2021 විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තුන් මසක සංක්‍රාන්ති සමයක් ගෙවා දැමූ ඕස්ට්‍රේලියානුවෝ හා හා පුරා වැඩ ඇල්ලීමට ශ්‍රී ලංකා කණ්ඩායම එරට ට කැඳවනවා.
පෙබරවාරි 11 වැනිදා ආරම්භ වන මේ තරගාවලියට විස්සයි විස්ස තරග 5ක් ඇතුළත්. මේ වෙද්දී විස්සයි විස්ස කණ්ඩායම් ලෝක ශ්‍රේණිගත කිරීම අනුව ඕස්ට්‍රේලියාව දෙවැනි ස්ථානයේ පසුවෙන අතර ශ්‍රී ලංකාවට හිමිව ඇති ස්ථානය සිව්වැනි ස්ථානයයි.
එමෙන් ම ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා තරග ඉතිහාසයේ තරග නිමා වූ ආකාරය ගත්තත් ශ්‍රී ලංකාව පසුවෙන්නේ ඕස්ට්‍රේලියාවට පිටුපසින්. මෙතෙක් දෙරට අතර විස්සයි විස්ස තරග 17ක් පවත්වා ඇති අතර ඉන් තරග 9ක් ඕස්ට්‍රේලියානුවන් ජයග්‍රහණය කර ඇති අතර අපේ ක්‍රීඩකයින් ඉතිරි තරග 8 ජයග්‍රහණය කර තිබෙනවා.
දෙරටේ කණ්ඩායම් අවසන් වරට හමුවෙන්නේ 2019/20 තරග සමයේ දී. එහි දී ඕස්ට්‍රේලියාව වෙතින් 3-0ක පරාජයකට අපේ කණ්ඩායම මුහුණ දෙනවා.
ශ්‍රී ලංකා සංචිතය
දසුන් ශානක (නායක) චරිත් අසලංක (උපනායක) දිනේෂ් චන්දිමාල්, වනිඳු හසරංග ද සිල්වා, බිනුර ප්‍රනාන්දු, ශිරාන් ප්‍රනාන්දු. අවිශ්ක ප්‍රනාන්දු, ධනුශ්ක ගුණතිලක, ප්‍රවීන් ජයවික්‍රම, චාමික කරුණාරත්න, දුශ්මන්ත චමීර, ලහිරු කුමාර, ජනිත් ලියනගේ, රමේෂ් මෙන්ඩිස්, කුසල් මෙන්ඩිස්, කමිල් මිෂාර, පැතුම් නිස්සංක, මහිෂ් තීක්ෂණ, නුවන් තුෂාර, ජෙෆ්රි වැන්ඩර්සේ

ඕස්ට්‍රේලියාවට එරෙහිව තරග 8කට ක්‍රීඩා කර ඇති චන්දිමාල් අර්ධ ශතක ඉනිමක් සමඟ ලකුණු 117ක් ලබා ගෙන තිබෙනවා. මේ අත්දැකීම් සහ මීට පෙර නායකත්වයේ ද කටයුතු කර ඇති චන්දිමාල්ගේ නිපුණතාවන් මෙම තරගාවලියට වඩාත් වැදගත් වෙනු ඇත.
චන්දිමාල්ගෙන් අනතුරුව ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින් ම කියැවෙන්නේ නායක දසුන් ශානකගේ නම. ඔහු මේ දක්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගී වූ විස්සයි විස්ස තරග ප්‍රමාණය 57ක්. ඒ අතර ඔහු තරග 57ක ඉනිම් 53ක දී රැස්කරගෙන සිටින්නේ ලකුණු 707ක් පමණයි. එහි සාමාන්‍ය 16.83ක්. අර්ධ ශතක දෙකක් පමණක් ඇතුළත් එම ඉනිම් හී කිසිදු ලකුණක් ලබා නොගත් ඉනිම් 7ක් ද ඇතුළත් වෙනවා.

දසුන් සහ ඕස්ට්‍රේලියා නායක Aaron Finch මීට පෙර තම රටවල් වෙනුවෙන් නායකයන් ලෙසින් එක් වෙමින් ඩුබායි හි පැවති 2021 ලෝක කුසලාන තරගාවලියේ දී තම දක්ෂතා උරගා බලනවා. එහි දී දසුන්ට කඩුලු 7ක පරාජයෙන් පසු බසින්නට සිදු වෙනවා.
වනිඳු හසරංග
ශ්‍රී ලංකා කණ්ඩායමේ වඩාත් බලාපොරොත්තු සහගත ක්‍රීඩකයා වන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වසරේ විස්සයි විස්ස කණ්ඩායමට ද ඇතුළත් කර සිටින වනිඳු හසරංග. මෑත කාලයේ ලෝක විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ වඩාත් කතාබහට ලක් වූ චරිත කිහිපය අතර වනිඳුගේ නම ඉහළින් ම කියැවීම ඔහු කෙරෙහි බලාපොරොත්තු වැඩි වීමට හේතු වී තිබෙනවා.

මේ අවධානය මෙසේ දිනා ගැනීමට වනිඳු මේ දක්වා ක්‍රීඩා කර ඇත්තේ විස්සයි විස්ස තරග 33කට පමණයි. එහි ඉනිම් 27ක දී ලකුණු 319ක් රැස්කර ගෙන සිටින ඔහුගේ මේ ඉනිම් අතර ඇත්තේ එක් අර්ධ ශතකයක් පමණයි. ලකුණ ලබා ගැනීමේ සාමාන්‍ය 15.19ක්.
පිතිකරණයේ දක්ෂතාවන් හී හිඟ බවක් දුටුවත්, වනිඳු පන්දු යැවීමේ දී සුවිශේෂී දක්ෂතාවක් දක්වනවා. ඔහු මේ දක්වා පන්දු යැවූ ඉනිම් 31 දී කඩුලු 52ක් දවා ගැනීමට සමත් වෙනවා. ඒ සඳහා ඔහු ප්‍රතිවාදීන්ට ලබා දී ඇත්තේ ලකුණු 713ක් පමණයි.
ඕස්ට්‍රේලියාවට එරෙහිව වනිඳු මෙතෙක් තරග 3කට ක්‍රීඩා කළ ද එහි දී ඔහුට ලබා ගත හැකිව ඇත්තේ ලකුණු 19ක පමණයි. ඉන් තරග 2ක් ම එරට දී පැවති ඒවා වන අතර එහි දක්ෂතාව ලකුණු 15ක්. පන්දු යැවීමේ දී පන්දුවාර 8ක දී ලකුණු 82ක් ලබා දෙමින් කඩුලු 2ක් දවා ගන්නවා.
නමුත් අවාසනාව වන්නේ වනිඳුට මෙතෙක් ඔස්ට්‍රේලියාවේ දී කිසිදු කඩුල්ලක් ලබා ගැනීමට නොහැකි වීමයි. එසේ වූවත් වනිඳු එරට දී පන්දුවාර 4ක් යවා ඇති අතර ඒ මගින් ලබා දී ඇති ලකුණු සංඛ්‍යාව 60ක්.
අතීතයේ සිදු වූ දේ වර්තමානයේ ඒ ආකාරයෙන් ම සිදු වෙන්නේ නැහැ. වනිඳු මේ වන විට ලොව ම තැති ගන්වන ක්‍රිකට් ක්‍රීඩකයෙක් වී හමාරයි. ඔහුගේ දක්ෂතා මෙවර තරගාවලියේ තීරණයට බෙහෙවින් ම ඉවහල් වේවි. අපි ඒ දෙස බලා සිටිනවා.
- ඕස්ට්‍රේලියාවට ගිය සංචිතයෙන් කොරෝනා ආසාදිතයෙක්
- ඕස්ට්‍රේලියානු පුහුණුකරු අර්බුදය තවත් උග්‍ර වෙයි
- චාමිකටත් ඕස්ට්‍රේලියානු සංචාරය අහිමි වීමේ අවදානමක්
- ශ්‍රී ලංකා වේගපන්දු යවන්නෙකුට කොරෝනා!
- ක්ලාස් එක වැඩි, වොයිස් එක අඩු වාස්!
චරිත් අසලංක
මෙතෙක් විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 9කට පමණක් ක්‍රීඩා කර ඇති චරිත් මෙම සංචාරයේ දී උපනායකත්වයෙන් පිදුම් ලබනවා. මෑත කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කරළියේ වඩාත් කතා බහට ලක් වූ චරිත්, කණ්ඩායමේ ඉහළ බලාපොරොත්තුවක්.

ඕස්ට්‍රේලියා ආරංචි අනුව චරිත්ට මෙම තරගාවලියේ දී නියමු වගකීම ද දැරීමට සිදු වුවහොත් ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස නායකත්වයට පත් 12 වැනි ක්‍රීඩකයා බවට පත් වෙනවා.
ඔවුන්ට අමතරව අවිශ්ක ප්‍රනාන්දු, ධනුෂ්ක ගුණතිලක, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, රමේෂ් මෙන්ඩිස් සහ මතිෂ් තීක්ෂණ ද ශ්‍රි ලංකාව වෙනුවෙන් වඩාත් වැදගත් කාර්යභාරයක් කරනු ඇතැයි අපගේ විශ්වාසයයි.
ඕස්ට්‍රේලියා සංචිතය
Aaron Finch (නායක), Ashton Agar, Pat Cummins, Josh Hazlewood, Travis Head, Moises Henriques, Josh Inglis, Glenn Maxwell, Ben McDermott, Kane Richardson, Jhye Richardson, Steven Smith, Mitchell Starc, Marcus Stoinis, Matthew Wade, Adam Zampa
පළපුරුදු ක්‍රීඩකයන් වැඩි දෙනෙක්ගෙන් සමන්විත ඕස්ට්‍රේලියා කණ්ඩායම ශ්‍රී ලංකාව සමඟ තරග බිමට පිවිසෙන්නේ නිමා වූ Big Bash League තරගාවලියේ දක්ෂතා ද කර පින්නාගෙන.
එමෙන් ම මේ වෙද්දී ඕස්ට්‍රේලියා විස්සයි විස්ස පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ පළමු ක්‍රීඩකයන් 10 දෙනා අතරින් 4 දෙනෙක් ද, පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ ඉහළින් ම සිටින ක්‍රීඩකයන් 10 දෙනාගෙන් 5 දෙනෙක් ද මෙම කණ්ඩායම නියෝජනය කිරීම ද විශේෂයි.
පිතිකරුවන් ලැයිස්තුවේ පළමුවැනියා වන්නේ නායක Aaron Finch. ඊට පසුව Glenn Maxwell, අනතුරුව තරග 52ක දී ලකුණු 863ක් ලබා සිටින Steven Smith සහ තරග 55ක දී ලකුණු 729ක් ලබා සිටින Matthew Wade එංගලන්ත පිතිකරණ ලැයිස්තුව ශක්තිමත් කරනවා.
පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ පළමුවැන්නා වන්නේ Adam Zampa. අනතුරුව තරග 48ක දී කඩුලු 60ක් දවාගෙන සිටින Mitchell Starc, තරග 40ක දී කඩුලු 43ක් ලබා සිටින Ashton Agar, තරග 37ක දී කඩුලු 42ක් ලබා සිටින Pat Cummins සහ Glenn Maxwell පසුවනවා.
Aaron Finch

ඔහු මේ වෙද්දී විස්සයි විස්ස තරග 83කට ක්‍රීඩා කරමින් ලකුණු 2608ක් රැස් කර ගෙන සිටිනවා. ශ්‍රී ලංකාවට එරෙහිව ඉන් තරග 9ක් ක්‍රීඩා කර ඇති Finch ලකුණු 254ක් ලබා ගෙන සිටිනවා.
Finchගේ විස්සයි විස්ස තරග ලැයිස්තුවේ ශතක දෙකක් ම ඇතුළත් වීම විශේෂයි. සිම්බාබ්වේ (172) සහ එංගලන්තයට (156) එරෙහිව රැස් කරන ලද එම ශතක දෙක ඕස්ට්‍රේලියා ක්‍රීඩකයෙක් රැස් කරන ලද පෞද්ගලික ඉහළ ම ලකුණු සංඛ්‍යා ලෙසින් ද ලැයිස්තු ගත වෙනවා.
එසේ වුවත් ඔහු අවසන් වරට ක්‍රීඩා කළ ජාත්‍යන්තර තරග 10 දී රැස් කරන්නේ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 252ක් පමණයි. නමුත් මෙවර Big Bash League තරගාවලියේ Melbourne Renegades නියෝජනය කරමින් ඔහු ඉනිම් 11ක දී ලකුණු 383ක් රැස් කරනවා.
Glenn Maxwell

දකුණතින් පිට දඟපන්දු යවන Maxwell මේ දක්වා කඩුලු 33ක් ලබා ගනිමින් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ 10 වැනි ස්ථානයේ රැඳී සිටිනවා.
Big Bash League තරගාවලියේ ඉනිම් 13ක දී ශතක දෙකක් සහ අර්ධ ශතකයක් සමගින් ලකුණු 468ක් ලබා ගනිමින් එහි සාමාන්‍ය 42.54ක් රදවාගත් උණුසුමේ ම Maxwell මේ තරගාවලියට එක් වීම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට නම් එතරම් ම හිතකර නැහැ.
Adam Zampa

තවමත් 29 වැනි වියේ පසුවෙන Zampa තමන් සහභාගී වූ අවසන් ජාත්‍යන්තර තරග 10 දී කඩුලු 17ක් දවා ගනිමින් දක්ෂතා දක්වා තිබෙනවා. එසේ වූවත් ජනවාරියේ ඔහු සහභාගී වූ Big Bash League තරගාවලියේ Melbourne Stars නියෝජනය කරමින් තරග කළ තරග 10 දී ඔහුට ලබා ගැනීමට හැකිව ඇත්තේ කඩුලු 10ක් පමණයි.
ඕස්ට්‍රේලියා පන්දු යවන බලකායේ Zampaගේ සහයෝගයට තවත් සඟයෝ කිහිප දෙනෙක් ම සිටිනවා. ඒ අතරින් ඉහත කී අයට අමතරව 31 හැවිරිදි දකුණතින් වේගපන්දු යවන Josh Hazlewood ද යමක් කරතැයි විශ්වාස කළ හැකියි. 27 හැවිරිදි දකුණත් පිතිකරු සහ කඩුලු රකින්නා ද වන Ben McDermott ද සුළුවෙන් තැකිය හැකි ක්‍රීඩකයෙක් නොවේ.
තරග කාලසටහන
- පළමු තරගය; පෙබරවාරි 11 (දහවල් 1:30) Sydney
- දෙවැනි තරගය; පෙබරවාරි 13 (දහවල් 1:40) Sydney
- තෙවැනි තරගය; පෙබරවාරි 15 (දහවල් 1:40) Canberra
- සිව්වැනි තරගය; පෙබරවාරි 18 (දහවල් 1:40) Melbourne
- පස්වැනි තරගය; පෙබරවාරි 20 (උදෑසන 11:30) Melbourne
*තරග පැවැත්වෙන වේලාවන් ශ්‍රී ලංකා වේලාවෙන් දක්වා ඇත.
ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා කණ්ඩායම් කරට කර ගැටෙන විස්සයි විස්ස තරගාවලියේ උණුසුම් ඔබට සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















