පසුගිය 15 වැනිදා ආරම්භ වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරයේ අවසන් ක්‍රිකට් තරගය හෙවත් එකම විස්සයි විස්ස ක්‍රිකට් තරගය හෙට (11) ඕක්ලන්ඩ් හිදී පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අවසන් වරට එකිනෙකා මුණගැසී ඇත්තේ 2015 වසරේ අග භාගයේ දී වන අතර එම තරගාවලියේ දී සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම 2-0ක් ලෙස පරාජය විය. එසේම 2013/14 වසරේ නවසීලන්තය ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ දී 1-0ක් ලෙස විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
තිසර පෙර්රා, සෝධී, ෆර්ගසන් එක්දින ශ්‍රේණිගත කිරීම් වල ඉහළට
මුහුණට මුහුණ
2006 වසරේ සිට පැවත එන නවසීලන්ත – ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසය තුල මේ දක්වා ක්‍රිකට් තරග 14ක දී ඔවුනොවුන් එකිනෙකා මුණගැසී ඇති අතර එයින් තරග 7ක ජය නවසීලන්ත කණ්ඩායම සතු වෙද්දී, ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස තරග 6ක් ජයග්‍රහණය කර ඇත. තවද එක් විස්සයි විස්ස තරගයක් ලකුණු සමවීමෙන් අවසන් වී ඇත.
වැදගත් දත්ත කිහිපයක්

වැඩිම කඩුලු දවාගෙන ඇත්තේ අජන්ත මෙන්ඩිස් විසින් වන අතර ඔහු නවසීලන්තය සමඟින් විස්සයි විස්ස තරග 8කට සහභාගී වෙමින් දවාගෙන ඇති කඩුලු ගණන 12ක්.
ප්‍රහාරාත්මක පිතිකරුවන්
කුසල් ජනිත් පෙරේරා

නවසීලන්තයට එරෙහිව විස්සයි විස්ස තරග දෙකක් ක්‍රීඩා කර තිබෙන කුසල් ජනිත් එහි දී ලකුණු 73ක් ලබාගෙන ඇත්තේ එක් අර්ධ ශතකයක් සමඟින් 36.50ක දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගෙනයි.
ක්‍රිකට් වංචා දූෂණ වාර්තා කිරීමට සති දෙකක සහන කාලයක්
මාර්ටින් ගප්ටිල්

නිරෝෂන් දික්වැල්ල

රොස් ටේලර්

දකුණතින් පිත්ත හසුරුවන ඔහුගෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රවේගකාරී මෙන්ම ආක්‍රමණශීලී පිතිකරණයක් අපේක්ෂා කිරීමට හැකි අතර ශ්‍රී ලංකාවට එරෙහිව 22කට ආසන්න දල ලකුණු සාමාන්‍යයක් රඳවා ගෙන තිබෙන්නේ 112.98කට ආසන්න ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගෙනයි.
කැන්ගරුවන්ට අභියෝගයක් වන ශ්‍රී ලංකා යොවුන් ටෙස්ට් සංචිතය
තර්ජනාත්මක පන්දු යවන්නන්
ලසිත් මාලිංග

මාලිංග ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 69ක දී කඩුලු 92ක් දවා ගැනීමට සමත්ව ඇති අතර එක් පන්දු වාරයකට දල වශයෙන් ලකුණු 7.36ක පමණ ලකුණු ප්‍රමාණයක් පිතිකරුවන් හට ලබා දී ඇත. වයස අවුරුදු 35ක් වන මාලිංග නවසීලන්ත කණ්ඩායමට එරෙහිව විස්සයි විස්ස ක්‍රිකට් තරග 11ක දී කඩුලු 11ක් දවාගෙන තිබෙන්නේ 24.63ක පමණ කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි.
මිචෙල් සැන්ටනර්
නවසීලන්ත පන්දු බල ඇණිය සවිමත් කරන සැන්ටනර් වයස අවුරුදු 26ක් පමණ වන අත්දැකීම් බහුල හා ජවසම්පන්න දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකි.
මොහු විස්සයි විස්ස තරග 27ක දී කඩුලු 29ක් දවා ගැනීමට සමත් වී ඇති අතර කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 21.37ක් ලෙස දැක්වේ. සැන්ටනර් එක් පන්දුවාරයකට පිතිකරුවන්ට දල වශයෙන් ලකුණු 7.14ක පමණ ලකුණු ලබා දීමක් සිදු කර ඇත.
වමතින් දඟපන්දු යවන මේ ක්‍රීඩකයාගේ එක් තරගයක හොඳම පන්දු යැවීමේ ලෙස සටහන්ව ඇත්තේ 4/11කි. ශ්‍රී ලංකාවට එරෙහිව මෙතෙක් එක් විස්සයි විස්ස තරගයක් ක්‍රීඩා කර තිබෙන සැන්ටනර් විසින් එක් කඩුල්ලක් දවාගෙන ඇත.
පොඩි කුසල් ගැන ටෙස්ට් නායක චන්දිමාල් කියන කතාව
නුවන් ප්‍රදීප්

ඉෂ් සෝධී

ඕක්ලන්ඩ් හි ඊඩ්න් පාර්ක් පිටියේ තණතීරුව හා අවට කාලගුණය

මේ ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකයින් 50,000කට පමණ අසුන් ගැනීමට හැකි ලෙස නිර්මාණය කර තිබේ.
කාලගුණය දෙස බැලීමේ දී ඉතාමත් හොඳ කාලගුණ තත්වයක් අපේක්ෂා කිරීමට පුළුවනි. එසේම තරගය පැවැත්වෙන කාලය අතරතුර සෙල්සියස් අංශක 17-23 අතර උෂ්ණත්වයක් අපේක්ෂා කළ හැකිය.
අවසන් විස්සයි – විස්ස තරග පහේ ප්‍රතිඵල
- ශ්‍රී ලංකාව – L, W, L, L, L
- නවසීලන්තය – L, L, L, L, L
(*අවසන් වරට ක්‍රීඩා කර තරගය පළමුව සටහන් කර ඇත. W – ජයග්‍රහණයන් L – පරාජයන්)
එකම විස්සයි – විස්ස තරගයට අපේක්ෂිත කණ්ඩායම්
ශ්‍රී ලංකාව – ලසිත් මාලිංග (නායක), නිරෝෂන් දික්වැල්ල (උපනායක), කුසල් පෙරේරා, දනුෂ්ක ගුණතිලක, අසේල ගුණරත්න, කුසල් මෙන්ඩිස්, තිසර පෙරේරා, දසුන් ශානක, සීකුගේ ප්‍රසන්න, නුවන් ප්‍රදීප්, ලක්ෂාන් සඳකැන්.
නවසීලන්තය – ටිම් සවුතී (නායක), මාර්ටින් ගප්ටිල්, ග්ලෙන් පිලිප්ස්, කොලින් මුන්රෝ, රොස් ටේලර්, හෙන්රි නිකලස්, ටිම් සයිෆර්ට් (කඩුලු රකින්නා), මිචෙල් සැන්ටනර්, ඉෂ් සෝධී , ලුකී ෆර්ගසන්, සෙත් රාන්ස්.
අවසන් නිගමනය
ජාත්‍යන්තර විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව නවසීලන්ත කණ්ඩායම හයවැනි ස්ථානයේ පසුවන්නේ ලකුණු 2803ක් සමඟින් ප්‍රසාද ලකුණු 112ක් දිනා ගෙනයි. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම එම ලැයිස්තුවේ 9 වැනි ස්ථානය දිනා ගෙන සිටින්නේ ලකුණු 2518ක් සමඟ ප්‍රසාද ලකුණු 87ක් සමඟිනි.
ඒ අනුව බලන කල ශ්‍රේණිගත කිරීම්වලින් ද නවසීලන්තය පෙරමුණේ පසුවෙයි. නමුත් තරගය ජයග්‍රහණය කිරීම සඳහා වැදගත් වන්නේ ශ්‍රේණිගත කිරීම් හෝ ඉතිහාසයේ ලබාගත් ජයග්‍රහණ නොව උක්ත දිනය තුල හැකි උපරිමයෙන් මෙන්ම හොඳින් ක්‍රීඩා කිරීමයි. එසේ සිදු කළහොත් ශ්‍රී ලංකාවට මේ තරගාවලිය සාර්ථකව අවසන් කිරීමට හැකියාව ලැබෙනු ඇත.
ශ්‍රී ලංකා – නවසීලන්ත සීමිත පන්දුවාර තරග කාලසටහන
- එකම විස්සයි විස්ස තරගය – ජනවාරි 11 – ඕක්ලන්ඩ් හිදී (උදෑසන 11.30)
සැ. යු: *සියලුම වේලාවන් ශ්‍රී ලංකා වේලාවෙන් දක්වා ඇත.
ශ්‍රී ලංකා – නවසීලන්ත විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ එසැණ පුවත්, ලකුණු සටහන්, විශේෂ වීඩියෝ, තරග වාර්තා ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<























