ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරයේ පළමු විස්සයි විස්ස තරගයෙන් ලකුණු 08ක තියුණු ජයග්‍රහණයක් වාර්තා කිරීමට නවසීලන්තය විසින් අද (28) සමත් වුනා.
මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ අසලංක විසින් තරගයේ පළමුව පන්දු යැවීමට තීරණය කළා.
ශ්‍රී ලංකා කණ්ඩායම:
පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස, කුසල් පෙරේරා, කමිඳු මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, බිනුර ප්‍රනාන්දු, මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ සහ නුවන් තුෂාර
නවසීලන්ත කණ්ඩායම:
Tim Robinson, Rachin Ravindra, Daryl Mitchell, Mark Chapman, Glenn Phillips, Michael Bracewell, Mitchell Hay(w), Mitchell Santner(c), Matt Henry, Zakary Foulkes, Jacob Duffy
නවසීලන්ත ඉනිමේ පළමු පන්දුවාර කිහිපය තුළ බිනුර ප්‍රනාන්දු ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් නවසීලන්තය සම්පූර්ණයෙන්ම පාහේ පාලනය කිරීමට සමත් වූ අතර, මෙහි දී මුල් පන්දුවාර 6යේ Power Play අවස්ථාව නිමා වන විට ඔවුන් කඩුලු 2ක් දැවී ලබා ගැනීමට සමත් වී සිටියේ ලකුණු 32ක් පමණයි. දැවී ගිය එම කඩුලු ද්විත්වය ම බිනුර සතු වුනා.
ඉන් පසුව ද නවසීලන්තයට ඉනිම ගොඩ නැංවීමට ඉඩ ලබා නොදුන් වනිඳු හසරංග විසින් තවත් කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා.
ඒ අනුව නවසීලන්ත ඉනිමේ 10 වැනි පන්දුවාරයේ පස් වැනි පන්දුව වන විට ඔවුන් කඩුලු 5ක් දැවී ලබා ගැනීමට සමත් වී සිටියේ ලකුණු 65ක් පමණයි.
කෙසේ වෙතත් මේ මොහොතේ කඩුල්ලේ එක් වූ Daryl Mitchell සහ Michael Bracewell විසින් ඉනිමේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 105ක සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා. පන්දු 60ක් පමණක් වැය වූ මෙම සබඳතාව අතරතුර ඔවුන් දෙදෙනා ම අර්ධ ශතක වාර්තා කිරීමට ද සමත් වූ අතර, මෙහි දී Mitchell ලකුණු 62ක් ලබා ගන්නා අතරේ, Bracewell ලකුණු 59ක් ලබා ගැනීමට සමත් වුනා.
මෙම සබඳතාව නිසා නවසීලන්තය ලකුණු 180 ඉක්මවූ ලකුණු පුවරුවක් වෙත යාමට සමත් වන බවක් පෙනෙන්නට තිබුනත්, මහීෂ් තීක්ෂණ විසින් ක්‍රියාත්මක කළ තරගයේ අවසන් පන්දුවාරය තුළ නවසීලන්ත පිතිකරුවන් කඩුලු 3ක් දැවෙමින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 3ක් පමණයි.
මේ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ නවසීලන්තය විසින් කඩුලු 8ක් දැවී ලකුණු 172ක් ලබා ගැනීමට සමත් වුනා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ සහ බිනුර ප්‍රනාන්දු කඩුලු 2 බැගින් බිඳ හෙළීමට සමත් වුනා. කෙසේ වෙතත් මතීෂ පතිරණ විසින් ක්‍රියාත්මක කළ පන්දුවාර 4 තුළ නවසීලන්තය විසින් එක් කඩුල්ලක් පමණක් ලබා දෙමින් ලකුණු 60ක් ලබා ගැනීමට සමත් වුනා.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
- චරිත් සහ දුනිත් ශ්‍රී ලංකාවේ ජය තහවුරු කරයි
මින් පසුව නවසීලන්තයෙන් ලද ලකුණු 173ක ඉලක්කය හඹා යාම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක පිටියට පිවිසුණු අතර, ඔවුන් දෙදෙනා විසින් තරමක් අසීරු බව පෙනෙන්නට තිබුණු ඉලක්කය ඉතා පහසුවෙන් හඹා යා හැකි එකක් බව පෙන්වා දෙමින් පිතිකරණයේ නියැලුණා. මෙහි දී කුසල් මෙන්ඩිස් පන්දු 36කින් ලකුණු 46ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඔහු ඉනිමේ පළමු කඩුල්ල ලෙස දැවී යන විට ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 13 පන්දු 3ක් තුළ ලකුණු 121ක් ලෙස සටහන් වී තිබුණා.
මෙය වසර අටකට පසුව ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙකු විසින් විස්සයි විස්ස පිටියේ පිහිටවනු ලැබූ පළමු ශතක සබඳතාව ලෙස සටහන් වීම ද විශේෂත්වයක්.
කෙසේ වෙතත් මෙන්ඩිස්ගේ දැවී යාමෙන් අනතුරුව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් කිසිවකු හෝ අවම වශයෙන් ලකුණු දහයේ සීමාවවත් ඉක්මවා යාමට සමත් වුනේ නැහැ.
මෙන්ඩිස්ගේ දැවී යාමෙන් අනතුරුව පිටියේ තනි වූ පැතුම් නිස්සංක තවදුරටත් තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට ළඟා කරවීමට උත්සාහ දැරූ නමුත් ඔහුගේ ඉනිම ලකුණු 90කින් නතර කිරීමට Tim Robinsonගේ විශිෂ්ට පන්දු රැකීමට හැකියාව ලැබුණා. ඒත් සමඟම ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස ශතකයක් ලබා ගැනීමට ඔහුට ලැබුණු අගනා වටිනා අවස්ථාව ද ගිලිහී ගියා.
පන්දු 60ක් තුළ දියත් වූ පැතුම්ගේ ඉනිමට හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් අන්තර්ගත වුනා.
පැතුම්ගේ දැවී යාමත් සමඟම ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තු සේදී යාම ද ආරම්භ වූ අතර, වරෙක කිසිදු අපහසුවකින් තොරව ජයග්‍රහණය කිරීමට අවකාශය තිබූ තරගය මේ අයුරින් නිමා වීම කණගාටුදායක සිදුවීමක්.
නවසීලන්තය වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ Jacob Duffy කඩුලු 3ක් බිඳ හෙළනා අතරේ Matt Henry සහ Zakary Foulkes කඩුලු 2 බැගින් බිඳ හෙළීමට සමත් වුනා.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Tim Robinson | c & b Binura Fernando | 11 | 9 | 2 | 0 | 122.22 |
Rachin Ravindra | c Kusal Mendis b Binura Fernando | 8 | 14 | 0 | 0 | 57.14 |
Mark Chapman | c Kamindu Mendis b Matheesha Pathirana | 15 | 13 | 1 | 0 | 115.38 |
Glenn Phillips | lbw b Wanindu Hasaranga | 8 | 9 | 0 | 0 | 88.89 |
Daryl Mitchell | st b | 62 | 42 | 4 | 2 | 147.62 |
Mitchell Hay | lbw b Wanindu Hasaranga | 0 | 1 | 0 | 0 | 0.00 |
Michael Bracewell | c & b | 59 | 33 | 4 | 4 | 178.79 |
Mitchell Santner | not out | 1 | 1 | 0 | 0 | 100.00 |
Zakary Foulkes | run out () | 1 | 1 | 0 | 0 | 100.00 |
Extras | 7 (b 0 , lb 0 , nb 3, w 4, pen 0) |
Total | 172/8 (20 Overs, RR: 8.6) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Nuwan Thushara | 4 | 0 | 28 | 0 | 7.00 | |
Binura Fernando | 4 | 0 | 22 | 2 | 5.50 | |
Maheesh Theekshana | 4 | 0 | 29 | 2 | 7.25 | |
Matheesha Pathirana | 4 | 0 | 60 | 1 | 15.00 | |
Wanindu Hasaranga | 4 | 0 | 33 | 2 | 8.25 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Pathum Nissanka | c Tim Robinson b Matt Henry | 90 | 60 | 7 | 3 | 150.00 |
Kusal Mendis | c Mitchell Hay b Jacob Duffy | 46 | 36 | 6 | 1 | 127.78 |
Kusal Perera | c Mitchell Hay b Jacob Duffy | 0 | 2 | 0 | 0 | 0.00 |
Kamindu Mendis | c Mitchell Hay b Jacob Duffy | 0 | 1 | 0 | 0 | 0.00 |
Charith Asalanka | c Michael Bracewell b Zakary Foulkes | 3 | 7 | 0 | 0 | 42.86 |
Bhanuka Rajapakse | b Matt Henry | 8 | 5 | 2 | 0 | 160.00 |
Wanindu Hasaranga | run out (Zakary Foulkes) | 5 | 2 | 0 | 0 | 250.00 |
Mahesh Theekshana | c Jacob Duffy b Zakary Foulkes | 1 | 2 | 0 | 0 | 50.00 |
Binura Fernando | not out | 4 | 4 | 0 | 0 | 100.00 |
Maheesh Theekshana | not out | 0 | 1 | 0 | 0 | 0.00 |
Extras | 7 (b 2 , lb 2 , nb 0, w 3, pen 0) |
Total | 164/8 (20 Overs, RR: 8.2) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Matt Henry | 4 | 0 | 28 | 2 | 7.00 | |
Jacob Duffy | 4 | 0 | 21 | 3 | 5.25 | |
Zakary Foulkes | 4 | 0 | 41 | 2 | 10.25 | |
Mitchell Santner | 4 | 0 | 26 | 0 | 6.50 | |
Michael Bracewell | 3 | 0 | 30 | 0 | 10.00 | |
Rachin Ravindra | 1 | 0 | 14 | 0 | 14.00 |
තරගයේ වීරයා ලෙස Jacob Duffy සම්මාන දිනා ගත්තා. තරගාවලියේ දෙවැනි විස්සයි විස්ස තරගය එළඹෙන සඳුදා (30) පැවැත්වීමට නියමිතයි.
මෙම තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<