගයට ක්‍රීඩා කළ MD Maheenujjaman Mahabir වෙනුවට Sk Jarif Siyam අද තරගයට එක් කර තිබුණා.
ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම
රෙහාන් පීරිස් (නායක), අරෝෂ සිතුමිණ, හිරුන් මතීෂ, ජේසන් ප්‍රනාන්දු (කඩුලු රකින්නා), සනුල් වීරරත්න, හිමරු දේශාන්, ස්ටෙවෝන් ප්‍රනාන්දු, මානිත රාජපක්ෂ, කෙනුල පිහිලියංග, මිනුග නෙත්සර සහ ගිම්හාන් මෙන්ඩිස්.
බංග්ලාදේශ වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම
Adrito Gosh (නායක), Md Sami, Kawsar Ahmed (කඩුලු රකින්නා), Sk Jarif Siyam, Lawrence Roy, Md. Rakibul Hossan, Junayed Hossain, Sourav Karmakar, Sahidul islam sahid, Md Nubayet Alam, Mohammad Akash.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බංග්ලාදේශ වයස අවුරුදු 17න් පහළ ඉනිමේ පළමු කඩුලු 5 ලකුණු 56ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූවා. ඉන් අනතුරු ව නැවත ලකුණු පුවරුව 83ක් ව පවතිද්දී යැවුණ 24 වැනි පන්දුවාරයේ දී කඩුලු 3ක් දවා ගැනීමට මිනුග නෙත්සර සමත් වෙනවා.
ඒ අනුව අසරණ වූ බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ නායක Sourav Karmakar. ඔහු පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 42ක් ලබා ගන්නවා. ඔහුට අමතර ව ආරම්භක පිතිකරු Kawsar Ahmed පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 21ක් ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී මානිත රාජපක්ෂ, මිනුග නෙත්සර සහ හිමරු දේශාන් කඩුලු 3ක් බැගින් දවා ගන්නා ලද අතර ගිම්හාන් මෙන්ඩිස් ද කඩුල්ලක් දවා ගන්නවා.
- මීළඟ LPL තරගාවලිය සඳහා දින නියම වෙයි
- 17න් පහළ පළමු තරගයේ ජය බංග්ලාදේශයට
- කොළඹ දකුණ සහ මහනුවර අවසන් මහා තරගයට
- රෙහාන්, අරෝෂ සහ චනුල්ලා බංග්ලාදේශයට යයි
- රිච්මන්ඩ් පරාජය කළ මහානාමයන් Tier A ශූරයන් වෙයි
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම් ඉනිමේ පළමු කඩුල්ල පළමු පන්දුවේ දී ම අහිමි වෙනවා. එසේ වූවත් 2 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 147ක දී ලකුණු 70ක සබඳතාවක් එක් කිරීමට රෙහාන් පීරිස් සහ හිරුන් මතීෂ සමත් වෙනවා.
ඔවුන්ගේ එම සබඳතාව බිඳී යන්නේ හිරුන් මතීෂ ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 75කට මුහුණ දෙමින් කිසිදු සීමා ලකුණක් නොමැතිව ලකුණු 18ක් ලබා සිටියා.
එම කඩුල්ල දැවී යෑමෙන් අනතුරු ව පිටියේ එක් වූ නායක රෙහාන් පීරිස් සහ නවක පිතිකරු ජේසන් ප්‍රනාන්දු එක් ව තරගය පළමු දිනයට නතර කරන විට පන්දු 206ක දී නොදැවී ලකුණු 113ක සබඳතාවක් එක් කරනවා.
එහි දී නායක රෙහාන් පීරිස් පන්දු 179කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සමඟින් නොදැවී ලකුණු 114ක් ද සහ ජේසන් ප්‍රනාන්දු පන්දු 99කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 51ක් ද ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී Mohammad Akash සහ Md. Rakibul Hossan කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- බංග්ලාදේශ වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 122 (30.3)Kawsar Ahmed21, Sourav Karmakar 42, මිනුග නෙත්සර 3/34, හිමරු දේශාන් 3/44, මානිත රාජපක්ෂ 3/21
- ශ්‍රී ලංකාවයස අවුරුදු 17න් පහළ කණ්ඩායම– පළමු ඉනිම කඩුලු 2ක් දැවී 183 (59.0) රෙහාන් පීරිස් නොදැවී 114, හිරුන් මතීෂ 18, ජේසන් ප්‍රනාන්දු නොදැවී 51
තරගය හෙට (3) 2 වැනි දිනයටත් ක්‍රියාත්මක වේ.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.






















